Main Logo

Showing posts with label Vesak. Show all posts
Showing posts with label Vesak. Show all posts

Saturday, 9 May 2020

වෙසක් දා බොරු කීම

෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯
                                                   සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3    4   5  6  7  8  9 





වෙසක් දා බොරු කීම


මේ ලිපි ලියන්නේ පඬියන්ට පඬි පෝතකයන්ට හා පඬි නැට්ටන්ට පිළිතුරු දීමට නො වෙයි. මුහුණු පොතේ ඇති වන ඊනියා සංවාද ගැන මට වැටහීමක් තියෙනවා. යම් ප්‍රශ්නයකට පිළිතුරක් දුන් පසු වෙනත් ප්‍රශ්න අසනවා. එහි කෙළවරක් නැහැ. මා පඬි නැට්ටන් දෙදෙනකුට මගේ ලිපියක් ගැන සඳහන් කළ කරුණු දෙකක් වැරදි බව පෙන්නුවා. ඒ පිළිතුරක් නො වෙයි. එක් පඬි නැට්ටකු මගේ ඊනියා පරස්පරයක් පෙන්වා තිබුණා. මා එය පරස්පරයක් නොවන බව පමණක් පෙන්නුවා. දැන් ඔහු වෙනත් ප්‍රශ්න අසනවා. කලින් ඇසූ ප්‍රශ්නයකටත් පිළිතුරු ඉල්ලනවා. මා ප්‍රශ්නවලට පිළිතුරු දෙන්නේ නැහැ. 

Thursday, 7 May 2020

වෙසක් සිතුවිලි

෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯
                                                   සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3    4   5  6  7  8  9 





වෙසක් සිතුවිලි 

අද වෙසක්. අවුරුදු දෙදහස් පන්සීයකට පමණ පෙර බුදුන් වහන්සේ සම්මාබෝධ කළ දෙයට වඩා දෙයක් ඉන්පසු කාලයෙහි පෙරදිග හෝ අපරදිග හෝ කිසිවකුට "දැන ගැනීමට" නොහැකි වී ඇත්තේ ඇයි. පොත් ලක්‍ෂ ගණනක් ලියැවී ඇතත් බුදුන් වහන්සේ දේශනා කළ දෙය ඉක්මවන්නට කිසිවකුට නොහැකි වූයේ ඇයි? ඒ බුදුන් වහන්සේ කිසි දෙයක් දේශනා නොකළ නිසා. එසේ කීම සාහසික ප්‍රකාශයක් ලෙස කිසිවකුට සිතෙන්න පුළුවන්. විශේෂයෙන් බෞද්ධයන් එසේ සිතන්න පුළුවන්. සූත්‍ර දේශනාවල කිසිවක් නැද්ද කියා අහන්න පුළුවන්.  අද මේ වෙසක් දිනයෙහි කිසිවකු මා සමග කෝප විය යුතු නැහැ. මගේ අරමුණත් කිසිවකු කෝප කරවීම නො වෙයි.

Friday, 20 March 2020

කොවිඩ් 19, වීරයෝ හා මැතිවරණය

      සිංහල ලිත් ඉලක්කම්


කොවිඩ් 19, වීරයෝ හා මැතිවරණය




නිරෝධායනය කියන වචනය තේරුම් ගැනීමට නොහැකි ව ඇතැම් පිරිසක් ඉන් කට්ටි පනින්න හදල තියෙන බව පැහැදිලියි. ඔවුන් සමහර දෙනකු තමන් ඉතාලියේ සිට පැමිණෙන බව වසන් කිරීම සඳහා එංගලන්තය ප්‍රංශය ආදී රටවලින් ගුවන් යානාවලට ගොඩ වී තියෙනවා. මුල සිට ම දෙයියන්නෙ ලෙඩක් ඒකට වෙන් කරන්න ඕන කිවුව නම් සමහර විට ප්‍රශ්න බොහොමයක් විසඳ ගන්න තිබුණා.

එහෙම වුණත් සමහර උදවිය ඉන්නේ බෑන් චූන් සංස්කෘතියෙ. ඒකට ආතල් සංස්කෘතිය හරි ෆන් සන්ස්කෘතිය හරි කිවුවත් කමක් නැහැ. ආණ්ඩුව මේ දිනවල නිවාඩු දීල නැහැ. සෙනසුරාදා ඉරිදා පමණයි නිවාඩු. අනෙක් දවස්වල ගෙදර ඉඳන් වැඩ කරන්න පුළුවන් නම් එහෙම කරන්න ඕන. ඒ කොහොම වුණත් ගෙදර ඉන්නෙ ෆන් ගන්න නොවෙයි. මේ කාලෙ සමහරු සිරීපාදෙ යන්නෙත් ෆන් ගන්න. 

Monday, 13 May 2019

ඛෙමගෙ කොලුවගෙ සිංහල බෞද්ධ නොවන රට

ඛෙමගෙ කොලුවගෙ සිංහල බෞද්ධ නොවන රට


මංගල සමරවීර කියල මේ රට සිංහල බෞද්ධ රටක් නෙවෙයි කියල ඔහු කියාවි ද එංගලන්තය ඉංගිරිසි ක්‍රිස්තියානි රටක් නොවෙයි කියල. එහෙම කියද්දි ඔහු තවදුරටත් කිව්වොත් රටේ බහුතරය ඉංගිරිසි ක්‍රිස්තියානි වුණත් තවත් ජනවර්ග ඉන්නවයි කියල කිසිවකු මොකුත් කියන එකක් නැහැ. ඒ මොකද එහි කිසිවකු, ලංකාවෙන් එහි ගිය කිහිප දෙනකු හැරෙන්න, මංගල සමරවීර දන්නෙ නැති නිසා, කිසිවකු ඔහු පැන්සයකට ගණන් ගන්නෙ නැති නිසා. මා හිතන්නෙ නැහැ ඇඳුම් විලාසිතා ගැන කටයුතු කරන අයවත් ඔහු පැන්සයකට ගණන් ගන්නවා කියල. එංගලන්තෙ ජනමාධ්‍යයට මංගල කියන්නෙ මොකක්ද කියන එක දැන ගන්න වුවමනාවක් නැහැ. අර බීීබීසියෙ සංදේශය නම් සමහරවිට ඔහු සමග සාකච්ඡාවක් පවත්වාවි. බීබීසි සංදේශය පාස්කු ප්‍රහාරයටත් සිංහල බෞද්ධයන් වරදකරුවන් කියල කිව්වෙ. එංගලන්තෙ දි මංගලගෙ වටිනාකම එහෙමයි. 

Sunday, 29 April 2018

සිංහල බෞද්ධ රාජ්‍යය




සිංහල බෞද්ධ රාජ්‍යය



අද වෙසක් පුර පසළොස්වක. අද තමයි තෙමඟුල සිදු වූ දවස. සමහරු අහනවා බුදු හාමුදුරුවන් පිරිනිවන් පෑම මඟුලක් වෙන්නේ කොහොම ද කියා. බුදු වීමෙන් පසුවත් උන්වහන්සේ අවුරුදු හතළිස් පහක් සත්වයාගේ (මිනිසුන්ගේ පමණක් නොව) හිත සුව පිණිස ධර්මය දේශනා කළා. පිරිනිවන් පෑමෙන් පසු ඒ කාර්යය ඉටු වන්නේ නැහැ. ඒ ගැන කණගාටුවක් තියෙන්න පුළුවන්. එහෙත් උන්වහන්සේ දෙසූ ධර්මය අදත් තියෙනවා. ධර්මය ගැන විවිධ අර්ථකථන තිබුණත් අප ථෙරවාදය ආරක්‍ෂා කර ගෙන තියෙනවා. ථෙරවාදය කියන්නෙත් එක දැනුමක් නොවෙයි. ඒකටත් විවිධ අර්ථකථන තියෙනවා. ඒත් අපට සාමාන්‍යයෙන් ථෙරවාදය කියන්නෙ මොකක් ද කියන එක තේරුම් ගන්න පුළුවන්. ඒ  බුුදු හාමුදුරුවන් දැකීමෙන්. බුදු හාමුදුුරුවන් කවුද කියා දැන ගැනීම ධර්මය දැන ගැනීමෙන් කරන්න පුළුවන්.  ධර්මය දැකීමෙන් බුදු හාමුදුරුවන්  දකින්න පුළුවන්. මෙය චක්‍රියයි.

Friday, 27 April 2018

වෙසක් පොහොය කවදා ද?


වෙසක් පොහොය කවදා ද?



මෙවර වෙසක් පොහොය පිළිබඳ විවාදයක් ඇති වී තිබෙනවා. එය ඉතා වැදගත්. වෙසක් මාසය, වෙසක් පොහොය, අධි පොහොය උදාවීම ආදිය පිළිබඳ සූත්‍ර (සූත්‍ර කියන්නේ ඇසූ දේ)  කිහිපයක් ජ්‍යොතිෂවේදීන් කිහිප දෙනකු පෙන්වා දී තිබෙනවා. මෙය තමා අපේ ක්‍රමය. අප බලන්නේ මෙතෙක් පොහොය, අධි පොහොය ආදිය නීර්ණය කිරීමේ දී යොදා ගෙන ඇති ක්‍රම.  බටහිර ක්‍රමය එයට වඩා වෙනස්. එහි සූත්‍රයකට වඩා මූල ධර්මයකට වැදගත්කමක් හිමි වෙනවා. අප අපේ සම්ප්‍රදායේ සිටින අතර බටහිරයන්ගේ මූල ධර්ම ක්‍රමය අපට අවශෝෂණය කර ගන්නේ කෙසේ දැයි කල්පනා කරන්න ඕන.

Saturday, 31 March 2018

පෙළපාළි හා තොරං


පෙළපාළි හා තොරං





ආණ්ඩුව මැයි පෙළපාළි පැවැත්වීම කල් දාලා. ඒ මැයි දිනය වෙසක් පෝය දිනයට වැටෙන නිසා. වෙසක් දවසෙ මැයි පෙළපාළි යන්න අමාරුයි. ත්‍රිරෝද පක්‍ෂවලට එය බලපාන්නෙ නැහැ. සමහර පක්‍ෂ කණ්ඩායම් මැයි දිනය සමරන්නෙ කුඩා ශාලාවල. ජනමාධ්‍ය නොවන්න ඒ රැස්වීම් පැවැත්වූවා ද නැද්ද යන්න දැනගන්න පුළුවන් රැස්වීමට ගිය අයට පමණයි. ඒ අය මැයි දිනය වෙසක් දිනයේ ම පවත්වාවි. එසේ පැවැත්වීම ලොකු විප්ලවයක්  කිරීමක් හැටියටත් සලකාවි. අර කම්කරු පංති විප්ලවය කිසි දිනෙක නොඑන එකක් බැවින් මෙවැනි පොඩි පොඩි සිද්ධි විප්ලව හැටියට හඳුනාගත්තට කමක් නැහැ. ඒක කුඩා දරුවන්ගේ මානසිකත්වයකින් කෙරෙන්නක්. මාක්ස්වාදීන් කිසි දිනෙක වැඩිහිටියන් වන්නේ නැහැ.

Friday, 21 July 2017

වෙසක් මැයි ගිවිසුම දෙසැම්බර්


වෙසක් මැයි ගිවිසුම දෙසැම්බර්



පාර්ලිමේන්තු දේශපාලනය කියන්නෙ හැකිතාක් පිරිසක් හැකිතාක් රැවටීම. ඒ බලය ලබා ගැනීමට හා බලය රැක ගැනීමට. ජනමාධ්‍ය ද කරන්නේ එයමයි. ඔවුන්ගේ ජනප්‍රියතාව රැක ගැනීම හා වැඩි කර ගැනීම. ඊනියා විදවතුන්  ද වැඩි වෙනසක් නැහැ. ඒ අතින් බලන කල සියලු දෙනා ම දේශපාලනඥයන්. කිසිම විචාර බුද්ධියක් නැති පිරිසක් රැවටීම අපහසු දෙයක් නො වෙයි. විශේෂයෙන් ම සිංහල බෞද්ධයන් ඉන්නේ රැවටෙන්න බලාගෙන.

Saturday, 13 May 2017

මෝදිං සරණං ගච්ඡාමි


මෝදිං සරණං ගච්ඡාමි



මෝදි අපට ඇහෙන්න කතා දෙකක් කළා. එකක් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවෙ දි. අනෙක දික්මය නෝර්වුඩ් ක්‍රිඩාංගනයේ දී. බණ්ඩාරනායක ශාලාවෙ කරපු කතාව ප්‍රභූන්ට. එහි නිවේදක කටයුතු කෙළේ චන්ද්‍රිකාගෙ ඥාතියකු වූ  අරුන් ඩයස් බණ්ඩාරනායක. ඔහු යොහෝවාගේ සාක්‍ෂිකාරයන්ගේ ආගමේ. ඒක ක්‍රිස්තියානි නිකායක්. ඔහුට වෙසක් උත්සවයක් ගැන හැඟීමක් තිබුණෙ නැහැ. ඇතැම් නළුවන් එවැනි අවස්ථාවල දී නැති හැඟීම් රඟ පාලා පෙන්නවා. මොහු එසේවත් කෙළේ නැහැ. ඔය නිවේදක කටයුත්තට ඉංගිරිසි දන්න සිංහල බෞද්ධයකු හොයා ගන්න  බැරි වුණා ද?

Friday, 12 May 2017

මෝදිගෙ නියම ඉන්දියානුවො


මෝදිගෙ නියම ඉන්දියානුවො



ඉන්දියාව කියලා රටක් ඇති වුණෙ ඉංගිරිසින්ගෙන් පස්සෙ වුණත් ඒ ප්‍රදේශය බොහොම කාලෙක ඉඳලා පැවතුණා. ඒ ප්‍රදේශයට යම් කාලෙක ඉන්දියාව කියලත් කිවුවා. ප්‍රදේශයක් තියෙන්න රටක් තියෙන්න ඕන ම නැහැ. කොලම්බස් බටහිරට ගියෙත් ලෝකය රවුම් හින්ද ඉන්දියාව සොයා ගෙන කියලා කතාවක් තියෙනවා. ඇමරිකා මහාද්වීපයෙ හිටි මිනිසුන්ට රතු ඉන්දියන්වරු කියලා කිව්වෙත් මේ ඉන්දියා කතාව හින්ද.

Sunday, 7 May 2017

සිංහල බෞද්ධ වෙසක් දිනයක්  

සිංහල බෞද්ධ වෙසක් දිනයක්

වෙසක් දිනය ළඟට ම ඇවිත්. ඒත් වැඩි සූදානමක් නැහැ. අද සූදානම් වන්නේ එක්සත් ජාතීන්ගේ වෙසක් දිනයට. එය ජාත්‍යන්තර වෙසක් දිනය ලෙසත් හැඳින්වෙනවා. එක්සත් ජාතීන්ගේ වෙසක් දිනය තායිලන්තයේත් පවත්වලා තියෙනවා කියලා ආණ්ඩුවේ ප්‍රබලයකු කියා තිබෙනවා. අපට මෙච්චර කලක් මේ ජාත්‍යන්තර වෙසක් දිනය පවත්වන්න බැරි වුණෙ මොකද කියල ව්‍යංගයෙන් අහනවා. ඒකටත් වැරදිකාරයා මහින්ද වෙන්න ඇති. ඇත්තට ම මහින්ද මොකද මේ ජාත්‍යන්තර වෙසක් දිනය ලංකාවෙ පවත්වන්න කටයුුතු නො කෙළෙ.

Tuesday, 28 February 2017

සිංහල බෞද්ධ විරෝධීන්ගේ   වෙසක්             


සිංහල බෞද්ධ විරෝධීන්ගේ   වෙසක්             


ඉන්දියාවෙ ඉන්න හින්දු විරෝධීන් ගැන ෆ්‍රංශුවා ගෞෂර් (මේ නම උච්චාරණය කෙරෙන්නේ මෙසේ දැයි මා දන්නේ නැහැ) නමැත්තකුගේ වෙබ් අඩවියක ලිපියක් පළ වී තිබුණා. එහි නම් පනහක් සඳහන් වී තිබුණා. ඒ අතර ජවහර්ලාල් නේරු, රජිව් ගාන්ධි, සෝනියා ගාන්ධි ආදීන්ගේ නම් මෙන් ම රොමිලා තාපර් වැනි ඉතිහාසඥයන්ගේ හා විද්වතුන්ගේ නම් ද ෂාරුක් ඛාන් වැනි නළුවන්ගේ නම් ද තිබුණා. ලංකාවේ සිංහල බෞද්ධ විරෝධීන්ගේ නම් ගැන මා අමුතුවෙන් කියන්න ඕනෑ නැහැ.