අවසර ලත් අයට පමණක් මේ ලිපිය මුහුණු පොතේ පළ කරන්න පුළුවන්.
ස්වාමිගේ හෙළිදරවුව
ආචාර්ය ස්වාමි තම බ්ලොග් අඩවියෙ පණිවුඩයක් නිකුත් කරලා කියලා දෙරණ ප්‍රවෘත්ති
ප්‍රකාශයෙහි ඊයේ ප්‍රචාරය වුණා. ස්වාමි දැන් ලංකාවෙ ම දේශපාලනඥයෙක් වෙලා වගේ. නරක
ද ඉන්දියාවට ගිහිල්ල ඔහුගෙන් වොයිස් කට් එකක් ගත්තනන්. ස්වාමි හොඳ කතාවක් කියලා
තියෙන්නෙ. ඔහුගේ පණිවුඩයෙ තියෙන්නෙ හමුදා මෙහෙයුම්වල අවසන් කාලෙ දි ඉන්දීය ආණ්ඩුව
(එවකට කොංග්‍රස්) ප්‍රභාකරන් බේරගන්න
නැවක් එවන්න ඉඳලා. එහෙත් නැව එවන්න බැරි වෙලා. ඒ පණිවුඩය ප්‍රභාකරන්ට යැවීමේ දී ප්‍රශ්නයක්
ඇති වෙලා. කොහොම හරි ප්‍රභාකරන් නැව නැති බව නොදැන යන්න එනකොට හමුදා ව වෙඩි තියලා.