෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯
සිංහල ලිත් ඉලක්කම්
0 1 2 3 4 5 6 7 8 9
මහා බැංකු කතාව
මෙරට තත්වයට වගකිවයුත්තේ දේශපාලනඥයන්ට වඩා ඊනියා උගතුන් ය කියන එක අප
කලක් තිස්සේ කියන්නක්. මෙරට අධ්‍යාපනය එයට වගකියන්න ඕන. මේ අධ්‍යාපනය බටහිර වීම
එකක්. අධ්‍යාපනය බටහිර යන්නෙන් අදහස් කරන්නෙ ගණිතය හරි වෙන විෂයක් හරි පටන්ගත්තෙ
බටහිර කියන එක නොවෙයි. ඉන්දියාවෙ ගණිතයක් තිබුණ. ඒ ගණිතයෙ ත්‍රිකෝණමිතියක් තිබුණ.
ඔය සයින් කොසයින් වගේ වචන භාරතීය වචන අරාබින් හරහා යුරෝපයට ගිහින් හදාගත් ඒවා.
භාරතයෙ සයින් හැඳින්නුවෙ අර්ධජ්‍යා කියල.