Main Logo

Showing posts with label Trump. Show all posts
Showing posts with label Trump. Show all posts

Wednesday, 1 July 2020

කොවිඩ් ට්‍රම්ප් හා බටහිර විද්‍යාව

                        

                                                 සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3    5  6  7  8  9


කොවිඩ් ට්‍රම්ප් හා බටහිර විද්‍යාව

ඇතැමුනට අනුව එක්සත් රාජ්‍යවල (ඇමරිකාවේ) කොවිඩ් 19 පාලනය කර ගැනීමට නොහැකි වී ඇත්තේ ට්‍රම්ප් (බටහිර) විද්‍යාව නොසලකා හැරි නිසයි. මේ කියන අය ඊනියා විිද්‍යාඥයන් ද කියා මා දන්නේ නැහැ. එහෙත් මොවුන්ගේ ප්‍රකාශවලින් පැහැදිලි වන කරුණක් නම් මොවුන් බටහිර විද්‍යාව වුවත් ඉගෙන ගෙන නැති බවයි. පඬි නැට්ටකු සුපුරුදු පරිදි කියන්න පුළුවන් මා ඉන් කරන්නේ බටහිර විද්‍යාව අගය කිරීමක් බව. මා එයින් කියන්නේ ඔවුන් අගය කරන බටහිර විද්‍යාවවත් ඔවුන් ඉගෙන ගෙන නැති බවයි. බටහිර විද්‍යාවේත් අද නිව්ටන්ගේ කාලයේ තරම්වත් සාධාරණ (general) පරීක්‍ෂණ කෙරෙන්නේ නැහැ. සමහර විට එක් නිරීක්‍ෂණයකින් පමණක් නිගමනවලට එනවා. ඇතැම් පරීක්‍ෂණවලට විශාල මුදලක් යන බැවින් ඒ පරීක්‍ෂණ නැවත නැවත කිරීමේ හැකියාවක් නැහැ. 

Tuesday, 16 June 2020

දෙමළ වෙල්ලාල ජාතිවාදයෙන් බිඳක්

         
                                                   සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3    4  5  6  7  8  9







දෙමළ වෙල්ලාල ජාතිවාදයෙන් බිඳක්

මෙරට බෙදීම ගැන ඉංගිරිසි මිෂනාරීන් කතා කර ඇත්තේ 1802 තරම් ඈතක ගාල්ලේ දී. අවශ්‍ය සාධක පියසිරි අමරකෝන් මහතාගෙන්. එහෙත් අවුරුදු දෙසීයකට පසුත් ඔවුන්ට තම වුවමනාව  ඉටු කර ගැනීමට නොහැකි වෙලා. 1802 සිට කෝල්බෘක් කැමරන් සිංහල බෞද්ධ විරෝධී යෝජනා, ව්‍යවස්ථාදායක මණ්ඩලය, නිල ලත් - නිල නොලත් මන්ත්‍රීන්, ඊනියා උගත් අය සඳහා 1912 දී ලබා දුන් ඡන්ද බලය, වෙල්ලාල කුුලවාදය, කුමාරස්වාමි - පොන්නම්බලම් පවුල් ආධිපත්‍යය, පොන්නම්බලම් රාමනාදන් හා පොන්නම්බලම් අරුණාෂලම් දෙමළ ආධිපත්‍යයක් සඳහා කළ සටන, අරුණාශලම් පිහිටු වූ පළමු ජාතිවාදී සංවිධානය වූ හින්දු මහා සභාව, ජී ජී පොන්නම්බලම්ගේ රාජ්‍ය මණ්ත්‍රණ සභාවේ පනහට පනහ ඉල්ලීම (මෙහි අදහස වූයේ සිංහල නොවන්නන්ට මන්ත්‍රී ධුර 50%ක් දී ඉතිරි 50% සියල්ලන් අතර බෙදීමයි. ඉන් ඉතා පැහැදිලි ව ම සිංහලයන් මන්ත්‍රී මණ්ඩලයේ සුළුතරය බවට පත් වීමට තිබුණා), දෙමළ වෙල්ලාල නායකයන් සෝල්බරි කොමිසම හමුවට ගොස් යෝජිත පාර්ලිමේන්තුවේ සිංහලයන් බහුතරය නොවන ලෙස ආසන නිර්ණය කිරීමට කරන ලද ඉල්ලීම, සී සුන්දරලිංගම් ඊළොම් (EYLOM) යනුවෙන් පළමු වරට  ඊළාම් සංකල්පය යෝජනා කිරීම, පළමු පාර්ලිමේන්තුවේ රාජාසන කතා විවාදයේ දී ඊ එම් වී නාගනාදන් දෙමළ ජනයා සිංහලයන්ගෙන් නිිදහස් විය යුතු බව පැවසීම, 1949 දී චෙල්වනායගම්ගේ නායකත්වයෙන් ඉලංකෙයි තමිල් අරසු කච්චි හෙවත් දෙමළ රාජ්‍ය පක්‍ෂය පිහිටුවීම ආදිය හරහා ප්‍රභාකරන්ගේ සීයලාගේ හා බාප්පලාගේ දෙමළ වෙල්ලාල සිංහල විරෝධී ජාතිවාදය වර්ධනය කෙරුණා. මේ සියල්ල වූයේ 1956ට පෙර බව අමතක කරන්න එපා. 

Tuesday, 21 April 2020

පාස්කු ප්‍රහාරය හා කොවිඩ් 19

෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯
                                                       සිංහල ලිත් ඉලක්කම්
0  1   2    3    4   5  6  7  8  9 





පාස්කු ප්‍රහාරය හා කොවිඩ් 19 



අද ඉරිදාවක් නොවෙයි. ඒත් අදට ගිය අවුරුද්දෙ පාස්කු ඉරිදා ගෙවිල වසරක් ගත වෙනවා. පාස්කුව යුදෙව්වන්ගෙන් ලැබුණු එකක්. ඒක චන්ද්‍ර දින දර්ශනය මත පදනම් වෙලා තියෙන්නෙ. පාස්කු දිනය ජූලියන් දින දර්ශනයට අනුව වසරින් වසර හුඟක් වෙනස් වුණා. ග්‍රෙගරියානු දින දර්ශනය සකස් කිරීමටත් මේ කරුණ මුල් වුණා. පාස්කු ප්‍රහාරය පන්සල්වලට එල්ල කෙළෙ නැත්තෙ ඇයි කියල බොහෝ දෙනා ඇහුව. මාත් ඇහුව. මා යම් යම් පිළිතුරුත් දුන්න. මුස්ලිම් අන්තවාදීන්ට සිංහල බෞද්ධයන් උසි ගැන්වීමට වුවමනාවක් නොතිබුණේ ඇයි?  පසුව අපි ඒ ගැන කෙටියෙන් කතා කරමු. දැනට නැවතත් කෙටියෙන් මැතිවරණය හා ඊයේ ජනාධිපති - ලලිත් වීරතුංග සාකච්ඡාව ගැන යමක් කියන්න ඕන. 

Saturday, 4 April 2020

අහෝ රාවුෆ් නොදිටි මොක්පුර

 සිංහල ලිත් ඉලක්කම් 


අහෝ රාවුෆ් නොදිටි මොක්පුර 



දිනක් මා කොළඹ මහජන පුස්තකාල ශාලාවේ කතාවක් කරමින් සිටින විට පුස්තකාලයේ පාඩම් කරමින් සිටි උසස් පෙළ සිසුවකු තේ බීමට යන ගමන් ශාලාවේ දොරකින් එබී බලා මා නලින් ද සිල්වා බව දැන ගැනීමෙන් පසු අසා තිබෙනවා මෙයා ද අර ෆිසික්ස් බොරු කියල කියන්නෙ කියා. ඒ බව මා දැන ගත්තේ රැස්වීමෙන් පසුව. අද මා බටහිර විද්‍යාව පට්ටපල් බොරු කියල තියෙනව නේ ද කියා කියන ඊනියා උගතුන් බුද්ධිමතුන් සහ අර සිසුවා අතර වෙනසක් නැහැ.

Friday, 3 April 2020

සුමන්තිරන් මොකාට ද එන්නෙ

 සිංහල ලිත් ඉලක්කම්


සුමන්තිරන් මොකාට ද එන්නෙ 




කොරෝනාවට විරුද්ධ ව අද සියලු කටයුතු මෙහෙයවන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ බව අමුතුවෙන් කියන්න ඕන නැහැ. විවිධ කමිටු තියෙන්න පුළුවන්. ඒ කමිටුවල සභාපතිවරුන් සාමාජිකයන් ඉන්න පුළුවන්. එහෙත් අවසානයේ තීරණ ගැනෙන්නේ ජනාධිපති දැනුවත්ව ය කියා මා විශ්වාස කරනවා. ඒ මගේ විශ්වාසයයි. එහෙත් මට හූණ කියන්න වගේ කියන්න පුළුවන් මොකක් හරි වැරදිලා ගියොත් එයට වරදකරුවා වන්නේ ජනාධිපති!

Friday, 27 March 2020

Covid and insanity

     සිංහල ලිත් ඉලක්කම්


This article is from Science News (26 March 2020) published by the American Association for the
Advancement of Science. You can make a decision as to where insanity is. Remember Sajith and 
Plaquenil.





‘This is insane!’ Many scientists lament Trump’s embrace of risky
malaria drugs for coronavirus

By Charles PillerMar. 26, 2020 , 11:30 AM

When President Donald Trump recently touted the common malaria treatments hydroxychloroquine
and chloroquine as potential remedies for coronavirus disease 2019 (COVID-19), he ignited
unprecedented demand for the drugs—and set scientists’ teeth on edge. Although the World Health
Organization (WHO) agrees the compounds are worth testing more fully on the pandemic
coronavirus, few drug or infectious disease experts—not even the president’s own advisers—share
his optimism that the drugs could become “one of the biggest game changers in the history of
medicine,” as he tweeted. And many are critical of the small French clinical study of just 42 patients
that seems to have touched off most of the excitement.

Friday, 7 February 2020

ට්‍රම්ප් හා ජාතිකත්වය

       සිංහල ලිත් ඉලක්කම්


ට්‍රම්ප් හා ජාතිකත්වය

මේ ජනාධිපතිවරණ වසරක්. ලංකාවේ නොව ඇමරිකාවේ. එනම් එක්සත් රාජ්‍යවල. ට්‍රම්ප් රිපබ්ලිකන් පක්‍ෂයේ අපේක්‍ෂකයා වේවි. ඩෙමොක්‍රටික් පක්‍ෂය නැවතත් සැන්ඩර්ස් කෙනකු සොයන එකක් නැහැ. සැන්ඩර්ස්ලා, එංගලන්තයේ කෝබින්ලා බටහිර සමාජ ප්‍රජාතන්ත්‍රවාදය නියෝජනය කරන්නන්. අද සමාජ ප්‍රජාතන්ත්‍රවාදයට තැනක් නැහැ. සමාජ ප්‍රජාතන්ත්‍රවාදයේ ඊනියා ජාත්‍යන්තරවාදයක් තියෙනවා. එහෙත් එය අද ලෝකයේ නැහැ. 

Thursday, 28 November 2019

ගෝඨාභය මෝදි හමුව

    සිංහල ලිත් ඉලක්කම්


ගෝඨාභය මෝදි හමුව



ජනාධිපති ගෝඨාභය අද රෑ ඉන්දියාව බලා පිටත්වෙනවා.  ඉන්දියාව හා චීනය අද ආසියාවෙ විතරක් නොවෙයි ලෝකෙ ම බලවත්තු. එතකොට ලංකාව. අපිත් බලවත්. මා හිතන්නේ අපට තිබෙන ලොකු ම ප්‍රශ්නයක් තමයි අප කුඩා රටක් කියල හිතීම. අප කුඩා කියා හිතන තාක් අප කුඩායි. අප අනුන් කියන දේ පමණක් කරන පිරිසක් හැටියට ඉන්න තාක් කිසිවකු අප  මායිම් කරන එකක් නැහැ. 

Tuesday, 2 October 2018

ට්‍රම්ප් ගොඩ නගන ලෝකය


ට්‍රම්ප් ගොඩ නගන ලෝකය



මෙවර එක්සත් ජාතීන්ගේ සංවිධානය අමතා එක්සත් රාජ්‍යයන්හි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ කතාව අලුත් ලෝකයකට දේශපාලන වශයෙන් මුල පුරන කතාවක්. ට්‍රම්ප් 2016 දී ජනාධිපතිවරණයට ඉදිරිපත් වල කාලයේ දී ම ඔහු අලුත් මගක් ගන්නා බව පෙනී ගියා. ඒ මග ජාතිකත්වයේ මග. මා ඒ බව ඒ දිනවල ම සඳහන් කළා. ට්‍රම්ප් එක්සත් ජාතීන්ගේ සංවිධානය අමතා කළ දෙවැනි කතාවෙන් තම ප්‍රතිපත්තිය ලොවට ම ඇහෙන්න කිව්වා.

Monday, 1 October 2018

ගෝඨාභය, ඉන්දියාව බටහිර හා කිඹුලි

අවසර ලත් අයට පමණක් මේ ලිපිය මුහුණු පොතේ පළ කරන්න පුළුවන්.



ගෝඨාභය, ඉන්දියාව බටහිර හා කිඹුලි



කොටි පරාද කිරීමේ දී ස්ථිර අධිෂ්ඨානයකින් යුක්ත ව එයට දායක වූයේ ගෝඨාභය රාජපක්‍ෂයි. මහින්දට පවා තීරණයක් ගැනීමට අපහසු වූ අවස්ථාවල ගෝඨාභය මහින්දටත් ශක්තිය සපයා දී තිබෙනවා. දැන් අහන්න එපා ශක්තිය සැපයීම කියන්නෙ මොකක් ද කියලා. ගෝඨාභය ශක්තිය සැපයූ ආකාරය දැනගැනීම සඳහා විවිධ අය ලියා ඇති දේ කියවන්න. විශේෂයෙන් අපට විරුද්ධ අය කියා ඇති දේ කියවන්න. මා එතනින් එහාට ඒ ගැන කියන්නේ නැහැ. එහෙත් මට ප්‍රශ්නයක් ව තියෙනවා ගෝඨාභය ජනාධිපති අපේක්‍ෂක ලෙස නම් කරන්න පොහොට්ටුව මෙතරම් ප්‍රමාද වන්නේ ඇයි කියා. මට ඒ ගැන සැකයක් තියෙනවා. ඒ ඇමරිකානු රටවැසිකම නිසා හටගත් ප්‍රශ්නයක් ද? වෙනත් එකක් ද?

Sunday, 5 August 2018

කළ යුත්තේ කුමක් ද?


කළ යුත්තේ කුමක් ද?



මේ ලෙනින්ගෙ පොතක නම. ඒත් ලිපිය ලෙනින් අනුගමනය කරන්න නො වෙයි. අප්පච්චි මොකද කරන්නෙ කියන ලිපියට  සුපුරුදු පරිදි මහින්දවාදීන් ඇතුළු තවත් බොහෝ දෙනකුට කේන්ති ගිහිල්ලා. මහා දාර්ශනිකයා කියන්නෙ එහි ඉන්දීය හා බටහිර බලපෑම් ගැන කිසිවක් නැති බව. මේ ලිපි  ලියන්නෙ ඒ බලපෑම් ගැනත් කියන්නට. එහෙත් හැම ලිපියක ම ඒක ලියන්න ඕන නැහැ. මා ළඟදී ම මහා දාර්ශනිකයා හමුවීමට බලාපොරොත්තුවෙනවා. ඔහුටත් තවත් බොහෝ දෙනකුටත් ප්‍රශ්නය වී තිබෙන්නේ මා මෛත්‍රිපාල ගැන කියන දේ. ඔවුන් මෑතක් වන තුරු ම කියා සිටියේ මෛත්‍රිපාල හා රනිල් රංගනයක යෙදෙන බව. අපි තරහයි නාට්‍යයට දැන් අධ්‍යක්‍ෂවරයකු නැති පාටයි.

Sunday, 15 July 2018

ට්‍රම්ප් සිරිසේන හා තවත් අය


ට්‍රම්ප් සිරිසේන හා තවත් අය



ඉඳුනිල් ප්‍රසන්න ට්‍රම්ප් හා සිරිසේන ගැන කෙටි සටහනක් ලියා තිබුණා. ඒ එලිසබෙත් වින්ඩ්සර් ඉදිරියේ දෙදෙනා හැසිරුණු ආකාරය පිළිබඳ ව. ට්‍රම්ප් හැසුරුණු ආකාරය ගැන එංගලන්තයේ විවේචන පළ වී තිබුණා. ඒ රජ පවුල අවශ්‍ය යැයි කියන අයගෙන් පමණක් නො වෙයි. එංගලන්තයේ වැසියන් රජ පවුලට ගෞරවයක් දක්වනවා. මට මතකයි කලකට පෙර කවුදෝ කියා තිබුණා අනාගතයේ දී ඉතිරිවන්නේ එංගලන්තයේ රජු හා රැජිනයි කඩදාසි කූට්ටමේ රජුන් හා රැජිනලා පමණයි කියා. තවත් රටවල් කිහිපයකත් තවමත් රජ පවුල් තිබෙන නමුත් එංගලන්තයේ රජ පවුලට ඇති වැදගත්කම අනෙක් රජ පවුල්වලට ලැබෙන්නේ නැහැ කියා. එංගලන්තයේ හැරී වින්ඩ්සර්ගේ මඟුල ගැන ලංකාවේත් ලොකු උනන්දුවක් තිබුණා.

Thursday, 21 June 2018

ට්‍රම්ප් සෙයිඩ් කුමරු අත්හරියි




ට්‍රම්ප් සෙයිඩ් කුමරු අත්හරියි



ඇමරිකා එක්සත් රාජ්‍ය එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් මණ්ඩලයෙන් අස්වෙලා. රාජ්‍ය ලේකම් ද සහභාගි වූ මාධ්‍ය හමුවක දී ඔවුන් පවසා ඇත්තේ මානව අයිතිවාසිකම් මණ්ඩලය දේශපාලන වශයෙන් පක්‍ෂපාති වළක් බවත් තමන්ට ම සේවය කරගන්නා ආයතනයක් බවයි. ඒ මණ්ඩලයෙන් මානව අයිතිවාසිකම් විගඩමක් බවට පත්වී ඇති බවත් කියා තිබෙනවා. මේ තීරණය පිටුපස ඇත්තේ ඊශ්‍රායල ගාසා තීරයේ සිදු කර ඇතැයි කියන මානව අයිතිවාසිකම් කඩ කරීම්වලට විරුද්ධව මානව අයිතිවාසිකම් මණ්ඩලය යෝජනා සම්මත කිරීම්.

Wednesday, 13 June 2018

ට්‍රම්ප් හා කිම්


ට්‍රම්ප් හා කිම්





ජනාධිපති ට්‍රම්ප් හා සභාපති කිම් සිංගප්පූරුවේ දී හමුවෙලා. සාකච්ඡා කරලා. ඒකාබද්ධ ව ප්‍රකාශයක් නිකුත් කරලා. ප්‍රකාශයේ එතරම් වැදගත් දෙයක් නැහැ. ට්‍රම්ප් පොරොන්දුවෙලා දකුණු කොරියාවත් සමග පවත්වන යුද අභ්‍යාස නවත්වන්න. කිම් කිසිම පොරොන්දුවක් දී නැති පාටයි. ඒත් යුද්ධ කතා ටිකක් සමනය වේවි.

Thursday, 1 June 2017

ට්‍රම්ප් නිව්ටන් හා දෙවියෝ


ට්‍රම්ප් නිව්ටන් හා දෙවියෝ



ට්‍රම්ප් පැරිස් කාලගුණ සම්මුතියෙන් ඉවත් වීමට තීරණය කරලා. ඒ පිළිබඳ නිල ප්‍රකාශය ඉදිරි දින කිහිපයෙහි කිරීමට නියමිතයි. ට්‍රම්ප් මොන තරම් වැරදි කළත් ජාතිකවාදියෙක්. ඔහු දේශපාලනඥයකු ලෙස පරිණත නැහැ. ඔහු වැරදි කරන්නේ එබැවිනුයි. එහෙත් ඔහු ජාත්‍යන්තර සුපිරිව්‍යුහයට විරුද්ධයි. ට්‍රම්ප් ප්‍රංශයේ ලෙ පෙන් ආදීන්ගේ දේශපාලනය හුදු ජනප්‍රියවාදයක් නො වෙයි. මොවුන් ඊනියා ගෝලීයකරණයට, ජාත්‍යන්තරවාදයට විරුද්ධයි. ට්‍රම්ප් පැරිස් සම්මුතියෙන් ඉවත් වන්නේ කරුණු කිහිපයක් හේතුකොට ගෙන. ඒ අතර ආර්ථික හේතු තියෙනවා. පැරිස් සම්මුතියෙන් නිෂ්පාදනයට පහරක් වදින බව ඔහු සිතනවා. ඒ අතර තවත් වැදගත් හේතුවක් තියෙනවා. ඔහු කාලගුණය ගැන විද්‍යාඥයන් කියන දේ පිළිගන්නේ නැහැ. සමස්තයක් ලෙස විද්‍යාවටත් අකමැතියි. අද විද්‍යාව ජාත්‍යන්තර සුපිරිව්‍යුහයෙහි ආගම බවට පත්වෙලා. විද්‍යාඥයන් තමයි පූජකයන්. ඒ් ආගම හා පූජකයන් විවේචනය කරන විට ඒ ආගමිකයන්ට කේන්ති යනවා.  ට්‍රම්ප් ඒ පූජකයන්ට අකමැතියි. ඔහු විද්‍යාවට වෙන් කරන මුදල් කපා හරිනවා.

Tuesday, 7 March 2017

ස්මාට් දේශප්‍රේමියෝ


ස්මාට් දේශප්‍රේමියෝ



ජෙනීවා නගරයේ ඊනියා මානව අයිතිවාසිකම් කොමිසමේ හුසේන් කුමාරයා ගැන සමහර බටහිර රටවල් ම දොස් කියනවා හුසේන් තමන්ගෙ රටවල වැඩවලට ඇඟිලි ගහනවා කියලා. මේ ප්‍රශ්න ගැන කතාකරන්න අපි කවුද කියලා ස්මාට් දේශප්‍රේමියො අහන්න පුළුවන්. දේශප්‍රේමියොත් දැන් ස්මාට් හා ස්මාට් නැති ගණවලට බෙදලා. ඒක ප්‍රබුද්ධ පීචං බෙදිල්ලට හපන්. ස්මාට්  දේශප්‍රේමියො ඊනියා ජාත්‍යන්තර සම්බන්ධකම් ගැන දන්නවලු. අනෙක් දේශප්‍රේමියො එ ගැන දන්නෙ නැද්ද දන්නෙ නැහැ. ස්මාට් දේශප්‍රේමියො ස්මාට් ෆෝන් පාවිච්චි කරලා හුසේන්ට එහෙම කතා කරනව ද දන්නෙ නැහැ. අද සමහරුන් ජාතිකත්වය මොඩ් කරන්න කතා කරනවා. මේ අය හිතන්නෙ ජාතිකවාදීන් කිසිම දෙයක් නොදන්න පැරණි දේ ගැන පමණක් කියවන මෝඩ රැළක් කියලා.

Saturday, 25 February 2017

පශ්චාත් සත්‍යය


පශ්චාත් සත්‍යය



පසුගිය වසරේ ඉංගිරිසි භාෂාවට අලුතෙන් එකතු වූ ව්‍යවහාර අතරින් වඩාත් ම ජනප්‍රිය වී ඇත්තේ පශ්චාත් සත්‍යය හෙවත් පෝස්ට් ට්රුත් යන්නයි. මෙහි පශ්චාත් යන්නෙන් පෙන්නුම් කෙරෙන්නේ බටහිර ග්‍රීක යුදෙවු චින්තනයේ කඩා වැටීම මිස අනෙකක් නො වෙයි. දැන් කාලයක සිට බටහිර සමාජයීය විද්‍යාඥයන් පශ්චාත් යන්න යොදා ගන්නවා. පශ්චාත් ඉන්ද්‍රියානුභූතවාදය, පශ්චාත් ව්‍යුහවාදය යනු ඒ බංකොළොත් කමට උදාහරණ පමණයි. වඩාත් ම බංකොළොත් බව හෙළිවන්නේ පශ්චාත් නූතනත්වය හා පශ්චාත් නූතනවාදය යන ව්‍යවහාරවලයි. ඊනියා නූතනත්වය එලෙස නම් කිරීමෙන් ම පළවන්නේ බටහිරයන්ගේ උද්ධච්ඡ භාවය.

Friday, 10 February 2017

ට්‍රම්ප්ගේ අවශ්‍යතාව හා අපරිණතභාවය

ට්‍රම්ප්ගේ අවශ්‍යතාව හා අපරිණතභාවය


අදාළ සබැඳිය


Thursday, 9 February 2017

කැලිෆෝනියාව වෙන් වෙයි ද?

කැලිෆෝනියාව වෙන් වෙයි ද?

පසුගිය ජනවාරි විසිහත්වැනි දා නිවුස්වීක් සඟරාවේ ලිපියක කැලිෆෝනියාව එක්සත් රාජ්‍යවලින් වෙන් වීම පිළිබඳ ප්‍රශ්නය නගා තිබුණා. එය අද සිදුවිය හැකි දෙයක් නො වෙයි. එහෙත් ඒ ගැන කතා කිරීම වුනත් වැදගත්. එක්සත් රාජ්‍ය ලෝකයේ බලවත් ම සන්ධීය රාජ්‍යය බව අමුතුවෙන් කියන්න වුවමනා නැහැ. එහෙත් කැලිෆෝනියාව වෙන්වීමක් ගැන අදහසක් වුනත් ඉදිරිපත් වීමට ඒ බලගතු රාජ්‍යයේ වුවත් ඉඩක් තිබෙනවා. එක්සත් රාජ්‍ය යනු රාජ්‍ය කිහිපයක එකතුවෙන් සැදුම් ලත් සන්ධීය රාජ්‍යයක්. එය ඒකීය රාජ්‍යයක් කඩා බිඳ දමා නිර්මාණය කරන ලද සන්ධීය රාජ්‍යයක් නො වෙයි.

Saturday, 21 January 2017

ට්‍රම්ප් හා සුපිරිව්‍යුහය

ට්‍රම්ප් හා සුපිරිව්‍යුහය

ඊයේ ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් රාජ්‍යවල හතළිස්පස්වැනි ජනාධිපති ලෙස දිවුරුම් දුන්නා. ඔහු දිවුරුම් දීමෙන් පසු කළ කතාවේ දී කියා සිටියා මින් මතු එක්සත් රාජ්‍යයේ හමුදාවට පහසුකම් සැපයීමට මිස විදේශීය රාජ්‍යවල හමුදාවල ශක්තිය වැඩි කිරීමට ආධාර නොකරන බව. එමෙන් ම ඔහු කියා සිටියා විදේශවල කටයුතුවලට මැදිහත් නොවන බවත් අනෙක් රටවල් තම තමන්ගේ කටයුතු බලාකියා ගත යුතු බවත්. සී අයි ඒ සංවිධානය හා රාජ්‍ය දෙපාර්තමේන්තුව ඒ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට ට්‍රම්ප්ට ඉඩ හරීවි ද යන්න ප්‍රශ්නයක්. ඔහුගේ කතාව ජාත්‍යන්තර සුපිරිව්‍යුහයට ප්‍රශ්න ඇති කළ බවට සැකයක් නැහැ.