පළිගැනීම පිළිගැනීම හා ජනාධිපති කිරීම නොකිරීම
බටහිර නූතනත්ව සංස්ථාපනය විවිධ සංවිධාන අටවා ගැනීම ඇති වී තිබෙන සංවිධාන තම අවශ්‍යතා සඳහා යොදා ගැනීම නොදන්නා කෙනකු ඉන්නවා නම් ඒ පඬියකු ම වෙන්න ඕන. පාස්කු ප්‍රහාරය කෙළෙ ජාතික තව්හීඩ් ජමාද් සංවිධානය බව දැන් තහවුරු වෙලා. නඩු විභාගයක් නැතිව ඒක දැන ගත්තෙ කොහොමද වගේ පඬි කතා අහන්න පුළුවන්. අපටත් අවශ්‍ය කාලයෙන් පස්සට බලපාන නීති සම්මත කරල ඉක්මනට නඩුව විභාග කරල මුස්ලිම් ත්‍රස්තවාදය ලංකාවෙදි මුලිනුපුටා දාන්න. ඒත් රනිල්ගෙ ආණ්ඩුව තියෙනකන් ඒක වෙයි කියල විශ්වාස කරන්න අමාරුයි. රනිල් බොරු කතා කිය කිය හිටියෙ ඊනියා විදේශීය සංවිධානවල සාමාජිකයන් අත්අඩංගුවට ගන්න නීති නැහැයි කියල. දැන් ඒ අමන කතාව කියන්න බැහැ.