Main Logo

Showing posts with label Parliament. Show all posts
Showing posts with label Parliament. Show all posts

Thursday, 19 March 2020

කොවිඩ් හොඳ පරිප්පුවක් කර ගන්නවා ද?

   සිංහල ලිත් ඉලක්කම්


 කොවිඩ් හොඳ පරිප්පුවක් කර ගන්නවා ද?



ටිල්වින් සිල්වාගේ වැදගත් ප්‍රකාශයක් ඊයේ දෙරණ මධ්‍යහ්න ප්‍රවෘත්ති ප්‍රචාරයේ කියැවුණා. එය මේ සබැඳියෙන් අහන්න පුළුවන්.  

https://youtu.be/eviABa6xtUY?t=830. ටිල්වින් කියන දේ සාවධාන ව අසන්න. ඔහු  ජනාධිපති විවේචනය කරමින් කියන්නේ  මේ අවස්ථාවේ ඡන්දය කල්දාන්නෙ නැත, එහෙම කළොත් පාර්ලිමේන්තුව නැවත කැඳවන්න වෙනවා කියන එක. ජනාධිපති එය නොකරන බවයි ඔහු කියන්නෙ. ටිල්වින්ට පාර්ලිමේන්තුව නැවත කැඳවන්න අවශ්‍ය ද? ඔහු පාර්ලිමේන්තුවේ නැති නිසා ඒක තරමක පශ්නයක් වෙන්නත් පුළුවන්. 

Monday, 16 March 2020

ගෝඨාභයගේ වගකීම

 සිංහල ලිත් ඉලක්කම් 


ගෝඨාභයගේ වගකීම 



මා මෙතෙක් කොරෝනාව ගැන එතරම් දෙයක් ලියා නැහැ. පෙරේදා පළ වූ ලිපියේ අවසානයේ මේ කෙටි සටහන දැක්වෙනවා. දෙමළ ජාතිවාදය ගැන නූගත් පාඩම් හා නව කොරෝනාව යන මැයෙන් ලියූ ලිපියේ අවසන් ඡෙදයේ මෙසේ සඳහන් වෙනවා.  “මේ උගතුන් සමහරු ගමෙන් පැමිණි අය. එහෙත් ඔවුන් ගමට (දැනුම වශයෙන්) යන්නේ නැහැ. නව කොරෝනාව සම්බන්ධයෙන් නම් ඔවුන්ට ගමට යන්න සිද්ධ වෙලා. මේකත් දෙයියන්නෙ ලෙඩක්. කරන්න තියෙන්නෙ ප්‍රතිශක්තීකරණය (ඔරොත්තු දීමේ ගුණය) වැඩි කර ගන්න එක පමණයි.  ඒ සඳහා සාම්ප්‍රදායික දැනුම යොදා ගන්න පුළුවන්. අපේ උරුමය අපට මතක් වෙන වෙලාවල් තියෙනවා."

Thursday, 21 November 2019

අවස්ථාවාදී පාර්ලිමේන්තු දේශපාලනය


         සිංහල ලිත් ඉලක්කම්




අවස්ථාවාදී පාර්ලිමේන්තු දේශපාලනය


දේශපාලනඥයකු ව නොසිටි ගෝඨාභය දේශපාලනඥයකු විය යුතු නැහැ. ඔහුට තමන්ට සුපුරුදු ආකාරයට කටයුතු කිරීමට ඉඩ දෙන්න ඕන. ඔහු රාජ්‍ය පාලකයකු, නැත්නම් මෙරට සම්ප්‍රදාය අනුව රාජ්‍යයේ භාරකාරයා විය යුතුයි. නීතිය නැවීම, නීතිය කැඩීම ආදිය ඔහුගෙන් බලාපොරොත්තු නොවිය යුතු ය. එහෙත් දේශපාලනඥයන් වැඩ කරන්නේ වෙනත් අයුරකින්. එබැවින්  දේශපාලනඥයන්ගෙන් ගෝඨාභය ආරක්‍ෂා කිරීමට සිදු වී තියෙනවා. අද නව ඇමති මණ්ඩලයක් දිවුරුම් දීමට නියමිතයි. එය පහළොස් දෙනකුට සීමා වීමට යන බවට ආරංචි පැතිරෙනවා. එය සුබ නිමිත්තක්. ගෝඨාභය ශ්‍රී ලංකා නිදහස් පොදුජන සංධානයේ නායකයා. ඔහු සංධානයට ගරු කරාවි.

Sunday, 9 December 2018

පරමාධිපත්‍යය, රනිල් හා මහින්ද


පරමාධිපත්‍යය, රනිල් හා මහින්ද



ජනතාව යන්න වියුක්ත සංකල්පයක්. පරමාධිපත්‍යය ඇත්තේ ජනතාවටයි. නමුත් මේ ජනතාව කවුරුන් දැයි කිසිවකුටවත් පෙන්වන්න බැහැ.  අප සියල්ලන් ම ජනතාව. අපට පරමාධිපත්‍යය තියෙනවා. මතක තියාගන්න ජනාධිපතිටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් ඒ පරමාධිපත්‍යය තිබෙනවා. අගවිනිසුරු ඇතුළු විනිසුරුවන්ටත් ඒ පරමාධිපත්‍යය තියෙනවා. එහෙත් අප සියල්ලන්ට ම ඇත්තේ සාමූහික පරමාධිපත්‍යයක්. ඡන්ද බලය හිමි එක්කෝටි පනස් ලක්‍ෂයක් ඉන්නවා නම් එක් එක් අයට පරමාධිපත්‍යයෙන් එක්කෝටි පනස් ලක්‍ෂයෙන් එක් කොටස බැගින් හිමි වෙන්නේ නැහැ.

Saturday, 8 December 2018

අපේ පරමාධිපත්‍යය අපට තියෙනවා ද


අපේ පරමාධිපත්‍යය අපට තියෙනවා ද



පරමාධිපත්‍යයත් ප්‍රජාතන්ත්‍රවාදය වගේ ම අපට බටහිරින් ලැබුූණු සංකල්පයක්. සඟ සසුනේ හැරෙන්න ලෝකයේ කිසිම කලක සෘජු ප්‍රජාතන්ත්‍රවාදයක් තිබී නැහැ. පැරණි ග්‍රීක පුර රාජ්‍යවල සෘජු ප්‍රජාතන්ත්‍රවාදය තිබුණා යැයි කීවත් එහි වහලුන්ට හා ස්ත්‍රීන්ට ඒ කියන සාකච්ඡාවලට සහභාගි වීමට අවස්ථාව ලැබී නැහැ. කාට හරි කියන්න පුළුවන් වහලුන් අද අර්ථයෙන් පුරවැසියන් නොවීය කියා. ප්‍රශ්නයත් ඇත්තේ එතැනමයි. පුරවැසියා කවුද කියා තීරණය කරන්නේ කවුද? රෝමයේ නායකයන් ජනතාව ඇමතුවේ රෝමවරුනි රටවැසියනි (Romans and Countrymen) කියා. රෝමය නගරයක්. මෙහි කන්ට්‍රි කිව්වෙ නගරයෙන් පිට වැනි අර්ථයකින්. ඉතාලිය රටක් වුණේ බොහෝ කලකට පස්සෙ ගැරිබෝල්ඩි යටතේ එක්සත් කරනු ලැබීමෙන් පසුව.

Friday, 7 December 2018

පරමාධිපත්‍යය එ ජා පෙ මන්තීවරුන්ට නොවේ


පරමාධිපත්‍යය එ ජා පෙ මන්තීවරුන්ට නොවේ



මා මෙහි මොනවා කිව්වත් ඉන් නඩුවලට වැඩක් නැති බව නොදන්නවා නො වෙයි. නඩුවල දී වැදගත් වන්නේ නීතිඥයන් ඉදිරිපත් කරන කරුණු. කොහොමටත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව දෙන එක හෙටට කල් දාලා. අපි එතෙක් බලා ඉමු. ඕනෑම තීන්දුවකට මුහුණ දීමට සූදානම් වෙමු. නඩු තීන්දුවේ ප්‍රතිඵලයක් ලෙස මැතිවරණයක් පවත්වන්නේ නම්  එක සංවිධානයකින් එක ලකුණක් යටතේ දිවයිනේ හැම දිස්ත්‍රික්කයකට ම තරග කරමු. ඇතැම් දිස්ත්‍රික්කයක වෙන වෙන ම තරග කිරීමෙන් වාසි අත්වන්නේ එ ජා පෙරමුණටයි. රනිල් අගමැති ධුරය දැරීම නතර කෙරුණේ මෛත්‍රිපාල මහින්ද එකතුවෙන්. මොන හේතුවකටවත් එය කඩන්න ඉඩ දෙන්න බැහැ. නූතන මොල්ලිගොඩලට 2018, 1818ක් කරන්න දෙන්න බැහැ.

Monday, 3 December 2018

පාර්ලිමේන්තුව ගොනාට ඇන්දවීම

පාර්ලිමේන්තුව ගොනාට ඇන්දවීම


සබැඳිය මෙතැනින් 

 https://youtu.be/lGRBMc2oPw8

Friday, 30 November 2018

ඇතැම් රාජපක්‍ෂලා හා රාජසභාව


ඇතැම් රාජපක්‍ෂලා හා රාජසභාව



මා මේ සමාජයේ ජීවත්වන්නේ පිටස්තරයකු ලෙස. තමන් රට ජාතිය ආගම ගැන කල්පනා කරමින් කරන උදාර සේවයෙහි දී මගේ නමත් ඉඳහිට කීම නිසා මට ඊනියා කීර්තියක් ලැබී ඇතැයි අයකු කියනවා. මට කිසිම කීර්තියක් අවශ්‍ය නැහැ. මා මළ පසු දුක් ගීයක් ලිවීමට සොහොන් කොතක්වත් ඉදිකිරීමට අවශ්‍ය නැහැ. අවසන් හුස්මත් සමග මා නොවන මා පිට වී යනවා. එහෙත් මා හුස්ම ගන්නාතාක් මගේ අදහස් ප්‍රකාශ කරනවා. ජනමාධ්‍යවේදීන් ඒ ප්‍රතික්‍ෂෙප කිරීම ගැන මට ප්‍රශ්නයක් නැහැ. මා ඔවුන් ද ප්‍රතික්‍ෂෙප කරනවා.

Wednesday, 28 November 2018

පාර්ලිමේන්තු වැඩ කිඩ


පාර්ලිමේන්තු වැඩ කිඩ



ඊයේ ඊනියා කතානායක න්‍යාය පත්‍රයක් නැතිව පාර්ලිමේන්තුව කැඳවලා. ඔහු වැඩ කරන්නේ රනිල්ගේ හා සුමන්තිරන්ගේ අවශ්‍යතාවට බව නැවත නැවතත් කියන්න අවශ්‍ය නැහැ. රනිල්ටත් එතරම් දක්‍ෂ නීතිිඥයන් නැති බව පැහැදිලියි. ඔවුන්ට දැන් චොක්සි කෙනෙක් නැහැ. අද එ ජා පක්‍ෂය අමාරු තත්වයක ඉන්නෙ. ඔවුන්ගෙ මුහුණුවලින් ද ඒ බව ප්‍රකාශ වෙනවා. මේ තත්වයෙන් ගොඩ ඒමට ඔවුන් රනිල් වෙනුවට සජිත් හරි නවින් හරි රවි කරුණානායක හරි අගමැති කිරීමේ වෑයමක යෙදී ඉන්නවා.

Saturday, 24 November 2018

පාර්ලිමේන්තුවේ සිදුවන්නේ කුමක් ද?


පාර්ලිමේන්තුවේ සිදුවන්නේ කුමක් ද?     


සබැඳිය  මෙතැනින්

https://youtu.be/JJArp07R93A

Tuesday, 8 May 2018

ජ වි පෙ රනිල් වෙනුවෙන් ගහන ගැටය


ජ වි පෙ රනිල් වෙනුවෙන් ගහන ගැටය





ජ වි පෙ වෙනින් පොතක් පෙරළන්න හදනවා. පසුගිය දා විජිත හේරත් කියා තිබුණා ඔවුන් ගෙන ඒමට බලාපොරොත්තුවන විසිවැනි සංශෝධනයෙන් කිසිවක් වෙනස් වන්නේ නැහැ කියා. ඔහු කියා තිබුණේ විධායක ජනාධිපති ක්‍රමයෙ වෙනසක් නොකරන බවත් බලතල කිසිවක් අඩු නොකරන  බවත්. එහෙනම් සංශෝධනයක් ගෙන එන්නෙ මොනවට ද කියලා අහන්න පුළුවන්.

Saturday, 29 July 2017

රනිල්ගෙ පාර්ලිමේන්තු ඒකාධිපතිවාදය


රනිල්ගෙ පාර්ලිමේන්තු ඒකාධිපතිවාදය



අද රටේ තියෙන්නෙ පාර්ලිමේන්තු ඒකාධීිපතිවාදයක්. මෛත්‍රිපාල ජනාධිපති වෙලා රනිල් අගමැති ලෙස පත්කරපු වෙලාවෙ ඉඳලා මේ ඒකාධිපතිවාදය ක්‍රියාත්මක වෙනවා. 2015 ජනවාරි අටවැනි දා ඉඳලා එය ක්‍රියාත්මක වෙන්න පටන්ගත්තා කිව්වත් කමක් නැහැ. එයට මූලික වශයෙන් වග කියන්න ඕන මේ රටේ ජනතාව කියන අය. බටහිරයන්ගෙ හා රෝ සංවිධානයෙ මෙහෙයීමෙන් ජනතාව කියන අය මුළා වෙලා මෛත්‍රිපාලට ඡන්දෙ දුන්නා. මහින්ද පැරදුණෙ සමහරුන් කියන විධියට මුස්ලිම් ඡන්ද නොලැබිච්ච හින්ද නො වෙයි. සිංහල බෞද්ධ ඡන්ද අවශ්‍ය ප්‍රමාණයට නොලැබිච්ච හින්දයි. එහෙම නොවෙයි කියන පඬියන් කළ යුත්තේ ජනාධිපතිවරණ ඡන්ද ප්‍රතිඵල විශ්ලේෂණය කිරීම පමණයි. මුහුණු පොතේ තරුණ තරුණියන් ඊනියා යහපාලනයක් සඳහා මෛත්‍රිපාලට ඡන්දෙ දුන්නා. ඒක සම්පූර්ණයෙන් ම මුහුණු පොත මගින් කරන ලද මෙහෙයුමක්.

Thursday, 30 March 2017

මෛත්‍රිපාලගේ කාර්යභාරය  


මෛත්‍රිපාලගේ කාර්යභාරය



මෛත්‍රිපාල නිල වශයෙන් මෙරට ජනාධිපති වෙලා අවුරුදු දෙකකට වැඩියි. දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් විධායක ජනාධිපතිගේ බලතල බිඳක් අගමැති ලබා ගත්තා. සුපුරුදු පරිදි රනිල් එය විස්තර කෙළේ පාර්ලිමේන්තුවට බලය ලබා දී ඒ ශක්තිමත් කිරීමක් ලෙස. එහෙත් අද පාර්ලිමේන්තුවේ අගමැති, සභානායක, කතානායක ඔක්කොම රනිල්. ඒ තනතුරු නිල වශයෙන් දරන්නේ කවුරුන් ද යන ප්‍රශ්නය වැඩකට ඇති එකක් නො වෙයි. රනිල් පාර්ලිමේන්තුව කියන්නෙ තමන්ට.

Friday, 24 February 2017

පාර්ලිමේන්තුවේ ස්වාධීන වීම


පාර්ලිමේන්තුවේ ස්වාධීන වීම



දැන් තවත් සංකල්පයක් පාර්ලිමේන්තුවට, පක්‍ෂවලට හා මන්ත්‍රීවරුන්ට තියෙනවා. ඒ පාර්ලිමේන්තුවේ ස්වාධීන වීම. මේ ස්වාධීන වීම මේ රටේ බොහෝ සංකල්ප වගේ ම පැහැදිලි නැහැ. අප පැහැදිලි සංකල්ප ඇතිව කටයුතු කරන ජාතියක් නො වෙයි. සයිටම් ගැන කල්පනා කරල බලන්න. මේ රටේ උගත් ම කියන අය එක එක මත ප්‍රකාශ කරනවා. දේශපාලනඥයනුත් එසේ ම අදහස් ප්‍රකාශ කරනවා. ඒත් වෛද්‍ය සභාවෙ, සෞඛ්‍ය ඇමතිගෙ, උසස් අධ්‍යාපන ඇමතිගෙ, උසස් අධ්‍යාපන අමාත්‍යංශෙ බලතල ගැන ඇත්තේ මේ උගතුන්ට ඇත්තේ අවුලක්. ස්වාධීන වීමත් තවත් අවුලක්. ලක්‍ෂමන් කිරිඇල්ල සරල වීම නිසා ම ඔහුගේ අවුලත් සරලයි.