Main Logo

Showing posts with label Contradictions. Show all posts
Showing posts with label Contradictions. Show all posts

Saturday, 4 May 2019

පළිගැනීම පිළිගැනීම හා ජනාධිපති කිරීම නොකිරීම

පළිගැනීම  පිළිගැනීම හා ජනාධිපති කිරීම නොකිරීම



බටහිර නූතනත්ව සංස්ථාපනය විවිධ සංවිධාන අටවා ගැනීම ඇති වී තිබෙන සංවිධාන තම අවශ්‍යතා සඳහා යොදා ගැනීම නොදන්නා කෙනකු ඉන්නවා නම් ඒ පඬියකු ම වෙන්න ඕන. පාස්කු ප්‍රහාරය කෙළෙ ජාතික තව්හීඩ් ජමාද් සංවිධානය බව දැන් තහවුරු වෙලා. නඩු   විභාගයක් නැතිව ඒක දැන ගත්තෙ කොහොමද වගේ පඬි කතා අහන්න පුළුවන්. අපටත් අවශ්‍ය කාලයෙන් පස්සට බලපාන නීති සම්මත කරල ඉක්මනට නඩුව විභාග කරල මුස්ලිම් ත්‍රස්තවාදය ලංකාවෙදි මුලිනුපුටා දාන්න. ඒත් රනිල්ගෙ ආණ්ඩුව තියෙනකන් ඒක වෙයි කියල විශ්වාස කරන්න අමාරුයි. රනිල් බොරු කතා කිය කිය හිටියෙ ඊනියා විදේශීය සංවිධානවල සාමාජිකයන් අත්අඩංගුවට ගන්න නීති නැහැයි කියල. දැන් ඒ අමන කතාව කියන්න බැහැ. 

Friday, 21 December 2018

ඇමති සංඛ්‍යාව ජාතික ආණ්ඩු හා බටහිර වෛද්‍යවරු


ඇමති සංඛ්‍යාව ජාතික ආණ්ඩු හා බටහිර වෛද්‍යවරු





වජිර අබේවර්ධන ඇමතිවරයකු කියලයි කියන්නෙ. එහෙත් ඔහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දන්නෙ නැති පාටයි. ඇමතිවරුන් මන්ත්‍රීවරුන් කී දෙනකු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා ස්ථාවර නියෝග  කියවා ඇත් ද යන්න ප්‍රශ්නයක්. අද එ ජා පෙරමුණට ඇමතිවරුන් සංඛ්‍යාව තිස් දෙනකුට වඩා වැඩි කරන්න අවශ්‍ය වෙලා. අද එ ජා පෙරමුණේ හා ඔවුන් වටා සිටින අයගේ ඒකායන බලාපෙරොත්තුව ඇමතිවරුන් තිස් දෙනකුට වඩා පත් කරන්න.

Friday, 9 November 2018

නීතියේ පරස්පර


නීතියේ පරස්පර



මහා නීති විශාරදයන් සටනට බැහැලා. නීතිය පිළිබඳ කිසිම උගත්කමක් නැති මා කියන දේට වඩා නීති විශාරදයන් කියන දේ ජනතාව හා දේශපාලනඥයන් පිළිගන්නවා. මාධ්‍යවේදීන් අතිවිශාල බහුතරය නම් මා කියන දේ තුට්ටුවකවත් ගණන් ගන්නේ නැහැ. රුපියල් අස්සෙ අලුක්කාල් ගහන්නෙ මොනවට ද කියලා අප කුඩා කාලයේ කතාවක් තිබුණා. දැන් රුපියලත් අලුක්කාලක් වෙලා. නීති විශාරදයන් ද අලුක්කාල් වෙලා. ඒ නිසා නීති විශාරදයන් කියන දේ ගැන අපටත් කතා කරන්න පුළුවන් අලුක්කාල හා රුපියල අතර ඒ තරම් වෙනසක් නැති නිසා.