ඇමති පට්ටම් හා සර්වාගමික උත්සව
ජනතා සේවකයන්ගේ තරම දැන් පේන්න පටන් අරන්. ඇමතිකම්වලට ලොකු පොරයක් තිබිලා. ගෝඨාභය කියල තියෙනවා ඇමතිවරුන් පහළොස්දෙනකුට සීමා කරනවා කියලා. පහළොස්දෙනා තෝරන්න වෙන්නෙ 50%ක් පොදුජන පෙරමුණට, 32%ක් ශ්‍රී ල නි පක්‍ෂයට, 18%ක් ඉතිරි පක්‍ෂවලට කියන සූත්‍රයට අනුව. 15න් 18%ක් කියන්නෙ 2.7ක්. 32%ක් කියන්නෙ 4.8ක්. 50%ක් කියන්නෙ 7.5ක්. මිනිසුන් දශම ගණනින් නැති නිසා මේ සංඛ්‍යා රවුම් කරන්න වෙනවා. එවිට පොදුජන පෙරමුණට 8 යි. ශ්‍රී ල නි පක්‍ෂයට 5 යිි. අනෙක් පක්‍ෂවලට 3 යි. එවිට දහසයක් වෙනවා. පහළොවක් කියන්නෙ පොඩි සංඛ්‍යාවක්. එය ප්‍රතිශත අනුව බෙදන විට සුළු වෙනස්කම් ඇති වෙන්න පුළුවන්. ශ්‍රි ල නි පක්‍ෂයට හිමි සමහර ඇමතිකම් අනෙක් පක්‍ෂවලට දෙන්න වෙලා. මේ අතර කැබිනට් නොවන අමාත්‍යවරුන් ඉන්න පුළුවන්. රාජ්‍ය ඇමතිවරුන් නම් ව්‍යවස්ථාවට අනුව බැහැ.