Main Logo

Showing posts with label Sinhala Vedakama. Show all posts
Showing posts with label Sinhala Vedakama. Show all posts

Sunday, 2 February 2020

වූහාන් පින්කම

                  සිංහල ලිත් ඉලක්කම්


වූහාන් පින්කම



වුහාන් හි සිටි ලංකාවෙන් ගිය සිසුන් හා ඔවුන්ගේ පවුල්වල උදවිය ඊයේ ආපසු ලංකාවට ගෙනැවිත්. ජනමාධ්‍යයෙන් කියන විධියට දියුණු යැයි කියන රටවල් තුනකට පසු වූහාන් ප්‍රදේශයෙන් තම රටවැසියන් ආපසු ගෙන්වා ගෙන ඇත්තේ ලංකාවයි. මේ පිළිබඳ ගෞරවය ජනාධිපතිතුමා, විදේශ ඇමතිතුමා, සෞඛ්‍ය ඇමතිතුමිය, විදේශ ලේකම් ඇතුළු අමාත්‍යාංශ කාර්ය මණ්ඩලයට, චීනයේ වැඩ බලන මෙරට තානාපතිතුමා ඇතුළු කාරයමණ්ඩලයට, ත්‍රිවිධ හමුදාවට, එයාර් ලන්කන් ගුවන් සේවයට, අදාළ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට, දෙරණට, චීන රජයට හා ඒ සම්බන්ධ කටයුතු කළ වෙනත් සියළු දෙනාට හිමි විය යුතුයි. මා හිතනවා මේ වන විට චීනයේ සිටි මෙරටින් ගිය අවශ්‍යතාව තිබූ සියල්ලන් ම පාහේ ආපසු ලංකාවට පැමිණ ඇත කියා.

Thursday, 30 January 2020

කොරෝනා කෙරුණේ කෙසේ ද?

     සිංහල ලිත් ඉලක්කම්


කොරෝනා කෙරුණේ කෙසේ ද?


කොරෝනා වෛරසය ගැන කියන්න තරම් දෙයක් මා දන්නේ නැහැ. මා කරන්නේ රුපියල් අස්සේ අලුක්කාල් ගැසීමක්. ඒ අලුක්කාල මගේ පැත්තේ මට සාපේක්‍ෂ ව කීමයි මා කරන්නේ. වයිරසවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් ජනමාධ්‍යවේදීන් මෙරට ඉන්නවා. සාර්ස් වෛරසය හැඳිනගත් දැනට හොංකොංහි සේවය කරන මහාචාර්ය ජෝසෆ් ශ්‍රියාල් මලික් පීරිස් ලන්ඩන් රාජකීය සංගමයේ අධිසාමාජිකත්වයකින් පිදුම්ලත් ලංකිකයන් දෙදෙනාගෙන් එක් අයෙක්. අනෙක් තැනැත්තා ඉංජිනේරුවරයෙක්. දෙදෙනාම ශිල්පීන්. මෙරට දක්‍ෂ ශිල්පීන් ඉන්නවා. වෛරස බැක්ටීරියා විනාශ කරන බල්බයක් නිපදවූ මංජු ගුණවර්ධන එවැන්නෙක්. ලංකාවේ නැත්තේ ශාස්ත්‍රඥයන්. පඬියන් නම් ඕනැවටත් වඩා ඉන්නවා. තවමත් ලංකාවේ ඊනියා ශාස්ත්‍රඥයකුට ඔවුන්ට අනුව උසස් වූ රාජකීය සංගමයේ අධිසාමාජිකත්වය ලැබී නැහැ. මලික් පීරිස් කියන විධියට මේ කොරෝනා වෛරසය සාර්ස් වෛරසය තරම් දරුණු නැහැ. 

Tuesday, 28 January 2020

බ්‍රයන්ට් කොරෝනා පැසිපන්දු පෙරුන්කායම්

 සිංහල ලිත් ඉලක්කම්


බ්‍රයන්ට් කොරෝනා පැසිපන්දු පෙරුන්කායම්



පැසිපන්දු ක්‍රීඩක කෝබ් බ්‍රයන්ට් හෙලිකොප්ටර් අනතුරකින් මිය ගිහින්. ඔහු සමග ඔහුගෙ බිරියත් දියණියත් මිය ගිය බවයි කියැවෙන්නේ. මගේ සාමාන්‍ය දැනීම අතිශයින් දුර්වලයි. මා පැසිපන්දු ක්‍රීඩාව ගැන උනන්දුවක් දක්වන්නේ නැහැ. ඒ නිසා මා ජීවත් වූ බ්‍රයන්ට් ගැන දැන සිටියේ නැහැ. එහෙත් මිය ගිය බ්‍රයන්ට් ගැන මා දන්නවා. ඒ ප්‍රවෘත්ති අහල දැකලා. 

Saturday, 21 September 2019

මට සනීපයි පඬියන් හා දේශපාලනඥයන් නිසා රටට දුස්සාධ්‍යයි

          සිංල ලිත් ඉලක්කම්

මට සනීපයි පඬියන් හා දේශපාලනඥයන් නිසා රටට දුස්සාධ්‍යයි


පඬියන්ගේ පඬි පෝතකයන්ගේ හා පඬි නැට්ටන්ගේ කණගාටුවට හේතු වෙමින් මා ඊයේ සනීප වී ගෙදර පැමිණියා. මා එක්තැන් නොවී බේරුණේ පාරම්පරික සිංහල වෙදකම නිසා. වාතය කිපීම නිසා ලේ ගමන දුර්වල වීමෙන් ස්නායු ක්‍රියාකාරීත්වය දුර්වල වීම නිසා මට අසනීප වුණා. කාලෝ හිටිය නම් අහන්න තිබුණා වාතය බොයිල් නියමයට හසු වෙනවා ද කියා.

Friday, 14 July 2017

ඩෙංගු මර්දනය


ඩෙංගු මර්දනය



මේ ලිපි මුහුණු පොතේ පළ කිරීම ගැන මගේ කිසිම සතුටක් නැහැ. මා ලිපි ලියන්නේ කාලය වෙබ් අඩවියට පමණයි. එහෙත් දෙතුන් දෙනෙකු එකතු වී ඒ ලිපි මුහුණු පොතේ පළ කරනවා. එය තේරුමක් නැති වැඩක්. මුහුණු පොතේ ඉන්නා අය මට වඩා දන්නවා. ඔවුන්ගේ ප්‍රතිචාරවලින් පැහැදිලි වන්නේ එයයි. මා ඒ කිසිවකටවත් පිළිතුරු දෙන්න යන්නේ නැහැ. මට වඩා දන්නා අයට මා යමක් කියන්නේ කෙසේ ද? ක්‍රිස්තියානිය මෙරට රාජ්‍යාගම බව බොහෝ දෙනකු බොහෝ කලක සිට දන්නා බව ඉතා පැහැදිලියි. මා ඒ බව කීමෙන් මෝඩකමක් කළා යැයි මට හිතෙනවා. මා නම්  ඒ බව දැනගත්තේ සති දෙකතුනකට කලින්.  1840 දී සිදු වූ දේ ගැන බොහෝ දෙනා දන්නවා. මා කුමකට ඒ ගැන ලියනවා ද කියලා මට හිතෙනවා. මගේ මිතුරන් මේ ලිපි මුහුණු පොතේ පළ නොකරනවා නම් හොඳයි.