Main Logo

Showing posts with label Armed Forces. Show all posts
Showing posts with label Armed Forces. Show all posts

Wednesday, 24 June 2020

කොරෝනාව හා වම්මුන්ගේ සතුට

         

                                                   සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3    5  6  7  8  9





කොරෝනාව හා වම්මුන්ගේ සතුට

කොරෝනා තව ඉවර නැහැ. හමුදාවේ හා සෞඛ්‍ය සේවාවන්හි මැදිහත් වීමෙන් අප පළමු වටය ජයගෙන තිබෙනවා. එය ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් කෙරුණක්. සෞඛ්‍ය සේවාවන්හි යන්නෙන් අදහස් කරන්නේ නැහැ බටහිර වෛද්‍ය විිද්‍යාවක්. මෙහි දී සිදු වුණේ සෞඛ්‍ය පරිපාලනයක්. එහෙත් හමුදාවන් නොවන්නට මේ එකක්වත් මේ ආකාරයෙන් සිද්ධ වන්නේ නැහැ. හමුදාව කෙළේ ආසාදිතයන් හා ආසාදිතයන් විය හැකි අය හඹා යෑමක්. තරමක් හරි ප්‍රශ්නයක් වුණේ වැලිසර නාවික හමුදා කඳවුර. විශාල පිරිසක් එකට රඳවා තැබීම ප්‍රශ්නයක් වෙන්න ඇති. 

Friday, 17 April 2020

කිරි කලයට ගොම ටිකක්වත් දාන්න එපා

 සිංහල ලිත් ඉලක්කම්


කිරි කලයට ගොම ටිකක්වත් දාන්න එපා

කොවිඩ් මර්දන වැඩ පිළිවෙලේ ලංකාව නවවැනි තැන ගන්නවා කියල ලෝක කියනවා. ඒක ගැන බොහෝ දෙනාට ආඩම්බරයි. එහෙත් අප දන්නේ නැහැ ඔය කියන ආයතනය එහි දී යොදා ගත් නිර්ණායක කවරෙ ද කියා. ඔය නවවැනි ස්ථානය වාස්තවික යැයි හරි විද්‍යාත්මක යැයි හරි කියන එකක් නොවෙයි. එහෙම ඒවා නැහැ. නිර්ණායක වෙනස් කළොත් ඔය ස්ථානය වෙනස් වෙනවා. නිර්ණායක තීරණය කරන්නේ කවුද? කිසි දිනෙක බටහිර නොවන අය නො වෙයි. 

Sunday, 2 February 2020

වූහාන් පින්කම

                  සිංහල ලිත් ඉලක්කම්


වූහාන් පින්කම



වුහාන් හි සිටි ලංකාවෙන් ගිය සිසුන් හා ඔවුන්ගේ පවුල්වල උදවිය ඊයේ ආපසු ලංකාවට ගෙනැවිත්. ජනමාධ්‍යයෙන් කියන විධියට දියුණු යැයි කියන රටවල් තුනකට පසු වූහාන් ප්‍රදේශයෙන් තම රටවැසියන් ආපසු ගෙන්වා ගෙන ඇත්තේ ලංකාවයි. මේ පිළිබඳ ගෞරවය ජනාධිපතිතුමා, විදේශ ඇමතිතුමා, සෞඛ්‍ය ඇමතිතුමිය, විදේශ ලේකම් ඇතුළු අමාත්‍යාංශ කාර්ය මණ්ඩලයට, චීනයේ වැඩ බලන මෙරට තානාපතිතුමා ඇතුළු කාරයමණ්ඩලයට, ත්‍රිවිධ හමුදාවට, එයාර් ලන්කන් ගුවන් සේවයට, අදාළ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට, දෙරණට, චීන රජයට හා ඒ සම්බන්ධ කටයුතු කළ වෙනත් සියළු දෙනාට හිමි විය යුතුයි. මා හිතනවා මේ වන විට චීනයේ සිටි මෙරටින් ගිය අවශ්‍යතාව තිබූ සියල්ලන් ම පාහේ ආපසු ලංකාවට පැමිණ ඇත කියා.

Saturday, 11 May 2019

ඡන්ද දේශපාලනයෙන් ඔබ්බට

ඡන්ද දේශපාලනයෙන් ඔබ්බට

දේශපාලනඥයන්ට  පමණක් පාස්කු ප්‍රහාරය පිළිබඳ ප්‍රශ්නය විසඳන්න පුළුවන් ද කියන එක ප්‍රශ්නයක් වේගෙන යනවා. ඔවුන් කල්පනා කරන්නේ ඡන්ද පැත්තෙන් පමණයි. මේ ප්‍රශ්නය දෙමළ ජාතිවාදී ප්‍රශ්නයට වඩා සංකීර්ණයි. මෙහි දී ජාත්‍යන්තර බලවේග සෘජුව ම මැදිහත් වෙනවා. දෙමළ ජාතිවාදී ප්‍රශ්නයේ දී ඔවුන් සිටියේ පිටුපසින්. අද මේ වන විටත් බටහිර බලවතුන් ලංකාවට ඇවිල්ලා. ඒ වගේ ම මෙරට ඉන්න බටහිර තානාපතිවරු විපක්‍ෂ නායක මහින්ද ද හමුවෙනවා. ඕ බ්ලේක් ලොකු අවවාදයකුත් කරලා.

Friday, 10 May 2019

සිංහලයන්ගේ විශ්වාසය දිනා ගත යුතුයි

සිංහලයන්ගේ විශ්වාසය දිනා ගත යුතුයි

සොයා ගන්නා ආයුධ  ගැන මාධ්‍යයෙන් ප්‍රචාරය නොකරන ලෙස ආණ්ඩුව ගෙන ඇති තීරණය නිසා යහපතකට වඩා අයහපතක් වෙනවා. මේ අවස්ථාවේ දී මුස්ලිම් ජනයාගේ හිත් රිදවන එක හොඳ නැහැ. ඒ වගේ ම සිංහලයන්ගේ අවිශ්වාසය නැති කරන්නත් කටයුතු කරන්න ඕන. සිංහලයන් ආණ්ඩුවේ පරීක්‍ෂණ කටයුතු ගැන නම් සෑහීමකට පත් වෙන්නෙ නැහැ. පහුගිය දා පාසලකට බුර්කාව ඇඳ පැමිණි ගුරවරියන් කිහිප දෙනකුට පාසලට පැමිණීම තහනම් කළ අවස්ථාවේ ඔවුන් කෙලින් ම ගොස් ඇත්තේ අසාද් සාලි හමුවන්න. අසාද් සාලි ඔවුන් වෙනත් පාසල්වලට මාරු කරලා. ආණ්ඩුකාරකුට පාසල් ගුරුවර ගුරුවරියන් මාරු කිරීමට පුළුවන් ද යන්න ප්‍රශ්නයක්. ඒ කුමක් වුවත් අසාද් සාලි ඒ ගුරුවරියනට බුර්කාව නැතිව පාසලට යෑමට අවවාද නොකෙළේ ඇයි ද යන්න ප්‍රශ්නයක්. ඒ ගුරුවරියන්ට තම අලුත් පාසල්වලටත් ඒම තහනම් කළොත් අසාද් සාලි කරන්නේ මොකක් ද

Wednesday, 26 December 2018

උතුරු පළාතෙ ගංවතුර සම්බන්ධ ප්‍රශ්න කිහිපයක්


උතුරු පළාතෙ ගංවතුර සම්බන්ධ ප්‍රශ්න කිහිපයක්



උතුරු පළාත ම වගේ ගංවතුරෙන් යටවෙලා. දසදහස් ගණනක් අනාථ වෙලා. ඔවුන් ඉන්නෙ කඳවුරුවල. හමුදාවේ රැකවරණය ඇතිව වුවත් හමුදා කඳවුරුවල නොවෙයි. මේ ජනයා මුළුමනින් ම මෙන් දෙමළ කතා කරන්නන්. ස්වාභාවික ආපදා කියන ඒව එන්නෙ කලින් දැනුම් දීල නො වෙයි. ආපදාවන්ට ගොදුරු වූ අයට අනෙක් අයගෙ උදවු උපකාර අවශ්‍යයයි. මා හිතන්නෙ සෑහෙන ප්‍රමාණයක් උදවු උපකාර කිරීමට කටයුතු කළා කියලයි. ගංවතුරු උවදුර පහව යන තෙක් ම ආපදාවන්ට ලක් වූවන් රැක බලා ගැනීම අපේ යුතුකමක්. 

Friday, 18 May 2018

නන්දිකඩාල් සමග පෙරට

නන්දිකඩාල් සමග පෙරට

අද නන්දිකඩාල් දිනය. එහෙත් ආණ්ඩුව ඒ ජයග්‍රහණය සමරන්නේ නැහැ. එමගින් ආණ්ඩුව එක් පැත්තකින් රණවිරුවන් කළ කැපවීම, ජීවිත පූජා අවතක්සේරු කරනවා. ඒ බටහිරයන්ට යටවෙලා. රාජිත ජයග්‍රහණය අවතක්සේරු කරමින් රණවිරුවන්ට අවමන් කරමින් තවමත් ඇමතිවරයකු ලෙස වැජඹෙනවා. මෛත්‍රිපාලට රාජිත ඉවත් කරන්න හැකියාවක් නැහැ. ඒත් අද යාපනයේ ප්‍රභාකරන් සැමරෙනවා. එය නවත්තන්නත් ආණ්ඩුවට බැහැ. මේ නිවට ආණ්ඩුවට  රාජ්‍යය, ආණ්ඩුව, රාජ්‍ය ක්‍රමය, රට බෙදීම ආදියෙහි ඇති වෙනස්කම් තේරෙන්නේ නැහැ. ඔවුන් ජ වි පෙ හා කොටි සසඳන්නේ එබැවිනුයි. එහෙත් නිවට ආණ්ඩුව තවමත් තියෙනවා. රනිල් පවත්වාගෙන යන්න කවුද වැඩ කර තියෙන්නෙ කියලා ඇහුවම පොහොට්ටුවෙ උදවියට තරහ යනවා. තමන් කොටි සමග සැසඳුවත් ජ වි පෙ නිහඬයි.

Wednesday, 7 March 2018

නැවතත් තෙල්දෙණියට



නැවතත් තෙල්දෙණියට


තෙල්දෙණිය ගැන කතන්දර රාශියක් කියලා තියෙනවා. ජනතාවගෙන් සන්සුන් වන්න කියලා බොහෝ දෙනා ඉල්ලීම් කරලත් තියෙනවා. ඒ ඉල්ලීම හොඳයි. ඒත් මිනිසුන් ඉල්ලීම් පිළිගන්නෙ නැහැ. මිනිසුන් වැඩ කරන්නෙ සිතැඟි උඩ. අද වෙන විට  හදිසි නීතිය පනවලා. ඒ නිසා මිනිසුන් ටිකක් කලබල නොකර සිටීවි. එයින් මා කියන්නේ හදිසි නීතිය හොඳයි කියන එක නො වෙයි. අද ඇමරිකන් එක්සත් ජනපද රාජ්‍යයත් කියනවා හදිසි නීතිය ඉවත් කරන්න කියලා. ආණ්ඩුව ඒකට නම් ඇහුන්කන් දේවි. බොහෝ විට සතියකින් හදිසි නීතිය ඉවත් කරන්න ඉඩ තියෙනවා.