Main Logo

Showing posts with label Vijayadasa Rajapaksha. Show all posts
Showing posts with label Vijayadasa Rajapaksha. Show all posts

Friday, 30 November 2018

ඇතැම් රාජපක්‍ෂලා හා රාජසභාව


ඇතැම් රාජපක්‍ෂලා හා රාජසභාව



මා මේ සමාජයේ ජීවත්වන්නේ පිටස්තරයකු ලෙස. තමන් රට ජාතිය ආගම ගැන කල්පනා කරමින් කරන උදාර සේවයෙහි දී මගේ නමත් ඉඳහිට කීම නිසා මට ඊනියා කීර්තියක් ලැබී ඇතැයි අයකු කියනවා. මට කිසිම කීර්තියක් අවශ්‍ය නැහැ. මා මළ පසු දුක් ගීයක් ලිවීමට සොහොන් කොතක්වත් ඉදිකිරීමට අවශ්‍ය නැහැ. අවසන් හුස්මත් සමග මා නොවන මා පිට වී යනවා. එහෙත් මා හුස්ම ගන්නාතාක් මගේ අදහස් ප්‍රකාශ කරනවා. ජනමාධ්‍යවේදීන් ඒ ප්‍රතික්‍ෂෙප කිරීම ගැන මට ප්‍රශ්නයක් නැහැ. මා ඔවුන් ද ප්‍රතික්‍ෂෙප කරනවා.