අවස්ථාවාදී පාර්ලිමේන්තු දේශපාලනය
දේශපාලනඥයකු ව නොසිටි ගෝඨාභය දේශපාලනඥයකු විය යුතු නැහැ. ඔහුට තමන්ට සුපුරුදු ආකාරයට කටයුතු කිරීමට ඉඩ දෙන්න ඕන. ඔහු රාජ්‍ය පාලකයකු, නැත්නම් මෙරට සම්ප්‍රදාය අනුව රාජ්‍යයේ භාරකාරයා විය යුතුයි. නීතිය නැවීම, නීතිය කැඩීම ආදිය ඔහුගෙන් බලාපොරොත්තු නොවිය යුතු ය. එහෙත් දේශපාලනඥයන් වැඩ කරන්නේ වෙනත් අයුරකින්. එබැවින් දේශපාලනඥයන්ගෙන් ගෝඨාභය ආරක්‍ෂා කිරීමට සිදු වී තියෙනවා. අද නව ඇමති මණ්ඩලයක් දිවුරුම් දීමට නියමිතයි. එය පහළොස් දෙනකුට සීමා වීමට යන බවට ආරංචි පැතිරෙනවා. එය සුබ නිමිත්තක්. ගෝඨාභය ශ්‍රී ලංකා නිදහස් පොදුජන සංධානයේ නායකයා. ඔහු සංධානයට ගරු කරාවි.