෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯
සිංහල ලිත් ඉලක්කම්
0 1 2 3 4 5 6 7 8 9
ජාතික ගීය ගයන භාෂාව
ජාතික ගීය ගැයිය යුත්තේ කිනම් බසකින් ද යන්න නැවතත් කතා බහට ලක් වෙනවා. ජාතික ගීය ගැයිය යුතේ කිනම් බසකින් ද යන්න අමුතුවෙන් තීරණය කරන්න ඕන නැහැ. එය තීරණය වී අවසන්. රනිල් සුමන්තිරන් ආණ්ඩුව යටතේ ජාතික ගීය දෙමළ බසින් ද ගැයුවා කියා කියනවා. එය වැරදියි. සමහරවිට රනිල් හා සුමන්තිරන් එසේ සිතා ගෙන ඉන්න ඇති. ඇතැම් දෙමළ කතා කරන ජනයාටත් ජාතික ගීය දෙමළ බසින් ගැයුවා කියා හැඟීමක් එන්න ඇති. සිංහල විරෝධී පඬියන්ට පඬි පෝතකයන්ට හා පඬි නැට්ටන්ට අර කියන්නා වගේ මෝඩ සතුටක් ලැබෙන්න ඇති. එහෙත් මෙරට ජනරජ ව්‍යවස්ථා සම්මත වීමෙන් පසු කිසි දා ජාතික ගීයක් දෙමළ බසින් ගයා නැහැ.