පරමාධිපත්‍යය, රනිල් හා මහින්ද
ජනතාව යන්න වියුක්ත සංකල්පයක්. පරමාධිපත්‍යය ඇත්තේ ජනතාවටයි. නමුත්
මේ ජනතාව කවුරුන් දැයි කිසිවකුටවත් පෙන්වන්න බැහැ. අප සියල්ලන් ම ජනතාව. අපට පරමාධිපත්‍යය
තියෙනවා. මතක තියාගන්න ජනාධිපතිටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් ඒ පරමාධිපත්‍යය
තිබෙනවා. අගවිනිසුරු ඇතුළු විනිසුරුවන්ටත් ඒ පරමාධිපත්‍යය තියෙනවා. එහෙත් අප
සියල්ලන්ට ම ඇත්තේ සාමූහික පරමාධිපත්‍යයක්. ඡන්ද බලය හිමි එක්කෝටි පනස් ලක්‍ෂයක්
ඉන්නවා නම් එක් එක් අයට පරමාධිපත්‍යයෙන් එක්කෝටි පනස් ලක්‍ෂයෙන් එක් කොටස බැගින්
හිමි වෙන්නේ නැහැ.
ජනතාවගේ පරමාධිපත්‍යයේ ව්‍යවස්ථාදායක බලය ක්‍රියාත්මක කරන්නේ
පාර්ලිමේන්තුවෙන්. එහි විධායක බලය ජනාධිපති ක්‍රියාත්මක කරනවා. එහි අධිකරණ බලයත්
හිමිවන්නේ පාර්ලිමේන්තුවට. එහෙත් පාර්ලිමේන්තුව ඒ සඳහා අධිකරණ හා වෙනත් ආයතන
පිහිටුවා තිබෙනවා. ජනතාවට අවුරුදු පහකට වරක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝර ගන්න
පුළුවන්. දැන් අතුරු මැතිවරණ පැවැත්වෙන්නේ නැහැ. පාර්ලිමේන්තුව කලින් විසුරුවා
නොහැරියොත් තම මතය වෙනස් වී ඇතත් ජනතාව අවුරුදු පහ ඉවර වෙනකන් බලන් ඉන්න ඕන තම
පරමාධිපත්‍යයේ ව්‍යවස්ථාදායක බලය ක්‍රියාත්මක කරන පුද්ගලයන් තෝරා ගැනීමට.
විධායකය සම්බන්ධයෙනුත් එසේමයි. ජනතාව අවුරුදු පහක් බලන් ඉන්න ඕන තම
පරමාධිපත්‍යයේ විධායක බලය ක්‍රියාත්මක කරන පුද්ගලයා තෝරා ගන්න. යම් අයුරකින්
ජනාධිපතිට තම පදවිය දැරීම නතර කිරීමට සිදු වුණොත් අගමැති
ඒ තනතුරෙහි වැඩ බැලීමට පත් වෙනවා. පසුව පාර්ලිමෙන්තුවට ම බලය ලැබෙනවා ජනාධිපති
ධුරයේ ඉතිරි කාලය සඳහා අයකු පත්කර ගන්න. එය තරමක අමුතු කතාවක්. විධායක ජනාධිපති
ටික කලකට හරි තෝරා ගැනීම ව්‍යවස්ථාදායකයට පැවරෙනවා. විධායකය තෝරා ගැනීම ව්‍යවස්ථාදායකයට
හිමි වෙනවා. එය ටික කලකට වෙන්න පුළුවන්. එහෙත් යම් අයුරකින් ජනාධිපතිට තම ධුරයෙන්
ඉතා ටික කලක දී ඉවත් වීමට සිදු වුවහොත් පාර්ලිමේන්තුවට ඉතා දිර්ඝ කාලයකට ජනාධිපති
කෙනකු තෝරා ගන්න පුළුවන් වෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විකිණෙන ආකාරය දිහා
බැලුව ම මෙහි භයානක පැත්තක් ද තියෙනවා. විශේෂයෙන් ම බටහිර රටවල් මෙරට දේශපාලනයෙහි
මැදිහත් වන ආකාරය අනුව කුමකින් කුමක් වේ දැයි හිතා ගැනීමට තරමක් අපහසුයි.
ඩලස් අලහප්පෙරුම ඊයේ පෙරේදා මේ කතාව අද සංදර්භයේ මතු කරල තිබුණා. ඔහු
අහල තිබුණා අද ජනාධිපතිට තම තනතුර දැරීම නතර කරන්න සිදු වුවහොත් මොකක් ද කරන්නෙ
කියලා. අද අගමැති කෙනෙක් ඉන්නවා. ඒ මහින්ද රාජපක්‍ෂ. එහෙත් ඔහු අගමැති ධුරයේ
කටයුතු කරන එක අභියාචනාධිකරණය තාවකාලික ව අත්හිටුවලා. අභියාචනාධිකරණයට එහෙම කරන්න
බැහැ කියල මතයකුත් තියෙනවා. ඒ අගමැති හා ඇමතිවරු රාජ්‍ය නිලධාරීන් නොවන නිසා. ඒ
කොහොම වුණත් අභියාචනාධිකරණය මහින්ද අගමැති ධුරය දැරීම නතර කරලා නැහැ. ඇතැම් ජනමාධ්‍යවේදීන්
පඬියන් වෙන්න ගිහින් මහින්දට අගමැති කියන්නෙ නැතිව හිටපු ජනාධිපති කියනවා. අද ප්‍රශ්නය
අවුල් කිරීමට ජනමාධ්‍ය පඬියන් ද හවුල් වෙනවා. මහින්ද අගමැති එහෙත් ඔහුට අගමැති
ධුරයේ කටයුතු කිරීම තාවකාලිකව අත්හිටුවලා. එහෙත් එයින් කියන්නේ නැහැ ඔහුට අවශ්‍යතාව
මතු වුණොත් ජනාධිපති ධුරයේ වැඩ බලන්න බැහැ කියා. ඒ ඔහු අගමැති නිසා. ඔහුට බැරි
අගමැති ලෙස කටයුතු කිරීම පමණයි. ඒ නිසා ඩලස් කියන ප්‍රශ්නය මතු වෙන්නේ නැහැ.
මෙවැනි ප්‍රකාශවලින් සිදු වන්නේ මිනිසුන් අන්දමන්ද වීම පමණයි.
කලින් සඳහන් කළ කරුණෙහි විලෝමය නැත්නම් අනෙක් පැත්ත සිද්ධ වන්නේ
නැහැ. ව්‍යවස්ථාදායකයේ පුරප්පාඩු ඇති වුවහොත් විධායකයට බැහැ ඒ පුරප්පාඩු පුරවන්න.
එය අදාළ පක්‍ෂයෙහි ලේකම්ට පැවරෙනවා. පක්‍ෂ ලේකම් පාර්ලිමෙන්තු මන්ත්‍රීවරයකු වීම
අවශ්‍ය නැහැ. ඔහු ජනතාව විසින් තෝරාගනු ලැබූ අයකු වීම අනිවාර්ය නැහැ. පක්‍ෂ ලේකම්ට
තම අභිමතය අනුව අයකු පත් කරන්න බැහැ. එහෙත් ඔහුට යම් බලයක් හිමි වෙනවා. ඔහුට
පුරප්පාඩු පුරවන්න වෙන්නෙ අපේ මනාප අනුව තමයි. එහෙත් මනාප ලබාගත් අය ඉවත් වුණොත්
මොකද වෙන්නෙ.
අධිකරණය සම්බන්ධයෙන් ජනතාවට
කිසිම දෙයක් සෘජුව කරන්න බැහැ. අගවිනිසුරු ඇතුළු විනිසුරුවරුන් ජනතාව විසින් තෝරා
පත් කෙරෙන අය නො වෙයි. ව්‍යවස්ථා සභාව මෙහි දී මැදිහත් වෙනවා. ඒ වගේ ම අධිකරණ සේවා
කොමිෂන් සභවත් මැදිහත් වෙනවා. ජනතාවගේ පරමාධිපත්‍යයේ අධිකරණ බලය ඇත්තේ
පාර්ලිමේන්තුවට ඒ නිසා මෙහි වරදක් නැතැයි
කිසිවකු හිතන්න පුළුවන්. ව්‍යවස්ථා සභාව නිල පුද්ගලයන්ගෙන් ද නිල නොවන අයගෙන් ද සමන්විත වෙනවා. ඒ ඇතැමුන්
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වත් නො වෙයි. ඔවුන් ජනතාව විසින් තෝරා පත් කෙරුණු අය නො
වෙයි.
ජනතාවගේ පරමාධිපත්‍යයේ අධිකරණ බලය ක්‍රියාත්මක කරන අය තෝරා ගැනීමට
ජනතාව විසින් තෝරා පත් නොකෙරුණු අයත් සහභාගි වෙනවා. මෙහි අමුතු ගතියක් දැනෙනවා. ව්‍යවස්ථා
සභාව ඊනියා අපක්‍ෂපාත ස්වාධීන සභාවක් නොවෙයි. අද එහි ඉන්නා සාමාජිකයන් ගැන සිතන්න.
ඒ ඒ අය පත් කෙරී ඇත්තේ එක් එක් අයගේ අවශ්‍යතා පරිදි. සිංහල බෞද්ධ විරෝධීන් කී
දෙනකු ව්‍යවස්ථා සභාවේ ඉන්නවා ද? අද සිංහල බෞද්ධ විරෝධී බටහිර බලවේග නොයෙකුත්
ආකාරයෙන් හැම තැන ම දකින්න පුළුවන්.
ජනතාවට තම පරමාධිපත්‍යයෙි ව්‍යවස්ථාදායක බලය ක්‍රියාත්මක කරන
පුද්ගලයන් අවුරුදු පහක් යනතුරු මාරු කරන්න බැහැයි කියල ව්‍යවස්ථාවෙන් කියැවෙන්නේ
නැහැ. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ඇත්තේ විධායකයට. විධායකයට ඇති ඒ බලය සීමා
කිරීම ජනතා පරමාධිපත්‍යයට වැට බැඳීමක් වෙනවා. ජනවරම අවුරුදු පහක් නියත ව තියෙන දෙයක් නො වෙයි. පැහැදිලිව ම 2015 අගෝස්තුවේ මිනිසුන් හිතපු ආකාරය 2018 පෙබරවාරිය වෙන කොට වෙනස් වෙලා. ව්‍යවස්ථාදායකයේ ජනවරම
සැමවිට ම නියෝජනය වන්නේ නැහැ. ජනවරම වෙනස් වන ආකාරය අනුව ව්‍යවස්ථාදායකය
වෙනස් වන්නේ නැහැ.
අද තිබෙන ප්‍රශ්නය එයයි. රනිල්ගේ විජාතික, ව්‍යවස්ථා විරෝධී, මූල්‍ය ආදී කටයුතු නිසා ඔහු අගමැති ධුරය දැරීම නැවැත්වීමට
බොහෝ කලක සිට අවශ්‍යතාවක් තිබුණා. එහෙත් ජනමතය හා විධායකය එතැනට එන්න තරමක් කල්
ගියා. අද ජනමතය පෙන්වන්නේ 2018 පෙබරවාරි මැතිවරණයෙන්. එහෙත් පාර්ලිමේන්තුවේ
නිරුපණය වන්නේ වෙනත් ජනමතයක්. අද ජනතා පරමාධිපත්‍යයේ ව්‍යවස්ථාදායක බලය ක්‍රියාත්මක
වන්නේ නැහැ. ඒ නැති කෙළේ කවුද?