Main Logo

Showing posts with label Theldeniya. Show all posts
Showing posts with label Theldeniya. Show all posts

Sunday, 11 March 2018

ගෝඨාභයගේ අනාගතය


ගෝඨාභයගේ අනාගතය



පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂකයා ලෙස ගෝඨාභය රාජපක්‍ෂ තේරී ඇති බව පැහැදිලි ය. අපි ඔහුට සුබ පතමු. ගෝඨාභයගේ ජනාධිපති අපේක්‍ෂකත්වයට තේරීම අන් කාහටත් වඩා දිලිත් ජයවීරගේ ජයග්‍රහණයක්. ගෝඨාභය වටා අද ඉතා ඉහළ ම පෙළේ බුද්ධිමතුන්, ව්‍යාපාරිකයන්, දේශපාලනඥයන්, ජනමාධ්‍යවේදීන්, ජනමාධ්‍ය ප්‍රධානීන් පෙළ ගැසී තියෙනවා. ඔහු ජනාධිපති අපේක්‍ෂකයා ලෙස ජාතික ව්‍යාපාරයේ නියුතු වූවන්ට හඳුන්වාදීමේ සභාවක් පසුගිය දා කොල්ලුපිටියේ හෝටලයක පැවැත්වුණා. එහි දී මා මතු කළ අදහස් කිහිපයක් තවමත් වලංගුයි. එහෙත් මා බුද්ධිමතකුවත් ව්‍යාපාරිකයකුවත්, ජනමාධ්‍යයට සම්බන්ධ අයකුවත් නො වෙයි. මා බුද්ධියෙනුත් ධනයෙනුත් ජනප්‍රසාදයෙනුත් දුගියෙක්.  මහින්දවාදීන්ට අනුව මා සිරිසේනවාදියෙක්, කොන්ත්‍රාත්කාරයෙක්, මුග්ධයෙක්, බකපණ්ඩිතයෙක්, ගේම්කාරයෙක්, විහිළුකරඬෙක්, නිකරුණේ මිනිසුනට බැණ වදින්නෙක්, මගේ කතාව තමන් මෙන් හුදී ජන පහන් සංවේගය සඳහා නොලියා ජනතාවට ඒත්තු ගන්වන්න උත්සාහ කරන්නෙක්,  සහ තවත් එවැනි අයෙක්. ඒ බුද්ධිමතුන්ට අනුව මා කළ වරද කිහිපයක් තියෙනවා. ප්‍රධාන ම එක රනිල් ඉවත් කිරීමට මෛත්‍රිපාලට ශක්තිය ලබා දෙන ලෙස කළ ඉල්ලීම.

Wednesday, 7 March 2018

නැවතත් තෙල්දෙණියට



නැවතත් තෙල්දෙණියට


තෙල්දෙණිය ගැන කතන්දර රාශියක් කියලා තියෙනවා. ජනතාවගෙන් සන්සුන් වන්න කියලා බොහෝ දෙනා ඉල්ලීම් කරලත් තියෙනවා. ඒ ඉල්ලීම හොඳයි. ඒත් මිනිසුන් ඉල්ලීම් පිළිගන්නෙ නැහැ. මිනිසුන් වැඩ කරන්නෙ සිතැඟි උඩ. අද වෙන විට  හදිසි නීතිය පනවලා. ඒ නිසා මිනිසුන් ටිකක් කලබල නොකර සිටීවි. එයින් මා කියන්නේ හදිසි නීතිය හොඳයි කියන එක නො වෙයි. අද ඇමරිකන් එක්සත් ජනපද රාජ්‍යයත් කියනවා හදිසි නීතිය ඉවත් කරන්න කියලා. ආණ්ඩුව ඒකට නම් ඇහුන්කන් දේවි. බොහෝ විට සතියකින් හදිසි නීතිය ඉවත් කරන්න ඉඩ තියෙනවා.

Tuesday, 6 March 2018

තෙල්දෙණියෙන් පාර්ලිමේන්තුවට



තෙල්දෙණියෙන් පාර්ලිමේන්තුවට


තෙල්දෙණිය සිද්ධිය ගැන තොරතුරු වාර්තා වන්නේ අසම්පූර්ණ ව.  ලැබී ඇති තොරතුරුවලින් පෙනී යන්නේ මෙය රථයක් පසු කර යෑමට ඉඩ නො දීම හෝ ඉඩ ලබා ගැනීමට නොහැකි වීම නිසා හෝ එක් පාර්ශ්වයක් අනෙක් පාර්ශ්වයට පහර දීමක් බවයි.  මෙහි දී මා වැරදි වන්න පුළුවන් බවත් අවධාරණය කළ යුතුයි. අවාසනාවකට පහර දුන් අය මුස්ලිම් වූ බවක් පෙනී  යනවා. මරණයට පත් වූ තැනැත්තා නම් සිංහල බව පැහැදිලියි. පහර දුන් අයත් සිංහල වී නම් හෝ දෙපැත්ත ම මුස්ලිම් වී නම් හෝ ප්‍රශ්නය මෙතරම් දුරදිග යන්නේ නැහැ.