Main Logo

Wednesday 17 June 2020

මහා බැංකු කතාව

         
                                                   සිංහල ලිත් ඉලක්කම්





0  1   2    3    4  5  6  7  8  9





මහා බැංකු කතාව


මෙරට තත්වයට වගකිවයුත්තේ දේශපාලනඥයන්ට වඩා ඊනියා උගතුන් ය කියන එක අප කලක් තිස්සේ කියන්නක්. මෙරට අධ්‍යාපනය එයට වගකියන්න ඕන. මේ අධ්‍යාපනය බටහිර වීම එකක්. අධ්‍යාපනය බටහිර යන්නෙන් අදහස් කරන්නෙ ගණිතය හරි වෙන විෂයක් හරි පටන්ගත්තෙ බටහිර කියන එක නොවෙයි. ඉන්දියාවෙ ගණිතයක් තිබුණ. ඒ ගණිතයෙ ත්‍රිකෝණමිතියක් තිබුණ. ඔය සයින් කොසයින් වගේ වචන භාරතීය වචන අරාබින් හරහා යුරෝපයට ගිහින් හදාගත් ඒවා. භාරතයෙ සයින් හැඳින්නුවෙ අර්ධජ්‍යා කියල. 


ඒත් අද බටහිර ත්‍රිකෝණමිතිය භාරතීය නැත්නම් භාරතීය නැත්නම් වෛදික ත්‍රිකෝණමිතිය නොවෙයි. භාරතයෙ වියුක්ත ජ්‍යාමිතියක් තිබුණෙ නැහැ. භාරතීය දැනුම බටහිරයන් තමන්ගෙ චින්තනයට අවශෝෂණය කර ගත්තා. ඊට පස්සෙ තියෙන්නෙ භාරතීය ත්‍රිකෝණමිතියක් නොවෙයි. බටහිර ත්‍රිකෝණමිතියක්. අප වත්මන් දැනුම බටහිර දැනුම කියල කියන්නෙ ලෝකයේ වෙනත් ප්‍රදේශවලින් ගත් දැනුම් ද බටහිරයන් තමන්ගෙ කරගෙන නිසයි. දැන් ඒ දැනුම පදනම් වෙන්නෙ බටහිර ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයෙ මිස වෛදික චින්තනයෙවත් වෙනත් චින්තනයකවත් නො වෙයි. විදුසර කියවපු අය මේවා දන්නවා.

අධ්‍යාපනය මෙහි දී වග කියන්න ඕන චින්තකයන් බිහි නොකිරීම නිසාත්. අද බිහිකරන්නෙ උගතුන් ද කියාවත් කියන්න බැහැ. පැරණි පිරිවෙන් අධ්‍යාපනයෙන් නම් උගතුන් වියතුන් බිහිකෙරුණා. අද බිහි කෙරෙන්නෙ බටහිරයන් කියා ඇති දෙයක් කියන දෙයක් පුනරුච්චාරණය කරන්නන් (ගිරවා දැමීම), අනුකරණය කරන්නන් පමණයි. බොහෝ වෙලාවට කියනව සරසවි ඇදුරන් කරන්නෙ තමන්ට ලැබුණු සටහන් ටික එලෙස ම කියන එක පමණයි කියලා. ගිය අවුරුද්දෙ සටහන් ම තමයි කියවන්නෙ කියලත්. ඒ කොහොම වුණත් ඔවුන් කරන්නෙ වෙන කාගෙ හරි මතයක් කියන එක පමණයි. ඒ මතය හරි ප්‍රවාදය හරි මත ඉඳගෙන ලංකාවෙ ප්‍රශ්නයක් ගැන මොනව හරි දෙඩවීම පමණයි. සමහර වෙලාවට ඒ ටිකත් බටහිරයන් ම කරනවා!

මේ පූර්විකාව ඊයෙ ජනාධිපතිතුමා මහා බැංකුවෙ නිලධාරීන් අමතල කළ කතාව ගැන යමක් කීමටයි. මහා බැංකුවෙ ආර්ථික විද්‍යාඥයන් කියන අය ඉන්නවා කියනවා. ඒත් මා දන්නෙ නැහැ ආර්ථික විද්‍යාඥයන් ඉන්නවා ද කියල. අර ලූලා නැති වළට කණයා පණ්ඩිතයා තත්වයක් තමයි තියෙන්නෙ. අපට සමහර වෙලාවට කණයොත් නැති වළ තියෙනවා. මා නම් කිසිම විද්‍යාඥයකු නොවන බව මා දන්නවා.

රාජ්‍ය සේවයේ විවිධ ප්‍රශ්න තියෙනවා. මෙරට රාජ්‍ය සේවය අපට ඉංගිරිසින්ගෙන් උරුම වෙච්ච එකක්. අර චක්‍රලේඛය, මේ චක්‍රලේඛය, අර රෙගුලාසිය මේ රෙගුලාසිය එක්ක වැඩ කරන්න වෙලා තියෙන්නෙ. රාජ්‍ය සේවය සකස් කරල තියෙන්නෙ වැඩ කරනවාට වඩා වැඩ නොකර ඉන්න ද කියලත් හිතෙනවා. ඒ නිසා ම නිලධාරීන්ට වැඩ නොකිරීමට උත්තේජනයක් ලැබෙනවා වගේ.

මෙරට විශ්වවිිද්‍යාලවලින් හිතන්න පුරුදු කෙරෙන්නෙවත් අනුබල ලැබෙන්නෙවත් නැහැ. මා කලින් කී විධියට කෙරෙන්නෙ ගිරවා දැමීමට පුහුණු කිරීමයි. විභාගවලින් බොහෝ වෙලාවට හොඳට ම ප්‍රතිඵල ලබා ගන්නෙ හොඳට ම ගිරවා දැමීමට හැකි අයයි. ඔය කියන විචාරාත්මක ක්‍රමයක් ඉගැන්වෙන්නෙ නැහැ. ඒක ඉගැන්වෙන්නෙ නැති එකට හොඳ ම උදාහරණය තමයි විචාර්ත්මක ක්‍රමය කියන එකත් අවසාන වශයෙන් විශ්වාසය මත රඳා පවතින බව තේරුම් ගැනීමට බොහෝ දෙනාට නොහැකි වීම. විභාග ප්‍රතිඵල එතරම් හොඳ නැහැ කියන එකෙන් හරි විශ්වවිද්‍යාලයකට ඇතුල් වෙන්න බැරි වුණා ය කියන එකෙන් හරි ගිරව දාන්නෙ නැහැ කියල කියැවෙන්නෙ නැහැ. ඔවුන් කරන්නෙ බොහෝවිට ගිරවා දැමීමට උත්සහ කරල අසාර්ථක වීම.

දළ වශයෙන් ගත්ත ම ඊනියා උගතුන් අතරත් ඉන්නෙ දක්‍ෂිණාංශිකයන් හා වාමාංශිකයන්. මේ දෙගොල්ල ම එක ම පද්ධතියක ඉන්නෙ. වාමාංශිකයන් හිතනවා ඔවුන් පද්ධතිය විවේචනය කරනවා කියලා. නැහැ පද්ධතියට ඔවුනුත් අවශ්‍යයි. පද්ධතිය ඔවුන්ගෙ අදහසුත් ක්‍රියාත්මක කරනවා. විප්ලවය නම් ක්‍රියාත්මක වන්නෙ නැහැ. මොකෝ විප්ලවය වුණා කියන රටවලට විප්ලවය රැකගන්න පුළුවන් වුණා ද? ඉස්සර අපේ තරුණ කාලෙ අපි පෙළපාලි ගියා වියට්නාමයට අත නොතබනු කියලා. හෝ චි මිං ජයග්‍රහණය කළා කියලයි අපි හිතුවෙ. දැන් වියට්නාමය කොමියුනිස්ට් තියා සමාජවාදීවත් ද? අද බටහිරයන් වියට්නාමයට අත තියලා නැද්ද? ලංකාවෙ වම්මුන්ට අදහස් නැති නිසා ක්‍රියාත්මක කරන්න අදහසක් නැහැ. ලංකාවෙ ද’ක්‍ෂිණාංශිකයන්ටත් අදහස් නැහැ. මහා බැංකුවෙ විතරක් නොවෙයි රාජ්‍ය සේවයෙ ම ප්‍රශ්නය එයයි.

කොරෝනාවට අප සාර්ථක ව  මුහුණ දුන්නෙ හමුදාව නිසා. දැන් ඔය සුව වෙලා යන ආසාදිතයන්ට දෙන ප්‍රතිකාරය මොකක් ද? කොරෝනාවට ප්‍රතිකාරයක් තියෙනවා ද? සුව වීම කියන්නෙ මොකක් ද? ඒ කොහොම වුණත් ආසාදිතයන් සොයා යැම ඔවුන් ආශ්‍රය කළ අය සොයා යෑම ආදිය හමුදාවෙ වැඩක්. හමුදාවත් රාජ්‍ය සේවයක් කියල කියනව වෙන්නත් පුළුවන්. ඒත් ඒක සිවිල් නො වෙයි. අපේ හමුදාව කොරෝනා ප්‍රශ්නයේ දී ක්‍රියාත්මක වුණෙ ඉතාමත් නිර්මාණශීලි ව. රාජ්‍ය සේවයෙ සිවිල් අංශයට ප්‍රශ්නය දුන්න නම් බලන්නෙ මේ වගේ ප්‍රශ්නයක් කලින් තිබිල තියෙනවා ද? ඒ වෙලාවෙ කොහොම ද වැඩ කරල තියෙන්නෙ කියල බලල ඒ අනුව වැඩ කරනවා. එවැනි ප්‍රශ්නයක් කලින් ඇති වෙලා නැත්තන්. ලෝකෙ අනිත් රටවල් කරන්නෙ මොකක් ද  කියල බලන් ඉන්නවා. බලන් ඉඳලා පුළුවන් නම් ඒක කරනවා. පුළුවන් කමක් තියෙනවා නම් ඒ් අනෙක් රටවල කරන්නෙ කොහොම ද කියල අධ්‍යයනය කරන්න සංචාරයක් ලබා ගන්නවා.

හමුදාව එහෙම කළෙ නැහැ. නිර්මාණශීලී ව වැඩ කළා. එහි දී වත්මන් ජනාධිපතිතුමාත් ආරක්‍ෂක ලේකම්තුමාත් නායකත්වය දුන්නා. හමුදාවට වුණත් නිර්මාණශීලී ව වැඩ කරන්න පුළුවන් අවශ්‍ය නායකත්වය ලැබෙනව නම් පමණයි. එය අප කොටින්ට විරුද්ධ ව කළ මානුෂිය මෙහෙවරෙදිත් දැක්ක. මහින්ද රාජපක්‍ෂ ගෝඨාභය රාජපක්‍ෂ නායකත්වය හමුදාවන්ට ලැබුණු නිසා හමුදා නිලධාරීන්ට නිර්මාණශීලි ව තම කටයුතු සාර්ථක ව නිම කරන්න හැකි වුණා. කලින් හිටපු ජනාධිපතිවරු දුන්න නායකත්වයක් නැහැ. හමුදාවටත් නිවැරදි දේශපාලන නායකත්වයක් අවශ්‍ය වෙනවා.

රාජ්‍ය සේවයෙ සිවිල් අංශයත් නිර්මාණශීලී ව වැඩ කරන්න ඕන. ඒත් අවශ්‍ය දේශපාලන නායකත්වය ලැබුණත් අපේ ඊනියා උගතුන්ගෙ මනස අනුව නිර්ම්ණශීලී ව වැඩ කරන්න පුළුවන් ද කියන ප්‍රශ්නය තියෙනවා. කල්බදු වගේ ටිකක් කල්දෙමු. මා කියන්නෙ ඉන්පසු සීසර්ල යවන්න නොවෙයි.