Main Logo

Tuesday 11 December 2018

වැඩ මැද උසාවි වැඩිි අමිල හාමුදුරුවො


වැඩ මැද උසාවි වැඩිි අමිල හාමුදුරුවො



මහින්ද අගමැති හැටියට පත් කරලා දවස් හතළිස්පහක් ගත වුණාට පස්සෙ දඹරාවෙ අමිල හාමුදුරුවො උසාවියට වැඩම කරලා පත්කිරීමට විරුද්ධ ව නඩුවක් දාන්න. උන්වහන්සේට සත්සතියක් ම ගත කරලා නඩුව දාන්න තිබුණා. ඒත් උසාවි නිවාඩුව කොහොම බලපාවි ද කියල හාමුදුරුවන්ට ප්‍රශ්නයක් වෙන්න ඇති. දැන් ඉස්සර වගේ නොවෙයි උසාවි නිවාඩු දවස් ගැනත් හැමෝම දන්නවා.




ඒ වුණත් හාමුදුරුවන්ගෙ නඩුව උසාවි නිවාඩුවෙන් පස්සෙ ජනවාරියෙ තමයි ගන්නෙ. ඒ අතර මොනව වෙයි ද කියල හාමුදුරුවන් නොවෙයි ලිට්‍රො ගෑස් උදවිය නොවෙයි කිසිම අයකුවත් දන්නෙ නැතිව ඇති. අපේ හාමුදුරුවො ඔය කිසි දෙයක් බලා ගෙන වැඩ කරන හාමුදුරු නමක් නො වෙයි. උන්වහන්සේ නිස්සරණාධ්‍යාශයෙන් වැඩ කරන්නෙ. නෑ මා කිවුවෙ එ ජා පක්‍ෂයට නො වෙයි. උන්වහන්සේ රට දැය සමය වෙනුවෙන් වැඩ කරන භික්‍ෂූන් වහන්සේ නමක්.



අමිල හාමුදුරුවන් උසාවියට වැඩම කරන්න ඇත්තෙ  එ ජා පක්‍ෂය වෙනුවෙන් වෙන්න බැහැ. එහෙම කරන්න නම් උන්වහන්සෙ ජ වි පෙරමුණෙන් ඉවත් වන්නෙ නැහැ. අනුරලා විජිත හේරත්ලා වගේ ජ වි පෙරමුණේ ඉන්දැද්දි ම එ ජා පක්‍ෂය වෙනුවෙන් වැඩ කරන්න තිබුණා. අමිල හාමුදුරුවන් උසාවියට වැඩම කරන්න ඇත්තෙ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්. රවි කරුණානායක වැඩ කරන්නෙත් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්. ප්‍රජාතන්ත්‍රවාදය හරි වාසනාවන්තයි. ඒ වෙනුවෙන් වැඩ කරන්න සෑහෙන පිරිසක් දැන් සැදී පැහැදී සිටිනවා.



අමිල හාමුදුරුවන් නඩුව දාන්න මෙච්චර කල් ගත්තෙ මොකද කියන එක නම් ප්‍රශ්නයක්. සමහර විට උන්වහන්සේට වැඩ තියෙන්න ඇතිි. උන්වහන්සෙ තමන්වහන්සේට තියෙන වැඩ ප්‍රමාණය  උසාවිය අසල හිටිය ජනමාධ්‍යවේදීන්ට කියනවා ඇහුණා. එච්චර වැඩ තිබිලත් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් උසාවියට වැඩම කිරීම ගැන රවි කරුණානායක වුණත් උන්වහන්සේට කෘතඥ වේවි. රවි ඒ වගේ මනුස්සයා.



ඒත් මට තේරුම් ගන්න බැරි දෙයක් තියෙනවා. ඇයි රවි හරි එ ජා පක්‍ෂයෙ වෙනත් ප්‍රවීණයෙක් හරි නඩු දාන්න ඉදිරිපත් වුණෙ නැත්තෙ. රවිට වැඩ ද? මේ දවස්වල රවි ඉන්නෙ වෘශ්චික රාශියෙ. ඒත් නඩුව කැඳවන විට රවි ධනුවට ගිහින්. නඩුව ඉවර වෙන විට රවි කොහේ ඉඳීවි ද? පඬියකු කියන්න බැරි නැහැ සූර්යයා ගමන් කරන්නෙ නැහැ කියලා. සූර්යයා තමාට සාපේක්‍ෂව ගමන් කරන්නෙ නැහැ. එහෙත් අනෙක් අයට සාපේක්‍ෂව ගමන් කරනවා. පඬියන් දන්න ඉටිගෙඩියක් නැහැ.



රවි නඩුව දාන්නෙ නැත්තන් කබීර් හෂීම් වගේ නායකයන්ට නඩුව දාන්න තිබුණා. කබීර් හෂීම්ලා තමයි පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට විරුද්ධව උසාවි ගියේ. ලාල්කාන්තත් හිතනවා දැන් ආණ්ඩුවක් නැහැ කියලා. දෙරණෙ චතුර අල්විස්ලා ඒවා උලුප්පලා දක්වනවා. දෙරණ දැන් කොහෙ ද ඉන්නෙ. ලූෂන් බුලත්සිංහලා චතුරලා ඔක්කො ම ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙ වගේ. මේ රටේ අද තත්වය ගැන දේශපාලනඥයන් වගේ ම ජනමාධ්‍යවේදීන් ද කලාකාරයන් ද වග කියන්න ඕන. ජනමාධ්‍යවේදීන් හිතනවා ඔවුන් හතරවැනි ආණ්ඩුව  කියලා. එස්ටේට් කියන්නෙ ආණ්ඩුව හරි රාජ්‍යය හරි නොවෙයි. එයට ඕන නම් වත්කම කියන්න පුළුවන්. කලාකාරයන් ඉහළට දැම්මෙ යුරෝපයේ අද්භූත (රොමෑන්ටික්) මතවාද එක්ක. මේ ඔක්කොම ප්‍රංශ විප්ලවය සමග සම්බන්ධ පුස් කෑ අදහස්. අද යුරෝපයත් මේ අදහස්වලින් ඉවත් වෙමින් ඉන්නවා. අපි ප්‍රංශ විප්ලවය පස්සෙ යනවා.  අපට ප්‍රංශ විප්ලවේට ඉස්සෙල්ල හරි පස්සෙ හරි බටහිරයන් පස්සෙ යන්න ඕන නැහැ. 



දැන් ආණ්ඩුවක් නැහැ කියල කවුද කියන්නෙ. අභියාචනාධිකරණය කිව්වෙ අගමැතිට හා ඇමතිවරුන්ට තම තනතුරුවල වැඩ කරන එක අත්හිටුවන්න කියලා මිසක් ආණ්ඩුවක් නැහැ කියලා නො වෙයි. කරුණාරත්න නම් කියනව ආණ්ඩුවක් නැහැ කියලා. ලාල්කාන්තගෙ ලොක්ක අනුරත් කියනවා ආණ්ඩුවක් නැහැ කියලා. ඒ අර ඊනියා විශ්වාසභංගය  දියවන්නා කෝළමේ සම්මත වෙච්ච නිසා. දෙරණත් මහින්දට අගමැති කියන්නෙ නැහැ. හිටපු ජනාධිපති කියලයි කියන්නෙ. ඒ කරුණාරත්නගෙ නීතිය අනුව ද? අනේ කාලේ වනේ වාසේ කිව්වලු.



කොහොම හරි කබීර් හෂීම්ලා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට විරුද්ධ ව නඩු දැම්මෙ තමන්ට දිනන්න පුළුවන් කියලා හිතා ගෙන. ඔවුන් මහින් ද අගමැති කිරීමට විරුද්ධව නඩු දාන්න ගියේ නැහැ.  නඩු තීන්දු ගැන මා කියන්න යන්නෙ නැහැ. අමිල හාමුදුරුවන් මේ අලුත් නඩුව දාලා තියෙන්නෙ රාජා හෝ මා හෝ ගංගා හෝ කතාව අනුව වගේ කියල තමයි පේන්නෙ. අමිල හාමුදුරුවන් අනුශාසනා කරාවි තමන්වහන්සේ එ ජා ප නියෝජිතයකු නොවෙයි කියලා. අපත් එහෙම කියන්නෙ නැහැ. උන්වහන්සේට රාජකීය ආසියාතික සංගමයෙ වැඩත් තියෙනවලු. උන්වහන්සෙ ඒ සංගමයෙ ලොකු තනතුරක් දරනවා වෙන්න ඇති. අමිල හාමුදුරුවන් මේ දහසක් වැඩ අතරෙ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් දාල තියෙන නඩුවෙන් පැරදුණත් උන්වහන්සේටවත් එ ජා පක්‍ෂයටවත්  මොකුත්  වෙයි ද? කබීර් හෂීම්ලට නම් තම ඊනියා ගෞරවය පිළිබඳ ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්.



මා අහගෙන කවුද එ ජා ප නායකයෙක් කියනවා ඉස්සර වගේ නොවෙයි දහනවවැනි සංශෝධනයෙන් පස්සෙ ජනාධිපතිට විරුද්ධව නඩු දාන්න පුළුවන් කියලා. ඉස්සරත් දැනුත් ජනාධිපතිට විරුද්ධව නඩු දාන්න බැහැ. ඔය නඩු ගොනු කරන්නෙ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ 126 වැනි ව්‍යවස්ථාව යටතෙ නීිතිපතිට විරුද්ධ ව. අද බොහෝ දෙනෙක් දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය කියවන්නෙ නැතිව ඒකෙ අරක තියෙනවා මේක තියෙනවා කියල කියනවා.



රනිල්ලා අර ජනබලය පෙන්නීමත් කල් දාල. නඩු තීන්දුවෙන් පස්සෙ ඒ ගැන කියනවලු. ඕවට අපේ අමිල හාමුදුරුවන් අල්ල ගන්නවා එහෙම නොවෙයි.