ඡන්ද දේශපාලනයෙන් ඔබ්බට
දේශපාලනඥයන්ට පමණක් පාස්කු ප්‍රහාරය පිළිබඳ ප්‍රශ්නය විසඳන්න පුළුවන් ද කියන එක ප්‍රශ්නයක් වේගෙන යනවා. ඔවුන් කල්පනා කරන්නේ ඡන්ද පැත්තෙන් පමණයි. මේ ප්‍රශ්නය දෙමළ ජාතිවාදී ප්‍රශ්නයට වඩා සංකීර්ණයි. මෙහි දී ජාත්‍යන්තර බලවේග සෘජුව ම මැදිහත් වෙනවා. දෙමළ ජාතිවාදී ප්‍රශ්නයේ දී ඔවුන් සිටියේ පිටුපසින්. අද මේ වන විටත් බටහිර බලවතුන් ලංකාවට ඇවිල්ලා. ඒ වගේ ම මෙරට ඉන්න බටහිර තානාපතිවරු විපක්‍ෂ නායක මහින්ද ද හමුවෙනවා. ඕ බ්ලේක් ලොකු අවවාදයකුත් කරලා.