මෙම ලිපිය අද (මාර්තු 12)
ඉරිදා රිවිර පුවත්පතට යැවුණු නමුත් පළ නො විණි.
ඔවුන් කියන්නේ පුවත්පතෙහි ඉඩ නොමැති බව ය. මේ ලිපියට වඩා වැදගත් ලිපි රාශියක් ම
පුවත්පතෙහි පළ වී ඇති අතර ලිපියට එතරම් ඉල්ලූුමක් නැති බව ද පැහැදිලි ය. ලිපියට
ඉල්ලුමක් තිබේ නම් පුවත්පත එය පළ කරනු ඇත. ජනමාධ්‍යවේදීහු අපට වඩා ප්‍රබුද්ධයෝ
වෙති. ජනමාධ්‍යවලට නොලියා සිටීමට මා කලින් ගත් තීරණය නිවැරදි බව තහවුරු වෙයි.
ස්මාට්ි දේශප්‍රේමයක් ගැන කියන්නේ දයාන් ජයතිලකය. මා ඔහුගේ නම සඳහන්
නොකෙළේ රිවිර නම පළ නොකරාවිය යන උපකල්පනයෙනි. රිවිර ද වෙනත් ජනමාධ්‍ය ද ජාතික ව්‍යාපාරය
ද ඒකාබද්ධ විපක්‍ෂය ද ඔහුට ඉමහත් ගෞරවයක් දක්වන බව පැහැදිලි ය. ඔවුන්ට
අද අවශ්‍ය වී ඇත්තේ ස්මාට් ජාතික ව්‍යාපාරයක් විය හැකි ය. නලින් ද සිල්වා