හිස්බුල්ලා බද්‍යුද්දීන් අත්අඩංගුවට නොගන්නේ ඇයි?
රතන හිමියන්ගේ උපවාසයෙන් පැහැදිලි වන කරුණ සිංහලයන්ට නායකත්වයක් නැති කමයි. ඒ උපවාසය බලන්න යන දේශපාලනඥයන්ට ඔවුන් මොන අරමුණෙන් එහි ගියත් කිසි දිනෙක ඒ නායකත්වයට පත් වෙන්න බැහැ. ඒ කියන්නේ උපවාසය බලන්න නොගිය දේශපාලනඥයන්ට ඒ නායකත්වය හිමි වේය යන්න නො වෙයි. සිංහල ජනතාව ආගම් පක්‍ෂ භේදයකින් තොරව රතන හිමියන් බැලීමට ගොස් කියන්නේ එක ම එක කරුණක් පමණයි. ඒ අර ඇතැම් ත්‍රිරෝද රථයක කියවන්න ලැබෙන ආකාරයට අපි අසරණ වෙලා බුදුහාමුදුරුවනේ යන්නයි. දැන් කසිකබල් පඬියන් කියන්න පුළුවන් බුදුහාමුදුරුවන්ට සරණ වෙන්න බැහැ කියල. පඬියන් දන්න සිංහල බෞද්ධ සංස්කෘතියක් නැහැ. ඔවුන් හිතන්නෙ ඊනියා බෞද්ධ දර්ශනයක් ගැන. නැහැ බෞද්ධ දර්ශනය කියල එකක් නැහැ. සියළු දර්ශන පට්ටපල් බොරු.