Main Logo

Showing posts with label national government. Show all posts
Showing posts with label national government. Show all posts

Wednesday, 27 March 2019

ශ්‍රී ල නි පක්‍ෂයට ජාතික ආණ්ඩු හදන්න බැහැ


ශ්‍රී ල නි පක්‍ෂයට ජාතික ආණ්ඩු හදන්න බැහැ



ජනතා සේවය සඳහා  පෙරුම්පුරා ඉපිද සිටින අප්පච්චි මලෝ පියසේන ගමගේ වැන්නන්ට ඇමතිකම් දීම අද දවසේ ප්‍රධාන කාර්යය බවට පත් වෙලා. ඔවුන්ගේ සේවය ලබා ගැනීමට ජනතාවට පින් මදි වීම මෙහි දී ඇති  එක ම ප්‍රශ්නය ද කිියා ඇසීමට සිත් වෙනවා. සම්ම ජාතියේ විදුලිය නොකපන බව කී රවි කරූණානායකට අමාත්‍යාංශයෙ එතරම් බලයක් අධිකාරයක් නොමැති බව පැහැදිලියි. විදුලිය නොකපන බව ඇමතිගේ ප්‍රතිපත්තිය වුවත් නිලධාරීන් ඇමති අණ ඉක්මවල විදුලිය කපලා.

Tuesday, 5 February 2019

වැඩ බැරි ආණ්ඩුව අස් කරමු




වැඩ බැරි ආණ්ඩුව අස් කරමු



රේගු නිලධාරින් අකුරට වැඩ කරන්නෙ වෘත්තීය කරුණකට. එහි සෘජු දේශපාලනයක් නැහැ. ඇතැම් ඊනියා වෘත්තීයකයන්ගේ වෘත්තීය සමිතියක් මෙන් රේගු නිලධාරීන් මාස්පතා වර්ජනය කරන්නේ නැහැ. එ වෘත්තීයකයන් දේශපාලන පක්‍ෂයක් ම වෙනව නම් හොඳයි. එතකොට ඒකෙ ජනාධිපති අපේක්‍ෂකයා කවුද කියල හිතාගන්න පුළුවන්. ඒ 2019 ජනාධිපතිවරණයෙ දි නො වෙයි. 2024 ජනාධිපතිවරණයෙ දි.

Saturday, 2 February 2019

ජනාධිපතිට ඇමති දොළ පිදේනි නැවැත්විය හැකියි


ජනාධිපතිට ඇමති දොළ පිදේනි නැවැත්විය හැකියි



එක්සත් ජාතික පෙරමුණ නැවතත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ හිලකින් රිංගන්න හදනවා. මේ වගේ ව්‍යවස්ථාවෙ හිල්වලින් රිංගපු තවත් ආණ්ඩුවක් නැහැ. ඒ වගේ ම මේ වගේ ජරාජීර්ණ ඇමති පෙරේතයන් හිටපු පාර්ලිමේන්තුවක් නැහැ. අද මතයක් ඇති කරන් තියෙනවා ඇමති කෙනෙක් වෙන්නෙ නැතිව රටට වැඩක් කරන්න බැහැ කියලා.  අද මන්ත්‍රීවරු බොහෝ විට පක්‍ෂ මාරු කරන්නෙ ඇමතිකම් බලාපොරොත්තුවෙන්. ඒක කරන්නෙත්  ඉලක්කෙන් හතෙන් එහා පැත්තෙ කියැවෙන මුදල්වලට. ඊළඟට ඇමති වෙලත් නිකම් ඉන්නෙ නැහැ. තවත් හම්බ කරනවා.

Tuesday, 1 January 2019

Sunday, 30 December 2018

රනිල්ගේ ම නොවන රනිල්ගෙ ආණ්ඩුව හෙවත් සුමන්තිරන්ගෙ ආණ්ඩුව


රනිල්ගේ ම නොවන රනිල්ගෙ ආණ්ඩුව හෙවත් සුමන්තිරන්ගෙ ආණ්ඩුව



රනිල් උපාසක මහත්තයා දළදා මාළිගාවට ගිහින්. ඔහු නිළමෙළාත් එක්ක පින්තුරෙකුත් අරගෙන. රනිල්ට ඕන කෙනකු එක්ක පින්තූර ගන්න පුළුවන්. ඒත් සාමාන්‍යයෙන් නිළමෙළා පිරිවරාගෙන පින්තූර ගන්නෙ රාජ්‍ය නායකයා. මට සුභ සහ යස සිහිවෙනවා. කවටකමට හරිි රජ්ජුරුවන්ට අඳින එක හොඳ වැඩක් නො වෙයි. රනිල් අනුරාධපුරෙත් ගිහින්. ශ්‍රී මහා බෝධීන් වහන්සේට සිවුරු පූජා කරලා. තම හිසින් බෝධීන් වහන්සේ ස්පර්ශ කරලා. රනිල් දැන් වයසට ගිහින් ද? වයසට යන විටත් පරලොව මතක් වන විටත් මිනිසුන් ඔහොම හැසිරෙනවා. ඒත් රනිල්ගෙ සංස්කෘතිය මොකක් ද? රනිල්ට අවශ්‍ය තමන් සිංහල බෞද්ධ සංස්කෘතියෙ ආරක්‍ෂකයා කියල පෙන්නන්න ද?

Monday, 24 December 2018

ඇමති පෙරේතයෝ


ඇමති පෙරේතයෝ



ඊනියා ජාතික ආණ්ඩුවක් හදන්න බැරි නම් අඩුම තරමෙන් ඇමති ධුර දෙකක්වත් වැඩි කර ගන්න අද රනිල් හා පිරිස කටයුතු කරන බව පේනවා. ජනතාවට සේවය කිරීමට මෙතරම් උනන්දුවක් දක්වන පිරිසක් රටේ සිටීම අපේ ලොකු භාග්‍යයක් වෙන්න ඕන. දැන්වත් පැහැදිලි වෙන්න ඕන ඊනියා ජාතික ආණ්ඩු හදන්නෙ එංගලන්තෙ වගේ යුද්ධ කාලවල එකතු වෙලා රට රකින්න නොවෙයි ඇමතිකම් වැඩි කර ගන්න කියන එක.

Sunday, 23 December 2018

අධිකරණය සහ ජාතික ආණ්ඩු, රාජ්‍ය ඇමතිවරු, මහින්ද

අධිකරණය සහ ජාතික ආණ්ඩු, රාජ්‍ය ඇමතිවරු, මහින්ද  


අද රනිල්ගේ ආණ්ඩුව ඉන්නෙ අර්බුදයක. ඔවුන්ට ඇමති මණ්ඩලය තිහකට සීමා කරන්න බැහැ. ජනතාවට සේවය කරන්න කියමින් ඇමති ධුර ඉල්ලන බොහෝ අය ඉන්නවා. රනිල් ඔවුන්ට ඇමතිකම් දෙන්න ඕන. එය කළ හැක්කේ ඊනියා ජාතික ආණ්ඩුවක් පිහිටුවීමෙන් පමණයි. ඊනියා ජාතික ආණ්ඩුවක් කියන්නෙ සභාග ආණ්ඩුවක්. ඒකට සභාග ආණ්ඩුවක් කියන්නෙ නැතිව ප්‍රෝඩාතන්ත්‍රවාදී දහනවවැනි සංශෝධනයෙන් ඊනියා ජාතික ආණ්ඩුවක් කිව්වෙ තමන් සාමාන්‍ය ආණ්ඩුවක නම් මන්ත්‍රී සංඛ්‍යාව තිහට සීමා කරන බව කීමටත් අනෙක් පැත්තෙන් ජනතාවගේ ඇස්වලට වැලි ගසා ඇමති සංඛ්‍යාව තිහට වැඩි කර ගැනීමටත්.

Friday, 21 December 2018

ඇමති සංඛ්‍යාව ජාතික ආණ්ඩු හා බටහිර වෛද්‍යවරු


ඇමති සංඛ්‍යාව ජාතික ආණ්ඩු හා බටහිර වෛද්‍යවරු





වජිර අබේවර්ධන ඇමතිවරයකු කියලයි කියන්නෙ. එහෙත් ඔහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දන්නෙ නැති පාටයි. ඇමතිවරුන් මන්ත්‍රීවරුන් කී දෙනකු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා ස්ථාවර නියෝග  කියවා ඇත් ද යන්න ප්‍රශ්නයක්. අද එ ජා පෙරමුණට ඇමතිවරුන් සංඛ්‍යාව තිස් දෙනකුට වඩා වැඩි කරන්න අවශ්‍ය වෙලා. අද එ ජා පෙරමුණේ හා ඔවුන් වටා සිටින අයගේ ඒකායන බලාපෙරොත්තුව ඇමතිවරුන් තිස් දෙනකුට වඩා පත් කරන්න.

Saturday, 3 November 2018

නටපු තොවිළෙකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ

නටපු තොවිළෙකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ

සිකුරාදා ඊනියා ජාතික ආණ්ඩුවක් පිහිටුවන බවට පාරම් බෑ රාජිත චම්පක ආදීන් කතානායක සමග රැස්වීමක් තියලා මහින්ද පත් කරගත් විධිය වැරදියි කියලා. අදාළ යෝජනාවට ජ වි පෙ හා දෙමළ ජාතික සංධානයෙ ආපු නාපු සියල්ලන් එකතු කර ගත් විට 118ක් ලැබෙනවා. එහෙත් එයිනුත් දෙමළ ජාතික සංධානයෙ වියලේන්දිරන් නියෝජ්‍ය ඇමති ධුරයක් ලබා ගෙන. දැන් එතකොට තියෙන්නෙ 117යි. ඔය 117 දෙනාත් ආණ්ඩුවක් පිහිටුවන්න එකඟ වෙලා නැහැ. එකඟ වුණත් මරණාධාර සමිති පිහිටුවනවා වගේ ආණ්ඩු පිහිටුවන්න බැහැ. ආණ්ඩු පිහිටුවන එක ජනාධිපතිගෙ වැඩක් මිස කතානායකගෙවත් වෙනත් කාගෙවක්වත් වැඩක් නො වෙයි. චම්පකගෙයි රාජිතගෙයි අනෙක් අයගෙයි ඊනියා ජාතික ආණ්ඩුව පුස්සක් වෙලා.

Sunday, 14 October 2018

ඊනියා සභාග/භාරකාර ආණ්ඩුව


ඊනියා සභාග/භාරකාර ආණ්ඩුව



අතුරුදහන් වූ කොටි ත්‍රස්තවාදීන්ට වන්දි මුදල් ගෙවන එක ගැන කතාකරන්න තියෙනවා. ඒ ගැන ඉතා කෙටියෙන් කියන්න තියෙන්න රජයෙන් වන්දි ගෙවන්න ඕන එක්කෙ රජය වෙනුවෙන් යමක් කරන්න ගිහින් ඒ රාජකාරියේ දී මිය යන අයට, එහෙම නැත්නම් රජයේ යම්කිසි ක්‍රියාවක් නිසා වැරුද්දක් නැතිව මියගිය අයට. ඒ අවස්ථාවල මියගිය අයට පමණක් නොව ආබාධිත වූ අයට ද යම් වන්දියක් ගෙවන්න ඕන. කොටි ත්‍රස්තවාදීන් අයත්වන්නේ මේ වර්ග දෙකෙන් කොයි එකට ද? කොටි ත්‍රස්තවාදීන් රජය වෙනුවෙන් කටයුතු කළා ද? ඔවුන් මියගියේ වරදක් නැතිව ද? අපි එ ගැන තරමක් විස්තරාත්මක ව  ඉඩක් ලැබුණු විගස කතා කරමු. මෙයට අමතර ව රජයෙන් ආධාර කරන්නෙ ස්වාභාවික ආපදා නිසා විපතට පත් වූවනට. එ වන්දි නො වෙයි.

Tuesday, 6 March 2018

තෙල්දෙණියෙන් පාර්ලිමේන්තුවට



තෙල්දෙණියෙන් පාර්ලිමේන්තුවට


තෙල්දෙණිය සිද්ධිය ගැන තොරතුරු වාර්තා වන්නේ අසම්පූර්ණ ව.  ලැබී ඇති තොරතුරුවලින් පෙනී යන්නේ මෙය රථයක් පසු කර යෑමට ඉඩ නො දීම හෝ ඉඩ ලබා ගැනීමට නොහැකි වීම නිසා හෝ එක් පාර්ශ්වයක් අනෙක් පාර්ශ්වයට පහර දීමක් බවයි.  මෙහි දී මා වැරදි වන්න පුළුවන් බවත් අවධාරණය කළ යුතුයි. අවාසනාවකට පහර දුන් අය මුස්ලිම් වූ බවක් පෙනී  යනවා. මරණයට පත් වූ තැනැත්තා නම් සිංහල බව පැහැදිලියි. පහර දුන් අයත් සිංහල වී නම් හෝ දෙපැත්ත ම මුස්ලිම් වී නම් හෝ ප්‍රශ්නය මෙතරම් දුරදිග යන්නේ නැහැ.

Monday, 26 February 2018

නැති රෙද්ද සේදීම



නැති රෙද්ද සේදීම


මහින්ද ජාතිකත්වය නියෝජනය කිරීම යනුවෙන් ඊයේ පළ වූ ලිපිය වෙන දා ලිපි කියවන අයවත් කියවලා නැති බව පැහැදිලියි. මහින්දවාදීන්ට මේ ලිපි අරුචි වෙන්න පුළුවන්. ඔවුන් කැමති වුවත් නැතත් ඒ ලිපියේ ඉතිරි කොටස් පසුව පළවේවි. අද පුවත්පත්වල පළ වී ඇති ප්‍රවෘත්ති දෙකකට අවධානය යොමු කරනවා. ඉන් එකක් රෝහල්වල රෙදි සේදීම ගැන. අනෙක ආණ්ඩුවේ රෙදි සේදීම ගැන. පසුගිය මැතිවරණ සමයේ දී මෛත්‍රිපාල කියා සිටියා කොළේ ඉරාගෙන ඇඟේ හලාගෙන කටයුතු කිරීමක් ගැන. එසේ වීමේ දී රෙද්ද ද කිළිටි වෙනවා. ඒ රෙදි සෝදාගන්න එකයි අද ප්‍රශ්නය.

Thursday, 25 January 2018

දේශපාලන රංගන

දේශපාලන රංගන


මේ ආණ්ඩුව නීත්‍යානුකූල නැහැ කියලා අද ඒකාබද්ධ විපක්‍ෂය කියනවා. ඔවුන් එහෙම කියන්නෙ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ මොන වගන්තිය මත පදනම් වෙලා ද කියලා කියන්නෙ නැහැ. තමන් නීතිඥයකු බව නිතර මතක් කරන නිතර මාධ්‍ය සාකච්ඡා පවත්වන ඊනියා පක්‍ෂ නායකයකුවත් අපට කියන්නෙ නැහැ ආණ්ඩුව නීත්‍යානුකූල නොවන්නෙ මොන වගන්තිය යටතේ ද කියලා.

Wednesday, 24 January 2018

රටට අවශ්‍ය හා හිතකර කුමක් ද?

රටට අවශ්‍ය හා හිතකර කුමක් ද?


ජාතිකවාදීන්ට පමණක් නොව මහින්දවාදීන්ට ද පොදුවේ පොදු පෙරමුණට හිතවත් අයට ද වෙනත් අයට ද රටට අවශ්‍ය කුමක් ද කියා ඇසුවොත් විවිධ පිළිතුරු තිබේවි. ඒ පිළිතුරු තම තමන් රටට යහපතක් වන්නේ කෙසේ ද යන්න මතත් අවසානයේ දී රටට යහපතක් වීම යනු කුමක් ද යන්න මතත් රඳා පවතිනවා. ඒ ඒ අයගේ විශ්වාස මා ප්‍රශ්න කරන්නේ නැහැ. අප අපේ විශ්වාසවලින් බැහැර වන්නේ එක්තරා ආකාරයකට කම්පනයකට පත් වීමෙන් පසුවයි. තර්ක කිරීමෙන් නො වෙයි.

Friday, 21 July 2017

වෙසක් මැයි ගිවිසුම දෙසැම්බර්


වෙසක් මැයි ගිවිසුම දෙසැම්බර්



පාර්ලිමේන්තු දේශපාලනය කියන්නෙ හැකිතාක් පිරිසක් හැකිතාක් රැවටීම. ඒ බලය ලබා ගැනීමට හා බලය රැක ගැනීමට. ජනමාධ්‍ය ද කරන්නේ එයමයි. ඔවුන්ගේ ජනප්‍රියතාව රැක ගැනීම හා වැඩි කර ගැනීම. ඊනියා විදවතුන්  ද වැඩි වෙනසක් නැහැ. ඒ අතින් බලන කල සියලු දෙනා ම දේශපාලනඥයන්. කිසිම විචාර බුද්ධියක් නැති පිරිසක් රැවටීම අපහසු දෙයක් නො වෙයි. විශේෂයෙන් ම සිංහල බෞද්ධයන් ඉන්නේ රැවටෙන්න බලාගෙන.

Friday, 10 March 2017

කතානායක හා ඊනියා ජාතික ආණ්ඩුව


කතානායක හා ඊනියා ජාතික ආණ්ඩුව



පාර්ලිමේන්තුවේ රතන හාමුදුරුවො ස්වාධීන වෙලා. ඒක කතානායක පිළිඅරගෙන පාටයි. ජාතික නිදහස් පෙරමුණ ස්වාධීන වෙලා කියනවා. කතානායක ඒක පිළිඅරගෙන නැහැ. දිනේෂ් ගුණවර්ධන ඒ ගැන කතා කරපු එක කතානායකට හරි මදි. කතානායක පාර්ලිමේන්තු සභා ගැබට පොලීසිය ගෙන්නලා. පොලීසියෙ අංක තහඩු තිබුණෙ නැති එකට අනුර කුමාරට කේන්ති ගිහිල්ල. ඒත් ඔහු දිනේෂ් පිටමං කරන යෝජනාවට විරුද්ධ වුණෙ නැහැ. ජ වි පෙරමුණට ආණ්ඩුවට විරුද්ධ වෙන්න බැහැ. රනිල්ල සුමන්තිරන්ල චමිපකල අනුරල එකට ආණ්ඩු කරන්නෙ. කට්ටියක් කතානායකගෙ දකුණු අත පැත්තෙ වාඩි වෙනවා. කට්ටියක් කතානායකගෙ වම් අත පැත්තෙ වාඩි වෙනවා. ඒ වම දකුණ මාරුවෙලා නො වෙයි. කතානායකට වමක් දකුණක් නැති නිසා. අනුර වමේ ද දකුණෙ ද? කාල් මාක්ස් නෙවෙයි රනිල් දන්නව ඇති. අනුරට මාක්ස් (ලකුණු) නම් දෙන්නෙ රනිල්.