මෝදිං සරණං ගච්ඡාමි
මෝදි අපට ඇහෙන්න කතා දෙකක් කළා. එකක් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවෙ
දි. අනෙක දික්මය නෝර්වුඩ් ක්‍රිඩාංගනයේ දී. බණ්ඩාරනායක ශාලාවෙ කරපු කතාව ප්‍රභූන්ට.
එහි නිවේදක කටයුතු කෙළේ චන්ද්‍රිකාගෙ ඥාතියකු වූ
අරුන් ඩයස් බණ්ඩාරනායක. ඔහු යොහෝවාගේ සාක්‍ෂිකාරයන්ගේ ආගමේ. ඒක ක්‍රිස්තියානි
නිකායක්. ඔහුට වෙසක් උත්සවයක් ගැන හැඟීමක් තිබුණෙ නැහැ. ඇතැම් නළුවන් එවැනි
අවස්ථාවල දී නැති හැඟීම් රඟ පාලා පෙන්නවා. මොහු එසේවත් කෙළේ නැහැ. ඔය නිවේදක
කටයුත්තට ඉංගිරිසි දන්න සිංහල බෞද්ධයකු හොයා ගන්න
බැරි වුණා ද?