පරමාධිපත්‍යය, රනිල් හා මහින්ද
ජනතාව යන්න වියුක්ත සංකල්පයක්. පරමාධිපත්‍යය ඇත්තේ ජනතාවටයි. නමුත්
මේ ජනතාව කවුරුන් දැයි කිසිවකුටවත් පෙන්වන්න බැහැ. අප සියල්ලන් ම ජනතාව. අපට පරමාධිපත්‍යය
තියෙනවා. මතක තියාගන්න ජනාධිපතිටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් ඒ පරමාධිපත්‍යය
තිබෙනවා. අගවිනිසුරු ඇතුළු විනිසුරුවන්ටත් ඒ පරමාධිපත්‍යය තියෙනවා. එහෙත් අප
සියල්ලන්ට ම ඇත්තේ සාමූහික පරමාධිපත්‍යයක්. ඡන්ද බලය හිමි එක්කෝටි පනස් ලක්‍ෂයක්
ඉන්නවා නම් එක් එක් අයට පරමාධිපත්‍යයෙන් එක්කෝටි පනස් ලක්‍ෂයෙන් එක් කොටස බැගින්
හිමි වෙන්නේ නැහැ.