Main Logo

Showing posts with label .Hisbullah. Show all posts
Showing posts with label .Hisbullah. Show all posts

Monday, 3 June 2019

හිස්බුල්ලා බද්‍යුද්දීන් අත්අඩංගුවට නොගන්නේ ඇයි?

හිස්බුල්ලා බද්‍යුද්දීන් අත්අඩංගුවට නොගන්නේ ඇයි?

රතන හිමියන්ගේ උපවාසයෙන් පැහැදිලි වන කරුණ සිංහලයන්ට නායකත්වයක් නැති කමයි. ඒ උපවාසය බලන්න යන දේශපාලනඥයන්ට ඔවුන් මොන අරමුණෙන් එහි ගියත් කිසි දිනෙක ඒ නායකත්වයට පත් වෙන්න බැහැ.  ඒ කියන්නේ උපවාසය බලන්න නොගිය දේශපාලනඥයන්ට ඒ නායකත්වය හිමි වේය යන්න නො වෙයි. සිංහල ජනතාව ආගම් පක්‍ෂ භේදයකින් තොරව රතන හිමියන් බැලීමට ගොස් කියන්නේ එක ම එක කරුණක් පමණයි. ඒ අර ඇතැම් ත්‍රිරෝද රථයක කියවන්න ලැබෙන ආකාරයට අපි අසරණ වෙලා බුදුහාමුදුරුවනේ යන්නයි. දැන් කසිකබල් පඬියන් කියන්න පුළුවන් බුදුහාමුදුරුවන්ට සරණ වෙන්න බැහැ කියල. පඬියන් දන්න සිංහල බෞද්ධ සංස්කෘතියක් නැහැ. ඔවුන් හිතන්නෙ ඊනියා බෞද්ධ දර්ශනයක් ගැන. නැහැ බෞද්ධ දර්ශනය කියල එකක් නැහැ. සියළු දර්ශන පට්ටපල් බොරු.

Saturday, 1 June 2019

ජනතාව රවටන දේශපාලනඥයෝ හා ජඩමාධ්‍ය

ජනතාව රවටන දේශපාලනඥයෝ හා ජඩමාධ්‍ය 



ඊනියා සංහිඳියාව කියන එක අද නැත්තට ම නැති වෙලා. මෛත්‍රිපාල හා රනිල් අතරත් සංහිඳියාවක් නැහැ. ඒ නැති වෙලා දැන් අවුරුදු තුනකට වැඩියි. එදා සිට ඇත්තේ ආණ්ඩු දෙකක්. ඒ බව තේරුම් ගැනීමට ඒකාබද්ධ විපක්‍ෂයට බැරි වුණා. රනිල් ඉවත් කිරීම ප්‍රධාන කටයුත්ත බවට පත් වී තිබිය දී ඒකාබද්ධ විපක්‍ෂයේ ඇතැමුන් රනිල් රැක්කා. අවසානයේ දී බැරි ම තැන මහින්ද අගමැති කිරීමට සිදු වුණා. එහෙත් ඒ ඔක්තෝම්බර් විසිහය ආණ්ඩුව රැක ගැනීමට එකී ඒකාබද්ධ විපක්‍ෂයේ ම ඇතැමුන් උත්සාහ ගත්තේ නැහැ. ඔවුන්ට වඩා අවශ්‍ය වූයේ රිෂාඩ් බද්‍යුද්දීන්ගේ පක්‍ෂය රැක  ගැනීම.

Friday, 10 May 2019

සිංහලයන්ගේ විශ්වාසය දිනා ගත යුතුයි

සිංහලයන්ගේ විශ්වාසය දිනා ගත යුතුයි

සොයා ගන්නා ආයුධ  ගැන මාධ්‍යයෙන් ප්‍රචාරය නොකරන ලෙස ආණ්ඩුව ගෙන ඇති තීරණය නිසා යහපතකට වඩා අයහපතක් වෙනවා. මේ අවස්ථාවේ දී මුස්ලිම් ජනයාගේ හිත් රිදවන එක හොඳ නැහැ. ඒ වගේ ම සිංහලයන්ගේ අවිශ්වාසය නැති කරන්නත් කටයුතු කරන්න ඕන. සිංහලයන් ආණ්ඩුවේ පරීක්‍ෂණ කටයුතු ගැන නම් සෑහීමකට පත් වෙන්නෙ නැහැ. පහුගිය දා පාසලකට බුර්කාව ඇඳ පැමිණි ගුරවරියන් කිහිප දෙනකුට පාසලට පැමිණීම තහනම් කළ අවස්ථාවේ ඔවුන් කෙලින් ම ගොස් ඇත්තේ අසාද් සාලි හමුවන්න. අසාද් සාලි ඔවුන් වෙනත් පාසල්වලට මාරු කරලා. ආණ්ඩුකාරකුට පාසල් ගුරුවර ගුරුවරියන් මාරු කිරීමට පුළුවන් ද යන්න ප්‍රශ්නයක්. ඒ කුමක් වුවත් අසාද් සාලි ඒ ගුරුවරියනට බුර්කාව නැතිව පාසලට යෑමට අවවාද නොකෙළේ ඇයි ද යන්න ප්‍රශ්නයක්. ඒ ගුරුවරියන්ට තම අලුත් පාසල්වලටත් ඒම තහනම් කළොත් අසාද් සාලි කරන්නේ මොකක් ද