පාර්ලිමේන්තු කෝලම
මේ දිනවල පාර්ලිමේන්තු කෝලම දියවන්නාවේ නටනවා. මේ මොන කෝලමක් ද,
කෝලන් නටන්න එන්න එපා ආදී ව්‍යවහාර සිංහල
භාෂාවේ තියෙනවා. ජනතාවගේ පරමාධිපත්‍යයෙහි ව්‍යවස්ථාදායක බලය ක්‍රියාත්මක කරනුයේ
පාර්ලිමේන්තුව මගින්. අද ඊනියා කතානායක එ
ජා පෙරමුණේ, දෙමළ ජාතික සංධානයේ හා ජ වි පෙරමුණේ ආධාරයෙන් ජනතා පරමාධිපත්‍යය
පැහැර ගෙන. ඒ මදිවට විධායක බලතලත් පැහැර ගන්න හදනවා. ඒ ජනාධිපති තීරණ
නොපිළිගනිමින් රාජ්‍ය සේවකයන්ට අණ දෙමින් ආදී වශයෙන්. ඒ අතර ඊනියා කතානායක හා ගෝල
බාලයන් ඇමතිවරුන්ගේ වියදම් ද කපා හරිනවා. හීතල දුරුත්තට තව මසක් පමණ තිබෙනවා.
ඔවුන්ට හීන පේනවා.
මේ හීනවලින් අවසානයේ දී සිදුවන්නේ පාර්ලිමේන්තුව අවලංගු කාසියක් බවට
පත් වීම. පාර්ලිමේන්තුව ගන්නා ඊනියා තීරණ ක්‍රියාත්මක කරන්න බැරි වන විට එය කාගෙ
කාගෙත් හිනහවට ලක් වෙනවා. පාර්ලිමේන්තුවට පුළුවන් ද කිසිම රාජ්‍ය සේවකයකුට අණක්
දෙන්න. පාර්ලිමේන්තුව දෙන ඊනියා අණ පාර්ලිමේන්තු මහා ලේකම්ටවත් වලංගු වන්නේ නැහැ.
අද පාර්ලිමේන්තුව තමන්ගේ වැඩ පැහැර හරිමින් අනුන්ගේ වැඩ කරන්න යෑමෙන් කෝලමක් වෙලා.
කෝලම් නැටීමේ දී වෙස් මුහුණු ද යොදා ගන්නවා. වෙස් මුහුණු පිටුපස ඉන්නා සුදු නෝනලා
මහත්තුරුන්ගෙ මුහුණු ඊයේ පෙරේදා ගැලරියේ දකින්න ලැබුණා. ජසයා ලන්චිනා නොන්චි අක්කා
හේවා මුදලි ආදීන් හඳුනාගන්නා අයට පෑන් පිහි ඊනියා කතානායකගේ මේසය උඩ තිබෙනවා. කෝලම
වර්ධනය වූ අයුරු මතක් කර ගනිමු.
ජනාධිපති පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇත්තේ 62 (2) අනුව්‍යවස්ථාව යටතේ. ඒ යටතේ පාර්ලිමේන්තුව
විසුරුවා හරින විට 70(5)(ආ) යටතේ නව පාර්ලිමේන්තුව රැස්වන දිනය
ආදිය ද සඳහන් කළ යුතුයි. ජනාධිපතිට 62(2) යටතේ ක්‍රියාත්මක වීමට සිදු වී ඇත්තේ (3) හා 4(අ) යටතේ ඇති ජනතාවගේ පරමාධිපත්‍යයෙහි
ව්‍යවස්ථාදායක බලය ඊනියා කතානායක විසින් පැහැර ගෙන ඇති බැවින් ඒ පරමාධිපත්‍යය නැවත
ජනතාවට ලබා දීමටයි. කෙසේ වෙතත් මේ විසුරුවා හැරීම සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියේ
නඩුවක් ඇති අතර දැන් රැඳවීම් නියෝගයක් දී තිබෙනවා. ඒ නියෝගය වැරදියට අර්ථකථනය
කරමින් නියෝගයේ රැඳී නොසිට ආපස්සට ගොස් මේ දිනවල පාර්ලිමේන්තුව රැස්වෙනවා. රැස් වී
කෝලම් නටනවා. අපි කෝටි ගණන් වියදම් කර කෝලම් බලනවා.
ශ්‍රෙෂ්ඨාධිකරණය අදාළ නඩු තීන්දුව හත්වැනි දා දීමට නියමිතයි. මෙහි දී
අවධාරණය කළ යුතු කරුණ නම් රනිල් අගමැති ධුරය දැරීම නැති කර මහින්ද අගමැති ලෙස පත්
කිරීම ශ්‍රෙෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කෙරී නොමැති බවයි. මහින්දට අගමැති
ධුරයට පත්වීමේ අධිකාරිය ලැබෙන්නේ ජනාධිපතිගෙනි. ඒ 42(4), 43(3) හා 48(1) අනු ව්‍යවස්ථා යටතේ. පාර්ලිමේන්තුවට මේ පත් කිරීම සම්බන්ධයෙන් කිසිම
බලයක් නැහැ. වැඩිම වුවහොත් පාර්ලිමේන්තුවට කළ හැක්කේ 48(2) යටතේ ආණ්ඩුවට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙන
ඒමයි. විශ්වාසභංගය සම්මත වුණත් ඊනියා කතානායකට ආණ්ඩුවක් නැහැ කියන්න බැහැ.
විශ්වාසභංගය නිසි විධියට සම්මත වුණොත් අමාත්‍ය මණ්ඩලය විසිරෙනවා. එවිට ජනාධිපතිට
වෙනත් ආණ්ඩුවක් හරි එම ආණ්ඩුව හරි පිහිටුවන්න පූළුවන්. එහෙත් විශ්වාසභංගය ව්‍යවස්ථාව,
ස්ථාවර නියෝග හා සම්ප්‍රදායට එකඟ ව සිදු විය
යුතුයි. පාර්ලිමේන්තුව ද ක්‍රියා කළ යුත්තේ ව්‍යවස්ථාවට එකඟ ව. වඩාත් උත්තරීතර
වන්නේ ව්‍යවස්ථාව මිස පාර්ලිමේන්තුව නො වේ. ජනතා පරමාධිපත්‍යය හිමි වන්නේ ද ව්‍යවස්ථාවට
එකඟ ව. පාර්ලිමේන්තුවට කළ හැක්කේ ව්‍යවස්ථාවෙන් දී ඇති බලතල පමණක් ක්‍රියාත්මක
කිරීමයි. එයට විධායක බලතල නැහැ. අද පාර්ලිමේන්තුව තමන්ට අයත් කාර්යයන් නොකර
විධායකයේ කාර්යභාරය අතට ගැනීමට සැරසෙනවා. පාර්ලිමේන්තු කෝලම නටන්නේ ඒ මත.
පාර්ලිමේන්තුවට 65(2) යටතේ
පාර්ලිමේන්තු මහා ලේකම්වරයාගේ වැටුප නම් නියම කරන්න පුළුවන්. එහෙත් වෙනත් රාජ්‍ය
නිලධාරීන්ගේ වැටුප් නියම කිරීමට (අඩු කිරීම වැඩි කිරීම ද ඇතුළත් ව) පාර්ලිමේන්තුවට
බලයක් ලැබී නැහැ. පාර්ලිමේන්තුවට 68(1) යටතේ
ඇමතිවරුන් නියෝජ්‍ය ඇමතිවරුන්ට කතානායකට සෙසු මන්ත්‍රීවරුන්ට පාරිශ්‍රමික හෝ දීමනා
නියම කරන්න පුළුවන්. ඒ ගෙවිය යුතුයි. නියම කළ දීමනා නවත්වන්නේ කිනම් ව්‍යවස්ථාවක්
යටතේ ද? මෙහි දී ඊනියා කතානායක කියන්න පුළුවන්
දැන් අගමැති කෙනකු හෝ අමාත්‍ය මණ්ඩලයක් හෝ නැත කියා. එසේ නම් නවත්වන්නේ කාගේ දීමනා
ද? පාර්ලිමේන්තු කෝලමේ ඊනියා කතානායක යටතේ
නැති ඇමතිවරුන්ගේ දීමනා කපා හැර තිබෙනවා. ජ වි පරමුණටවත් කලක් එහි සිටි චම්පකටවත්
හරි හැටි යෝජනාවක්වත් ගේන්න බැහැ.
අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් ඉන්නේ ජනාධිපති හා
රාජ්‍ය සේවා කොමිෂන් සභාව යටතේ. පාර්ලිමේන්තු මහා ලේකම්වරයා පත් කරන්නේත් 65(1)
යටතේ ව්‍යවස්ථාදායක සභාවේ (පාර්ලිමේන්තුව
නොවෙයි) අනුමැතියට යටත් ව ජනාධිපති. ජනාධිපති 52 යටතේ අමාත්‍යාංශ ලේකමවරුන් පත් කරනවා. රාජ්‍ය සේවා කොමිෂන් සභාව 54 යටතේ ද අමාත්‍ය මණ්ඩලය 55 යටතේත් නිලධාරීන් පත් කිරීම් මාරු කිරීම් උසස්
කිරීම් ආදී කටයුතු කරනවා. 55 යටතේ අමාත්‍ය මණ්ඩලය ඒ සම්බන්ධ
විධිවිධාන සකස් කරනවා. පාර්ලිමේන්තුවට නිලධාරීන් පත් කිරීමට හෝ ඔවුන්ට අණ දීමට හෝ
හැක්කේ කිනම් ව්‍යවස්ථාවක් යටතේ දැයි චම්පක කියනවා ද?
148 වැනි ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තුවට රාජ්‍ය මූල්‍ය පිළිබඳ පූර්ණ
බලය හිමිවනවා. එහෙත් ඒ බලය ක්‍රියාත්මක කරන විධි තිබෙනවා. ඊනියා කතානායක පමණක්
නොවෙයි ඊනියා ජනමාධ්‍යවේදීනුත් ඉන්නවා. ඔවුන් කිසිවක් හරිහැටි අධ්‍යයනය කළ අය නො
වෙයි. මූල්‍ය පාලනය ක්‍රියාත්මක කරන්නේ 151, 152 ව්‍යවස්ථා යටතේ. ඒ සඳහා පියවර ගත හැක්කේ මුදල් ඇමතිට හෝ අමාත්‍ය
මණ්ඩලයේ අනුමැතියෙන් පසු අමාත්‍යවරයකුට. රවි කරුණානායකලා චම්පකලා රංජිත් බණ්ඩරලා
ඇමතිවරුන් ව සිටියේ කලකට පෙර. ඔවුන් අගමැති ඇමති මණ්ඩල වියදම් කපා හැරීමට කළ යෝජනා
ව්‍යවස්ථා විරෝධීයි. ඒවාට වලංගු බවක් ඇත්තේ කෝලමේ පමණයි. කෝලමෙන් පිට ඒ නිකම් කඩදාසිවල ලියූ වචන ටිකක් පමණයි.
ව්‍යවස්ථාදායකය, එනම් පාර්ලිමේන්තුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ
දහවැනි පරිච්ඡෙදයෙනුත් ව්‍යවස්ථාදායකයේ බලතල කාර්යපටිපාටිය එකොළොස්වැනි
පරිච්ඡෙදයෙනුත් විස්තර කෙරෙනවා. 74 (1) යටතේ
පැහැදිලිව කියන්නේ ඒ කාර්යයන් ව්‍යවස්ථාවට එකඟ ව සිදු විය යුතු බවයි. එමෙන් ම
ස්ථාවර නියෝග යටතේ හා යෝජනා සම්මුතියෙන් පාර්ලිමේන්තුවේ කාර්යය විධිමත් ව කළ යුතු
බවට ද ව්‍යවස්ථාවේ ම සඳහන් වෙනවා. පාර්ලිමේන්තුවට ව්‍යවස්ථාව වෙනස් කරන්න පුළුවන්. එහෙත් උල්ලංඝනය කරන්න
බැහැ. යෝජනා සම්මුති වුවත් ගෙන ආ යුත්තේ ස්ථාවර නියෝගවලට අනුකූල ව.
නව සැසි වාරයක් ඇරඹීමෙන් පසු මුලින් ම කළ යුතු වන්නේ තේරීම් කමිටුව
පත්කර කාරක සභා පත් කිරීමට කටයුතු කිරීමයි. එහි දී සම්ප්‍රදාය හා ව්‍යවස්ථාව
අනුගමනය කරන්න ඕන. ජනාධිපති අගමැති හා ඇමති මණ්ඩලයක් සමග ආණ්ඩුවක් පත් කර තිබිය දී
ආණ්ඩු පක්‍ෂයට තේරීම් කමිටුවේ බහුතරය හිමිවන්න ඕන. තේරීම් කමිටුව පිහිටුවීමෙන් පසු
පාර්ලිමේන්තු කටයුතු කාරක සභාව ස්ථාවර නියෝග කාරක සභාව ආදිය පිහිටුවන්න ඕන. ඊනියා
කතානායක ඒ කිසිිවක් කරන්නෙ නැතිව සුමන්තිරන්ට ඕන විධියට ස්ථාවර නියෝග අත්හිටුවන්න
ඉඩ දීල කෝලම පටන් ගත්ත. ඉන් පසු කෝලම් විශ්වාසභංග යෝජනාවක් ගේනවා. එයට ඡන්දය
විමසන්නෙ අත්හිටුවා ඇති ස්ථාවර නියොාග යටතේ. මේ නම් හොඳ ම කෝලමක්. අත්හිටවූ ස්ථාවර
නියෝග යටතේ ඡන්ද විමසනවා. නැති ඇමතිවරුන්ගෙ වියදම් කපා හරිනවා. තමන්ගෙ පාලනයට යටත්
නොවන රාජ්‍ය නිලධාරීන්ට අණ කරනවා. අධිකරණ රැඳවුම් නියෝගයට වැරදි අර්ථකථන දෙමින්
නැති පාර්ලිමේන්තුවක් රැස් වෙනවා. ජසයා හා ලෙන්චිනා එකල නොමිළෙත් පෙන්නුවා. දැන් ඒ
සඳහා අප සියල්ලන් ම එක් වී කෝටි ගණනක් ගෙවන්න ඕන. ඊනියා කතානායක හා ගෝල බාලයන්
ජසයාට හා ලෙන්චිනාට අපහාස කරන එක සංස්කෘතික අපරාධයක් ද වෙනවා.
අද දෙමළ ජාතික සංධානය එ ජා පෙරමුණට අගමැති තේරීමට සහාය දෙනවා. ඔවුන්
එ ජා පෙ සමග ආණ්ඩුවක් හදන්නෙ නැතිලු. ඔවුන් 2015 සිට ම ආණ්ඩුවේ ඇති නැති විරුද්ධ පක්‍ෂය. ඒත් දෙමළ ජාතික සංධානයෙ
සියල්ලන් ම සුමන්තිරන් සමග ඉන්නවා ද? රනිල්
අගමැති ධුරයට පත් කිරීමට කැමත්ත පළ කරන 113 දෙනකු හොයාගන්න අජිත් පෙරේරාට බැහැ. ජනාධිපති දෙමළ ජාතික සංධානයටත්
එ ජා පෙරමුණටත් කියා ඇත්තේ පළමුව නිසි විධියට ආණ්ඩුවට විරුද්ධ ව විශ්වාසභංග
යෝජනාවක් සම්මත කර ගන්න කියා. ඒ සඳහා පළමුව ආණ්ඩුවක් තිබෙන බව පිළිගන්න ඕන. දෙවනුව
සම්ප්‍රදාය අනුව ආණ්ඩු පක්‍ෂයට බහුතරය දෙමින් තේරීම් කමිටුව පත් කරන්න ඕන.
තුන්වනුව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව හා ස්ථාවර නියෝග කාරක සභාව
පිහිටුවන්න ඕන. ඉන් පසු ව්‍යවස්ථාවට ස්ථාවර නියෝගවලට හා සම්ප්‍රදායට අනුව
විශ්වාසභංග යෝජනාවක් ගේන්න ඕන. ජනාධිපති පාර්ලිමේන්තුව කෝලමක් වීම නවත්වන්න හදනවා.
අපට ලබන සතියේ බලා ගන්න පුළුවන් කෝලම පවත්වාගෙන යන්න කටයුතු කරාවි ද කියලා. කෝලම
පවත්වාගෙන ගියොත් පාර්ලිමේන්තුවට කිසිම බලයක් නැති වෙන්න පුළුවන්.