අධිකරණය සහ ජාතික ආණ්ඩු, රාජ්‍ය ඇමතිවරු, මහින්ද
අද රනිල්ගේ ආණ්ඩුව ඉන්නෙ අර්බුදයක. ඔවුන්ට ඇමති මණ්ඩලය තිහකට සීමා කරන්න බැහැ. ජනතාවට සේවය කරන්න කියමින් ඇමති ධුර ඉල්ලන බොහෝ අය ඉන්නවා. රනිල් ඔවුන්ට ඇමතිකම් දෙන්න ඕන. එය කළ හැක්කේ ඊනියා ජාතික ආණ්ඩුවක් පිහිටුවීමෙන් පමණයි. ඊනියා ජාතික ආණ්ඩුවක් කියන්නෙ සභාග ආණ්ඩුවක්. ඒකට සභාග ආණ්ඩුවක් කියන්නෙ නැතිව ප්‍රෝඩාතන්ත්‍රවාදී දහනවවැනි සංශෝධනයෙන් ඊනියා ජාතික ආණ්ඩුවක් කිව්වෙ තමන් සාමාන්‍ය ආණ්ඩුවක නම් මන්ත්‍රී සංඛ්‍යාව තිහට සීමා කරන බව කීමටත් අනෙක් පැත්තෙන් ජනතාවගේ ඇස්වලට වැලි ගසා ඇමති සංඛ්‍යාව තිහට වැඩි කර ගැනීමටත්.
ඊනියා ජාතික ආණ්ඩුව නිර්වචනය කෙරෙන්නෙ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ 46(5) අනුව්‍යවස්ථාවෙන්. ඒ පිලිබඳ ව යම් නෛතික ප්‍රශ්න තියෙනවා. එහි පක්‍ෂ කියන වචනයෙන් කියැවෙන්නෙ එක් පක්‍ෂයක් හෝ පක්‍ෂ කිහිපයක් හෝ යන්න ද නැත්නම් පක්‍ෂ කිහිපයක් යන්න ද එසේත් නැත්නම් පක්‍ෂ සියල්ල ම සමග ද යන්න. එංගලන්තයේ ඊනියා පළමුවැනි හා දෙවැනි ලෝක යුද්ධ කාලවල ජාතික ආණ්ඩු කිව්වෙ අනෙක් ප්‍රධාන පක්‍ෂ එක්ක පිහිටුවන ලද ආණ්ඩුවලට. හැම දෙයක් ම එංගලන්තයෙන් ගන්න රනිල් මෙහි දී කියන්නෙ කුමක් ද? එංගලන්තෙ ජාතික ආණ්ඩු පිහිටෙව්වෙ සැබවින් ම ජාතික ආණ්ඩු පිහිටුවන්න අවශ්‍ය වූ විට මිස අමාත්‍ය මණ්ඩලයේ සාමාජික සංඛ්‍යාව වැඩි කරන්න නො වෙයි. ඒ ජාතික ආණ්ඩු ප්‍රධාන පක්‍ෂ අතර වූ ආණ්ඩු.
අද ප්‍රශ්නය වී ඇත්තේ ආණ්ඩුවක් පිහිටුවා ඇති එ ජා පෙරමුණට ඊනියා ජාතික ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට ඇත්තේ එක් මන්ත්‍රීවරයකු සිටින මුස්ලිම් කොංග්‍රසය වීමයි. එය කිසිසේත් ම ප්‍රධාන පක්‍ෂයක් නො වෙයි. පසුගිය ඊනියා ජාතික ආණ්ඩුව නම් පිහිටෙවුවෙ එ ජා පෙරමුණ හා එක්සත් ජනතා නිදහස් සංධානය කියන ප්‍රධාන පක්‍ෂ දෙක එක්වෙලා. අනෙක් අතට මුස්ලිම් කොංග්‍රසයේ අනෙක් මන්ත්‍රීවරුන් එ ජා පෙරමුණේ. මෙය තරමක ප්‍රශ්නයක්.
අද ප්‍රශ්නය වී ඇත්තේ ආණ්ඩුවක් පිහිටුවා ඇති එ ජා පෙරමුණට ඊනියා ජාතික ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට ඇත්තේ එක් මන්ත්‍රීවරයකු සිටින මුස්ලිම් කොංග්‍රසය වීමයි. එය කිසිසේත් ම ප්‍රධාන පක්‍ෂයක් නො වෙයි. පසුගිය ඊනියා ජාතික ආණ්ඩුව නම් පිහිටෙවුවෙ එ ජා පෙරමුණ හා එක්සත් ජනතා නිදහස් සංධානය කියන ප්‍රධාන පක්‍ෂ දෙක එක්වෙලා. අනෙක් අතට මුස්ලිම් කොංග්‍රසයේ අනෙක් මන්ත්‍රීවරුන් එ ජා පෙරමුණේ. මෙය තරමක ප්‍රශ්නයක්.
වත්මන් කසිකබල් දේශපාලන ක්‍රමය යටතේ දේශපාලන පක්‍ෂයකට ඇතැම් දිස්ත්‍රික්කවල තනිවමත් වෙනත් දිස්ත්‍රික්කවල සංධානයකිනුත් තරග කරන්න පුළුවන්. සමහර විට එකම දිස්ත්‍රික්කයක වුවත් පක්‍ෂයේ කිහිප දෙනකු සංධානයකිනුත් තවත් අය පක්‍ෂයෙනුත් තරග කරන්න පුළුවන්. එයට බාධාවක් නැහැ. පක්‍ෂයේ හරි සංධානයේ හරි ලේකම් අත්සනින් ලැයිස්තුවක් ඉදිරිපත් කළහොත් මැතිවරණ කොමිසම (ඒ වෙනුවෙන් පෙනී සිටින නිලධාරියා) ඒ භාර ගත යුතුයි. අවශ්‍ය වන්නේ අදාළ පක්‍ෂය හරි සංධානය හරි මැතිවරණ කොමිසමේ ලියා පදිංචි වී ඇත් ද යන්න පමණයි.
ඒ කෙසේ වුවත් එංගලන්ත පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුගමනය කරනවා ය කියන රටක ප්‍රධාන දේශපාලන පක්‍ෂයකට එක් මන්ත්‍රීවරයකු පමණක් ඉන්න පක්‍ෂයක් සමග ඊනියා ජාතික ආණ්ඩුවක් පිහිටුවන්න පුළුවන් ද? එය තීරණය කරන්නේ කවු ද? පසුගිය දා වන තෙක් නම් එවැනි තීරණ ගන්න අවශ්‍ය වුණේ නැහැ. එය අධිකරණයක විභාග කෙරුණෙ නැහැ. පාර්ලිමේන්තුව ජනතාවගෙ පරමාධිපත්‍යයෙහි ව්‍යවස්ථාදායක බලය ක්‍රියාත්මක කළා.
එහෙත් අද පාර්ලිමේන්තුව අධිකරණයට යට කරලා. ජනතාවගෙ පරමාධිපත්‍යයෙහි අධිකරණ බලය ක්‍රියාත්මක කරන්නෙත් පාර්ලිමේන්තුවෙන්. එහෙත් පාර්ලිමේන්තුවට ඒ සඳහා කාලය නැති බැවින් අධිකරණ ආයතන පිහිටුවලා තියෙනවා. මේ අධිකරණ ආයතන ජනතා පරමාධිපත්‍යයෙහි අධිකරණ බලය පාර්ලිමේන්තුව වෙනුවෙන් ක්‍රියාත්මක කරනවා. අධිකරණ ආයතන ඇත්තෙ පාර්ලිමේන්තුව වෙනුවෙන්. පාර්ලිමේන්තුවේ වැඩ අධිකරණයට විභාග කරන්න බැහැ. ඒ හා සම්බන්ධ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4(ඇ) අනුව්‍යවස්ථාව මෙසේයි.
"නීතිය අනුව පාර්ලිමේන්තුව විසින් ම ක්‍රියාත්මක කළ හැකි පාර්ලිමේන්තුවේ හා එහි මන්ත්‍රීවරන්ගේ වරප්‍රසාද, පරිහාර හා බලතල සම්බන්ධයෙන් විනා ජනතාවගේ අධිකරණ බලය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඇතිකොට පිහිටුවන ලද හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පිළිගන්නා ලද නැතහොත් වෙනත් යම් නීතියකින් ඇතිකොට පිහිටුවන ලද අධිකරණ, විනිශ්චය අධිකාර සහ ආයතන මගින් පාර්ලිමේන්තුව විසින් ක්‍රියාත්මක කළ යුත්තේ ය. "
එහෙත් මහින්දට හා ඇමති මණ්ඩලයට ක්වො වොරොන්ටො රිට් ආඥාවක් නිකුත් කරන්න කියලා මන්ත්‍රීවරු පිරිසක් අභියාචනාධිකරණයට ගියේ පාර්ලිමේන්තුවෙ සම්මත වුණයි කියන ඊනියා විශ්වාසභංග යෝජනා දෙකක් තහවුරු කර ගන්නට. එහෙම කරන්න පුළුවන් ද කියන එක ප්‍රශ්නයක්. එය පාර්ලිමේන්තුවේ හා මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්නයක්. ඒ තීරණය කළ යුත්තේ පාර්ලිමේන්තුවෙන්මයි. එය අධිකරණයට ගෙන යෑමෙන් පාර්ලිමේන්තුව හෑල්ලුවට ලක් වුණා. ජනතාවගෙ පරමාධිපත්‍යයෙහි ව්‍යවස්ථාදායක බලය, පරමාධිපත්‍යයෙහි අධිකරණ බලයත් ක්‍රියාත්මක කරන පාර්ලිමේන්තුව ඒ සඳහා පිහිටුවා ඇති අධිකරණ ආයතන යටතට ගෙනාවා. පාර්ලිමේන්තුව හෑල්ලුවට ලක් කෙළෙ ව්‍යාජ පාර්ලිමේන්තුවක් පිහිටුවා ගත් කරුණාරත්න හා එ ජා පෙරමුණ. එකල තිබුණේ කරුණාරත්නගේ සභාවක්.
දැන් මහින්දගෙ මන්ත්‍රීධුරය ගැන ඇතැමුන් අධිකරණයට යන්න හදනවා. එක්සත් ජනතා නිදහස් සංධානය මහින්දගේ සාමාජිකත්වය අහිමි කරල තියෙනවා නම් මහින්දට අධිකරණයට යන්න පුළුවන්. එහෙම නැත්නම් කාටවත් අධිකරණයට යන්න බැහැ. මහින්දගේ පක්‍ෂ සාමාජිකත්වය ගැන කියන්න පුළුවන් එකම තැනැත්තා පක්‍ෂ ලේකම් මහින්ද අමරවීර පමණයි. ඔහු කියන දේ ඇසීමට කතානායකත් මැතිවරණ කොමිසමත් බැඳිලා. ඒ අයට පත්තර වාර්තා අරගෙන තීරණ ගන්නවත් අධිකරණයට යන්නවත් බැහැ. 99(13) (අ) අනුව්‍යවස්ථාව අනුව මේ කරුණ සම්බන්ධයෙන් එකම අධිකාරිය පක්‍ෂයේ ලේකම්. කරුණාරත්න ඒ ගැන පහුගිය සිකුරාදා තීරණය කරන්න තිබුණා. එහෙත් ඔහු වෙන කතා කියමින් එය කල් දැම්මා. ඒ අධිකරණයට යෑමට සුමන්තිරන්ට ඉඩ දෙන්න ද? අධිකරණයට යන්නෙ 4(ඇ) අනුව්‍යවස්ථාවට පිටුපාල ද? අපේ පරමාධිපත්‍යයට පයින් ගහල ද?
ශ්‍රෙෂ්ඨාධිකරණයට 125 (1) අනුව්‍යවස්ථාව යටතේ ව්‍යවස්ථාව අර්ථනිරූපණය කරන්න පුළුවන්. එහෙත් එය 4(ඇ) අනුව්‍යවස්ථාවට යටත් වෙන්න ඕන. 4(ඇ) අපේ පරමාධිපත්‍යය ගැන පමණක් නොව අධිකරණ ආයතන ගැනත් කියැවෙන අනුව්‍යවස්ථාව. 4(ඇ) අනුව්‍යවස්ථාවට 125(1) අනුව්‍යවස්ථාව යටත් වෙන්න ඕන.
අද ඊනියා ජාතික ආණ්ඩුවක් පිහිටුවා ගත්ත ද නැත් ද කියලා තීරණය කරන්නෙ කවුද? එය තීරණය කරන කෙනකු ගැන 46(5) අනුව්‍යවස්ථාවෙ සඳහන් වන්නේ නැහැ. 46(4) අනුව්‍යවස්ථාව යටතේ ඊනියා ජාතික ආණ්ඩුවක මන්ත්‍රී සංඛ්‍යාව තීරණය කිරීම නම් පාර්ලිමේන්තුවට පවරල තියෙනවා. එහෙත් ඊනියා ජාතික ආණ්ඩුවක් පිහිටුවා ගැනීම තීරණය කරන අයකු ගැන සඳහන් වන්නෙ නැහැ. වැඩි ම මන්ත්‍රී සංඛ්‍යාවක් ඇති පක්‍ෂයට අඩු ම මන්ත්‍රී සංඛ්‍යාවක් ඇති පක්‍ෂය සමග ඊනියා ජාතික ආණ්ඩුවක් පිහිටුවන්න පුළුවන් ද? ඊනියා ජාතික ආණ්ඩුවක් පිහිටුවා ඇති බව හෝ නැති බව හෝ තීරණය කරන්නේ කවුද? මෙවැනි අවස්ථාවක ආණ්ඩු පිහිටුවීම සඳහා බලතල ඇති ජනාධිපතිට ම ඒ තීරණය ගන්න පුළුවන්. අගමැති හා ආණ්ඩු පත් කරන්නේ ජනාධිපති.
තවත් කරුණක්.මෙවර අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් නොවන ඇමතිවරුන් තුන්දෙනකු පත් කර තියෙනවා. එය ප්‍රශ්නයක් නො වෙයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44(1) අනුව්‍යවසාථාව යටතේ එවැනි ඇමතිවරුන් පත් කරන්න පුළුවන්. එමෙන් ම 45(1) අනුව්‍යවස්ථාව යටතේ නියෝජ්‍ය ඇමතිවරුන් පත් කරන්නත් පුළුවන්. එහෙත් ඊනියා රාජ්‍ය ඇමතිවරුන් පත් කරන්නේ කිනම් අනුව්‍යවස්ථාවක් යටතේ ද? පසුගිය කාලයේ, එසේ සිතීම වැරදි වුවත්, අමාත්‍ය මණ්ඩලයේ නොවන ඇමතිවරුන් නොසිටි බැවින් රාජ්‍ය ඇමතිවරුන් යනු එවැනි අමාත්‍යවරුන් ලෙස හිතන්න ඇති. අද අමාත්‍ය මණ්ඩලයේ නොවන ඇමතිවරුන් ඉන්නවා. එවිට රාජ්‍ය ඇමතිවරුන් කවුද? ජනාධිපති මේ රාජ්‍ය ඇමතිවරුන් පත් කෙළේ කෙසේ ද?
අප ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන මෙයට වඩා සැලකිලිමත් වෙන්න ඕන.