Main Logo

Showing posts with label Adhi Poya. Show all posts
Showing posts with label Adhi Poya. Show all posts

Monday, 28 May 2018

අපට අහිමි විය හැකි වෙසක්




අපට අහිමි විය හැකි වෙසක්



මේ ආණ්ඩුව නිවට ආණ්ඩුවක් බව සැබෑ. ආණ්ඩුව කිව්වට ආණ්ඩු දෙකක් තියෙනවා. එකක් මෛත්‍රිපාලගෙ අනික රනිල්ගෙ. දෙක ම නිවටයි ඒත් මා කැමති නැහැ හැම එකකට ම ආණ්ඩුවට බනින්න. අද ඇතැමුන් කියනවා ජාත්‍යන්තර ව නම් වෙසක් පැවැත්වෙන්නෙ හෙට නියම විධියට මැයි මාසෙ, අපි වැරදියට අප්‍රේල් මාසෙ පැවැත්තුව කියලා. මේ කතාවත් අනික් කතා වගේ ම ඉවරයක් වෙන්නෙ නැති කතාවක්. ආණ්ඩුවට විරුද්ධව මොනව හරි කියන්න ඕන අයත් වෙසක් පැවැත්තුවෙත් වැරදි දවසෙ කියලා ආණ්ඩුවට බනිනවා. ඒත් වෙසක් දවස තීරණය කෙළේ ජ්‍යොතිෂවේදීන්.

Friday, 27 April 2018

වෙසක් පොහොය කවදා ද?


වෙසක් පොහොය කවදා ද?



මෙවර වෙසක් පොහොය පිළිබඳ විවාදයක් ඇති වී තිබෙනවා. එය ඉතා වැදගත්. වෙසක් මාසය, වෙසක් පොහොය, අධි පොහොය උදාවීම ආදිය පිළිබඳ සූත්‍ර (සූත්‍ර කියන්නේ ඇසූ දේ)  කිහිපයක් ජ්‍යොතිෂවේදීන් කිහිප දෙනකු පෙන්වා දී තිබෙනවා. මෙය තමා අපේ ක්‍රමය. අප බලන්නේ මෙතෙක් පොහොය, අධි පොහොය ආදිය නීර්ණය කිරීමේ දී යොදා ගෙන ඇති ක්‍රම.  බටහිර ක්‍රමය එයට වඩා වෙනස්. එහි සූත්‍රයකට වඩා මූල ධර්මයකට වැදගත්කමක් හිමි වෙනවා. අප අපේ සම්ප්‍රදායේ සිටින අතර බටහිරයන්ගේ මූල ධර්ම ක්‍රමය අපට අවශෝෂණය කර ගන්නේ කෙසේ දැයි කල්පනා කරන්න ඕන.

Wednesday, 26 July 2017

අධිපෝය නිර්ණය කිරීම


අධිපෝය නිර්ණය කිරීම



මේ රටේ දේශපාලනය පහත් ම අඩියකට වැටිලා. අධිපෝයත් දේශපාලන ප්‍රශ්නයක් වෙලා. ඒකාබද්ධ විපක්‍ෂයේ අය කියන්නේ වෙසක් පෝය (පුර පසළොස්වක) අප්‍රේල් මාසයේ ලබන්න බැහැ කියා. ඔවුන්ට අනුව වෙසක් පෝය මැයි මාසයේ ලබන්න ඕන. වජිර අබේවර්ධන එයට පිළිතුරු දීමට මාධ්‍ය සාකච්ඡාවක් කැඳවලා. එහි පෝය කමිටුවේ සාමාජිකයන් යැයි සිතිය හැකි පිරිසක් සිටියා. සුපුරුදු පරිදි මෙයට පෙර වෙසක් පෝය අප්‍රේල් මස ලබපු අවස්ථාවලට නිදර්ශන ලැබුණා. කවුදෝ ජනමාධ්‍යවේදියකු වෙසක් පෝය විසා නැකතෙන් ලැබිය යුතු බවක් කියා සිටියා. එයට පිළිතුරක් ලැබුණා එය එසේ වීම අවශ්‍ය නැති බව. ප්‍රශ්නය එතැනින් අවසානයි.

Friday, 21 July 2017

වෙසක් මැයි ගිවිසුම දෙසැම්බර්


වෙසක් මැයි ගිවිසුම දෙසැම්බර්



පාර්ලිමේන්තු දේශපාලනය කියන්නෙ හැකිතාක් පිරිසක් හැකිතාක් රැවටීම. ඒ බලය ලබා ගැනීමට හා බලය රැක ගැනීමට. ජනමාධ්‍ය ද කරන්නේ එයමයි. ඔවුන්ගේ ජනප්‍රියතාව රැක ගැනීම හා වැඩි කර ගැනීම. ඊනියා විදවතුන්  ද වැඩි වෙනසක් නැහැ. ඒ අතින් බලන කල සියලු දෙනා ම දේශපාලනඥයන්. කිසිම විචාර බුද්ධියක් නැති පිරිසක් රැවටීම අපහසු දෙයක් නො වෙයි. විශේෂයෙන් ම සිංහල බෞද්ධයන් ඉන්නේ රැවටෙන්න බලාගෙන.