ජාතික ගීය, වෙල්ලාලයන් හා ඉතිහාසය
සුමන්තිරන් ජාතික ගීය කියන්නෙ නැත්නම් ඒකෙ ප්‍රශ්නයක් නැහැ. ජාතික ගීය සම්පූර්ණයෙන් ම දන්න සිංහලයන්ගෙ ප්‍රතිශතය කීයද කියල මා දන්නෙ නැහැ. අප ජාතික ගීයක් නිර්මාණය කර ගත්තෙ ඩොමීනියන් නිදහස ලැබුණට පස්සෙ. මේ නිදහස ගැනත් කතා දෙකක් කියන්න තියෙනවා. කවුද පඬියකු කියලා තිබුණ ඕස්ත්‍රේලියාවෙත් තියෙන්නෙ ඩොමීනියන් නිදහසක් කියලත් ඒ රටේ උදවිය සතුටින් ඉන්නව කියලත්.
ඕස්ත්‍රේලියාව කියන්නෙ ප්‍රධාන වශයෙන් එංගලන්තයෙන් ගිය අය පදිංචි වුණු රටක්. ඒ අය හිරකාරයො ය කියල නිග්‍රහ කරන්න අවශ්‍ය නැහැ. හිරකාරයන්ගෙ වුණත් දරුවන් වැරදිකරුවන් නොවෙයි. එරට වැසි යම් ප්‍රමාණයකට එංගලන්තයෙ රැජන ගැන ගෞරවාදර හැඟීමක් තියෙනවා. ඔවුන් තම මවුරට ලෙස එංගලන්තය ගැන හිතනවා. ඒත් එරට වැසියන්ගෙන් සමහරුනට පූර්ණ නිදහස අවශ්‍යයි.