Main Logo

Tuesday 16 June 2020

දෙමළ වෙල්ලාල ජාතිවාදයෙන් බිඳක්

         
                                                   සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3    4  5  6  7  8  9







දෙමළ වෙල්ලාල ජාතිවාදයෙන් බිඳක්

මෙරට බෙදීම ගැන ඉංගිරිසි මිෂනාරීන් කතා කර ඇත්තේ 1802 තරම් ඈතක ගාල්ලේ දී. අවශ්‍ය සාධක පියසිරි අමරකෝන් මහතාගෙන්. එහෙත් අවුරුදු දෙසීයකට පසුත් ඔවුන්ට තම වුවමනාව  ඉටු කර ගැනීමට නොහැකි වෙලා. 1802 සිට කෝල්බෘක් කැමරන් සිංහල බෞද්ධ විරෝධී යෝජනා, ව්‍යවස්ථාදායක මණ්ඩලය, නිල ලත් - නිල නොලත් මන්ත්‍රීන්, ඊනියා උගත් අය සඳහා 1912 දී ලබා දුන් ඡන්ද බලය, වෙල්ලාල කුුලවාදය, කුමාරස්වාමි - පොන්නම්බලම් පවුල් ආධිපත්‍යය, පොන්නම්බලම් රාමනාදන් හා පොන්නම්බලම් අරුණාෂලම් දෙමළ ආධිපත්‍යයක් සඳහා කළ සටන, අරුණාශලම් පිහිටු වූ පළමු ජාතිවාදී සංවිධානය වූ හින්දු මහා සභාව, ජී ජී පොන්නම්බලම්ගේ රාජ්‍ය මණ්ත්‍රණ සභාවේ පනහට පනහ ඉල්ලීම (මෙහි අදහස වූයේ සිංහල නොවන්නන්ට මන්ත්‍රී ධුර 50%ක් දී ඉතිරි 50% සියල්ලන් අතර බෙදීමයි. ඉන් ඉතා පැහැදිලි ව ම සිංහලයන් මන්ත්‍රී මණ්ඩලයේ සුළුතරය බවට පත් වීමට තිබුණා), දෙමළ වෙල්ලාල නායකයන් සෝල්බරි කොමිසම හමුවට ගොස් යෝජිත පාර්ලිමේන්තුවේ සිංහලයන් බහුතරය නොවන ලෙස ආසන නිර්ණය කිරීමට කරන ලද ඉල්ලීම, සී සුන්දරලිංගම් ඊළොම් (EYLOM) යනුවෙන් පළමු වරට  ඊළාම් සංකල්පය යෝජනා කිරීම, පළමු පාර්ලිමේන්තුවේ රාජාසන කතා විවාදයේ දී ඊ එම් වී නාගනාදන් දෙමළ ජනයා සිංහලයන්ගෙන් නිිදහස් විය යුතු බව පැවසීම, 1949 දී චෙල්වනායගම්ගේ නායකත්වයෙන් ඉලංකෙයි තමිල් අරසු කච්චි හෙවත් දෙමළ රාජ්‍ය පක්‍ෂය පිහිටුවීම ආදිය හරහා ප්‍රභාකරන්ගේ සීයලාගේ හා බාප්පලාගේ දෙමළ වෙල්ලාල සිංහල විරෝධී ජාතිවාදය වර්ධනය කෙරුණා. මේ සියල්ල වූයේ 1956ට පෙර බව අමතක කරන්න එපා. 

මෙහි ඇති ලක්‍ෂණයක් නම් මේ නායකයන් සියල්ලන් ම වෙල්ලාල ක්‍රිස්තියානි දෙකෙන් එකක්වත් වීම. පොන්නම්බලම් කුමාරස්වාමි පවුල පසුව හින්දු වූ නමුත් ඔවුන් පැවත එන්නේ ඇංග්ලිකන් ක්‍රිස්තියානින්ගෙන්. චෙල්වනායගම් හා නාගනාදන් ඒ වන විටත් ඇංග්ලිකන් ක්‍රිස්තියානි. එහෙත් පසුව හින්දූන් මේ දෙමළ වෙල්ලාල ජාතිවාදී ව්‍යාපාරයේ නායකත්වය ගත්තා. ඈංග්ලිකන් ක්‍රිස්තියානි හූල්ට අද තරමක් කේන්ති ගොස් සිටින්නේ මේ නායකත්වය ක්‍රිස්තානීන්ගෙන් හින්දූන්ට යැම නිසාත්. ඔහු අරුමුගම් නවලාර්ට විරුද්ධව තම සීයලාගේ කියුම් කෙරුම් ඉදිරියට ගන්නේ මේ නායකත්ව ප්‍රශ්නය නිසයි. 

දෙමළ ජාතිවාදය දකුණු ඉන්දියාවේ ඇතිකරනු ලැබුයේත් ක්‍රිස්තියානි පූජකයන් විසින්. හින්දි හින්දු නායකත්වයට විරුද්ධ ව ඉංගිරිසින් මුස්ලිමුන් මෙන් ම දෙමළ ජනයා ද උසිගැන්නුවා. ඔවුන් දෙමළ ජනයා ඒ සඳහා යොදා ගැනීමට ඓතිහාසික සාධක තියෙනවා. (ඉතිහාසය ගැන කියන්න පුළුවන් ක්‍රිස්තියානි පූජකවරයකු වූ ජී සී මෙන්ඩිස්ගේ ගෝල බාලයන්ට පමණක් ද යන ප්‍රශ්නය තියෙනවා. පේරාදෙණියේ ඉතිහාස අධ්‍යයනංශය සිංහල බෞද්ධ විරෝධී තෝතැන්නක් බවට පත්කෙරුණේ ජී සි මෙන්දිස් විසින්). මොනයම් හේතුවක් නිසා හරි ඒ වන විට ඉන්දියාවේ වඩාත් ම බටහිර ගැති ව සිටියේ දෙමළ ජනයා. ලන්දේසීන් වහලුන් මෙන් වෙල්ලාලයන් ලංකාවට දකුණු අප්‍රිකාවට ගෙන ගියා. ඔවුන් මළයාලම් කතා කළ කේරළයේ හරි තෙළිඟු කතා කළ ආන්ද්‍රයේ හරි කන්නඩ කතා කළ කර්නාටකයේ අය හරි වෙනත් ද්‍රවිඩ ජනයා හරි ඒ සඳහා යොදා ගත්තේ නැහැ. දකුණු ඉන්දියාවේ ඇතැම් දෙමළ ජනයා බටහිරයන්ට සේවය කිරීමට සෑදී පැදී සිටියාක් මෙන්. මෙයට හේතුව පැහැදිලි නැහැ. චෝල අධිරාජ්‍යය කඩා වැටීමෙන් පසු ඇති වූ තත්වයක් ද? 

කෙසේ වෙතත් ඉංගිරිසින් ද ඒ ඒ රටවලට ගෙන ගියේ දෙමළ ජනයා. ඒ අතර ඉංගිරිසින් දකුණු ඉන්දියාවේ දෙමළ ක්‍රිස්තියානි පූජකයන් ලවා උතුරට විරුද්ධව විවිධ මත නිර්මාණය කිරීමට යොදා ගත්තා. දෙමළ භාෂාවේ පෞරාණිකත්වය, දෙමළ ප්‍රෞඪබව ආදිය ප්‍රචාරය කෙරුණා. ඇතැම් විට මොගෙන්ජදාරෝ හරප්පාත් දෙමළ කියන මතයකට  පණ පොවන්න උත්සාහ කළා. ඒ අතර ඉංගිරිසින් දෙමළ ජනයා කුලී කරුවන් ලෙස වෙනත් රටවලට රැගෙන ගියා. අපේ රටේ වත්මන් නැගෙනහිර පළාතෙත් කඳුකරයේත් ඉන්නේ ඉංගිරිසින් එසේ ගෙනෙනු ලැබූ දෙමළ ජනයාගෙන් පැවත එන්නන්. ඔවුන් දෙමළ ජනකොට්ඨාස දෙකක්. ඉංගිරිසින් සිංහලයන්ට විරුද්ධ සටනට මොවුන් යොදා ගත්තේ නැහැ. ඔවුන් යොදා ගත්තේ ක්‍රිස්තියානින්,  නැත්නම් ක්‍රිස්තියානි සම්භවයක් ඇති හින්දු වෙල්ලාලයන්. 

හැත්තෑ ගණන්වල ජ වි පෙ ආභාසය ලැබූ දෙමළ තරුණයන් සිංහල බෞද්ධයන්ට එරෙහි ව ආයුධ අතට ගත්තා. මුල දී මහේස්වරන් ආදී නායකයන් ද සිටි නමුත් පසුව ප්‍රභාකරන් අනෙක් අය ඝාතනය කර, පරාජය කර සිංහල බෞද්ධ විරෝධී සටනේ තනි අයිතිය තමා ට ලබා ගත්තා. දෙමළ ක්‍රිස්තියානි/කතෝලික පූජකවරු මේ දෙමළ ජාතිවාදී ත්‍රස්තවාදයට සහාය දුන්නා. කොටි හාමුදුරුවරුන් ඝාතනය කළා. එහෙත් කොටි කතෝලික පූජකවරුන් එලෙස ඝාතනය කෙළේ නැහැ. කොටි දළදා මාළිගාවට පහර දුන්නා. ඔවුන් ශ්‍රී මහා බෝධින් වහන්සේ අසල අර ප්‍රබුද්ධ යැයි කියන කසඩ නළුවාට අවශ්‍ය අන්දමට අරක්කු බීවා ද කියා දන්නේ නැහැ. මෙවැන්නන් සිංහල බෞද්ධ විරෝධී වීමෙන් වීරයන් වීමට දඟලනවා. මේ හීනමානය සුව කරන්න බැහැ. තමළු පියදිගම කියන මතුමහලෙන් පාරට බැස්ස කෙනා කවුරුන් වුවත් ඔහු මෙන්. 

මෙහි දී මට පොඩි එකතු කිරීමක් කරන්න ඕන. තමළු කා ගැන කියනවා ද දන්නේ නැහැ. එහෙත් මතුමහලෙන් පාරට පැමිණීම කෙසේ වෙතත් කාණුවෙන් පාරට පැමිණ මා හිටියේ මතු මාලයේ කියා කෑ ගසන අය නම් මා දැක තිබෙනවා. කෙසේ නමුත් කොටි ශ්‍රී මහා බෝධීන් අසල මිනී මැරුවා. දළදා මාලිගාවට පහර දුන්නා. කොටි එලෙස ප්‍රසිද්ධ පල්ලියකට පහර දුන්නා ද කියා දැන ගැනීමට නැහැ. හැත්තෑ ගණන්වලින් පසු ඉතිහාසය මා කියන්න යන්නේ නැහැ.

ප්‍රභාකරන් ඇතුළු දෙමළ හින්දුන්  දැනුවත් ව හෝ නොදැනුවත් ව හෝ සිංහල බෞද්ධයන්ට එරෙහි ව ඉංගිරිසින් විසින් යොදා ගනු ලැබුවා. අදත් එසේ කරනවා. එහෙත් ඔවුන්ට ඒ සඳහා ට්‍රම්ප්ගෙන් සහායක් ලැබෙන්නේ නැහැ. එංගලන්තයේ හා කැනඩාවේ විසුරුණු දෙමළ ජනයා නඩත්තු කෙරෙන්නේ බටහිරින්. අපි වෙනත් ලිපියක නැගෙනහිර පළාත ගැන කතා කරමු.