Main Logo

Showing posts with label Sinhala Buddhagama. Show all posts
Showing posts with label Sinhala Buddhagama. Show all posts

Wednesday, 4 March 2020

මැකොස හාමුදුරුවරු හා සම්ප්‍රදාය

  සිංහල ලිත් ඉලක්කම්


මැකොස හාමුදුරුවරු හා සම්ප්‍රදාය




මැතිවරණ කොමිසමේ සභාපති (මැකොස) නීතිය අකුරට ම ක්‍රියාත්මක කරන්න යනවා. ඒ ආගමික සිද්ධස්ථානවල දේශපාලනය කිරීම සම්බන්ධයෙන්. ඔහු මල්වත්තට හා අස්ගිරියට ගිහින් නීතිය පහදලා. මහානායක අනුනායක ලේඛකාධිකාරි හාමුුදුරුවරු මැකොස කියන දේ පිළිගෙන ඇති බවයි වැටහෙන්නෙ. එසේ නම් එය භයානක තත්වයක්. මා මහානායක හාමුදුරුවරුන්ට සිංහල බුද්ධාගම කියා දෙන්න උත්සාහ කරන්නේ නැහැ. මට එය කරන්නත් බැහැ. මා සාමාන්‍ය ගිහියකු පමණයි. අනෙක මට මේවා ලියන්න අයිතියකුත් නැහැ. මට වඩා දෙසට සසුනට වැඩ කළ අය ඉන්දැද්දි මා ඒ ගැන කතා කිරීම වරදක් වෙන්නත් පුළුවන්. ඔවුන්ට තැන දී පැත්තකට වීම තමයි මා කළ යුත්තේ. 

Sunday, 23 February 2020

යක්‍ෂයන් ජාතිය රකින්නෙ නැත් ද?

       සිංහල ලිත් ඉලක්කම් 


යක්‍ෂයන් ජාතිය රකින්නෙ නැත් ද?



බුදුදහම ගැන උනන්දුවක් දක්වන අය අතර මුහුණු පොතේ සංවාදයක් කෙරී ගෙන යන බව දැන ගන්නට ලැබ සමහර සටන් කියෙව්වා. බුදුන් වහන්සේ වදාළ ධර්මය පිළිබඳ එක් එක් අයට තිබෙන්නේ එක් එක් මත කියන්න පුළුවන් වුණත් එහෙම කියන එක වැරදියි. ඉන් කියැවෙන්නේ බුදුදහම එක් එක් අය තමන්ට පේන විධියට තේරෙන විධියට අර්ථකථනය කරන එක. එහෙත් අප කරන්නේ එක් එක් අයගේ බුදුදහම් ඉදිරිපත් කරන එක පමණයි. අප ප්‍රකාශ කරන්නේ අප නිර්මාණය කරන අපේ බුදුදහම්. 

Tuesday, 1 October 2019

ගෝඨාභයගේ අපේක්‍ෂකත්වය

     සිංහල ලිත් ඉලක්කම්

ගෝඨාභයගේ අපේක්‍ෂකත්වය


ගෝඨාභයගේ අපේක්‍ෂකත්වය අධිකරණ තරාදියට දාලා. එහි දී අධිකරණයට ගිහිල්ල තියෙන්නෙ මෙරට බිහි වූ විශිෂ්ටතම බුද්ධිමතුන් මෙන් ම ගවේෂකයන් ද වූ දෙදෙනෙක්. එක්කෙනෙක් කලකට ඉහත සමසමාජ පක්‍ෂ කාර්යලයෙදි මෙරට සමාජවාදයෙහි මහගෙදර දී සමාජවාදය පරාදවීම ගැන දුක්ඛ දොමනස්සයට පාත්‍ර වූ අයෙක්. අනෙක් අය බැරල් මගින් එකල තිබූ මාර්ග බාධකවලට විරුද්ධ ව සෞන්දර්යාත්මක විප්ලවයක් කළ අයෙක්. මා හිතන්නේ ඔවුන් ශාස්ත්‍රීය ගවේෂණයක ප්‍රතිඵලයක් ලෙස ගෝඨාභයගේ ජාතික හැඳුනුම්පත හා මෙරට රටවැසි සහතිකය පිළිබඳ ඉතා වැදගත් තොරතුරු හෙළදරවු කර ගෙන ඇති බවයි. එහෙත් රාජිත ඔවුන්ට නිසි ගෞරවය ලබා දීමට සූදානම් නැහැ. රාජිතට අනුව නඩුව එ ජා පක්‍ෂයේ වැඩක්! රාජිත විශිෂ්ට බුද්ධිමතුනට නිසි තැන දීමට කැමැත්තක් නැද්ද?  

Monday, 17 June 2019

හිස්බුල්ලා හා ජනාධිපති අපේක්‍ෂක

හිස්බුල්ලා හා ජනාධිපති අපේක්‍ෂක

හිස්බුල්ලාගෙන් අරාබි ජාතිකයන් කිහිප දෙනකු සම්බන්ධයෙන් ප්‍රශ්න කෙරිලා. ඔහු ඒ අරාබි ජාතිකයන් සමග යම් ගණුදෙනුවක යෙදිලා. ඇඳිරි නීතිය පනවා ඇති වෙලාවක මේ අරාබි ජාතිකයන් යම් හෝටලයක හදිසියෙන් තම ඇඳුම් පවා හෝටලයෙන් පිටත මාරු කර යම් මල්ලක් තබා යමින් මේ කර ඇත්තේ කිනම් ගණුදෙනුවක් ද? අර පාර්ලිමේන්තු තේරීම් කමිටුවට නම් ඒ කිසිවක් ප්‍රශ්නයක් වෙලා නැහැ. 

Monday, 6 May 2019

බුර්කාව නූතනත්වය හා පශ්චාත්නූතනත්වය


බුර්කාව නූතනත්වය හා පශ්චාත්නූතනත්වය


ටික කාලෙකට ඉස්සර, මට හරියට ම මතක නැහැ නිච්චියට ම කියන්න, කිහිප දෙනෙක් අපේ ගෙදර ආවා. ඒ ආවා ගියා නම් නො වෙයි. එක එක දිනක් පමණක් ආවා. ඔවුන් හිතන් හිටියෙ මා සිංහල බෞද්ධ විරෝධී දේ කියනවා කියා. අඩුම තරමෙන් ථෙරවාදයට විරුද්ධ දේ කියනවා කියා. ඔවුන් හිතුවෙ මා ඊනියා පශ්චාත්නූතනවාදියෙක් කියලා. එක් අයකු එක්සත් රාජ්‍යවලට ගොස් මෙරට පුවත්පතකට ලිපියක් ලියා කියා සිටියේ ඔහු එහි ඉගෙන ගත් දේ මුලින් ම දැන ගත්තේ කොළඹ විශ්වවිද්‍යාලයෙදි  මගෙන් කියා. ඒ දවස්වල කාලය සඟරාවට ලිපි සැපයුවන් අතර සිංහල බෞද්ධ විරොධීන් ද සිටියා. මගේ ඇතැම් පොත්වලට පිටකවර ඇන්දේත් කාලය සඟරාවට චිත්‍ර ඇන්දේත් පසුව ලක්මිණ පුවත්පතට චිත්‍ර ඇන්දේත් වත්මන් පුවත්පත් කතුවරයෙක්. එදා ලක්මිණට ලිපි ලියුවන් අතර පසුව මන්ත්‍රීවරුන් ඇමතිවරුන් බවට පත් වූවන් සිටියා. එහෙත් ඔවුන් කල් යන විට තේරුම් ගත්තා මා කියන්නේ ඔවුන්ට අවශ්‍ය දේ නොවන බව.

Thursday, 21 March 2019

ශ්‍රී ල නි ප පොහොට්ටු සාකච්ඡා හා මහාවංශ ව්‍යාපෘතිය



ශ්‍රී ල නි ප පොහොට්ටු සාකච්ඡා හා මහාවංශ ව්‍යාපෘතිය



අද ශ්‍රී ල නි ප හා පොහොට්ටුව අතර දෙවැනි සාකච්ඡා වටය පැවැත්වෙනවා. මේ සාකච්ඡා පැවැත්තෙන්නේ ඒ පක්‍ෂ අතර පළල් සංධානයක් ගොඩ නගා ගැනීමේ අරමුණෙන්. ඒ පක්‍ෂ දෙකට අමතර ව තවත් කුඩා යැයි කියන පක්‍ෂ තියෙනවා. පොහොට්ටුවේ ඇතැමුන්ට අනුව මේ කුඩා පක්‍ෂ වැඩක් නැහැ. ඔවුන්ට  අනුව ඒ මහජන මුදල් කන පක්‍ෂ පමණයි. එසේ මහජන මුදල් කන්නේ කෙසේ ද යන්න නම්  පැහැදිලි නැහැ.

Friday, 25 January 2019

ලේඛකාධිකාර හාමුදුරුවන්ගෙ අනුශාසනය


ලේඛකාධිකාර හාමුදුරුවන්ගෙ අනුශාසනය



ඊයේ ජාතික සමතා බලවේගයේ රැස්වීමේ දී අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරි ස්වාමින් වහන්සේ, පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමිපාණන් වහන්සේගේ අනුශාසනය සිංහල බෞද්ධයන් අවබෝධ කර ගනීවි ද යන්න ගැන මට සැකයක් තියෙනවා. උන්වහන්සේගේ අනුශාසනයේ හරය වූයේ දේශපාලනඥයන් සිංහල බෞද්ධයන් වෙනුවෙන් පෙනී නොසිටින බවයි. පසුගිය දා ව්‍යවස්ථා මණ්ඩලයට ඉදිරිපත් කෙරුණු ඊනියා වාර්තාවේ ඇමිණුම් කියවන විට ඒ අදහස ඇති වෙනවා.

Wednesday, 16 January 2019

වම හා වම


වම හා වම



පැරණි වම හා නව වම අතර ඇති මූලික වෙනස කුමක් ද? අද වමක් ගැන කතා කිරීම වැඩකට නැති දෙයක් වුවත් මෙය යම් ප්‍රමාණයකින් හෝ සාකච්ඡා කිරීම ඇතැමුනට වැදගත් යැයි සිතනවා. එය සිංහල සමාජයේ බෙදීම් ගැනත් යම් හැදෑරීමක් වෙනවා. නව වම කියන එකත් අද වයස අනුව මෙන් ම භාවිතයෙන් ද පැරණි වමක් වෙලා. ජ වි පෙ ආරම්භ වුණේ හැටේ දශකයේ අග භාගයේ කියා හිතන්න පුළුවන්. එහෙම ගත්තත් අද වන විට ජ වි පෙරමුණටත් අවුරුදු පනහක් පමණ වෙනචා. එහෙත් කාට හරි ප්‍රශ්නයක් වෙන්න පුළුවන් අද තියෙන්නෙ අනූවේ දශකයේ මුල්භාගයට පෙර තිබූ ජ වි පෙරමුණ ද කියා. පෙරටුගාමින් කියන්නෙ විශ්වවිද්‍යාලවලට සීමා වුණු පක්‍ෂයක්. ජ වි පෙරමුණෙන් බිහි වුණත් ඔවුන් භාවිතයෙන් පැරණි වමේ නෂ්ටාවශේෂයක් පමණයි.

Friday, 28 December 2018

දහනවය කුමක් සඳහා ද? රාජ්‍ය ඇමතින් වලංගු නැහැ


දහනවය කුමක් සඳහා ද? රාජ්‍ය ඇමතින් වලංගු නැහැ



මා හිතන්නේ මේ වන විට රනිල් සුමන්තිරන් හා අනුර දාසනායක ප්‍රජාතන්ත්‍රවාදය යනුවෙන් හඳුන්වන්නේ කුමක් ද යන්න පැහැදිලියි. ඒ අන් කිසිවක් නොව සිංහල බෞද්ධ සංස්කෘතිය නැති කර දැමීමයි, නැති කරන්න බැරි නම් ඒ තව තවත් දුර්වල කිරීමයි. ඔවුන් පිටුපස සිටින්නේ බටහිර රටවල් හා ඉන්දියාවයි. රනිල් කල්ලිය පවතින්නේ ඒ රටවල ආධාරයෙන් හා අනුග්‍රහයෙන්. ඔවුන් වෙනුවෙන් ඊනියා මානව හිමිකම් අයිතිකරුවන් සිවල් සාමාජිකයන් හා තවත් අය කටයුතු කරනවා. ඔවුන්ගේ බයිලාව තමයි මෙරට සිංහල බෞද්ධ සංස්කෘතික ආධිපත්‍යයක් ඇති බවත් එය බිඳ දැමිය යුතු බවත්. ඒ බයිලාවත් ඔවුන්ගේ ම නිර්මාණයක් නො වෙයි. එයත් බටහිරයන් ම ඔවුන්ට ලබා දෙන්නක්. මේ සිවල් සාමාජිකයන් ආදීන්ට කිසිම නිර්මාණාත්මක හැකියාවක් නැහැ. ඔවුන් තුට්ටු දෙකේ අනුකාරකයන් පමණයි.

Friday, 24 August 2018

මහා කලාකරුවන්ගේ මාධ්‍ය සංදර්ශන


මහා කලාකරුවන්ගේ මාධ්‍ය සංදර්ශන



ඊයේ මහා කලාකරුවන්ගේ මැදිහත්වීමෙන් මාධ්‍ය සංදර්ශනයක් පවත්වලා. එතෙන දී තමන් කුඩා කළ කාණුවට විසි නොකළ එක ගැන දෙමව්පියන්ට දොස් කියපු අයගෙ සිට සිංහල බෞද්ධයන්ට එරෙහිව නාට්‍ය චිත්‍රපටි නිෂ්පාදනය කරපු අයත් ශිල්ප දක්වලා. අපට ඔවුන් ගැන තියෙන්නෙ වෛරයක් නොව අනුකම්පාවක්. ඔවුන්ගෙ ප්‍රශ්නය අපට තේරෙනවා. ඒත් ඒකට බුද්ධාගමට පහර දීල හරියන්නෙ නැහැ. ඔවුන් කියන කසිකබල් සමාජවාදයෙත් එයට පිළිතුරු නැහැ.

Saturday, 18 August 2018

චන්ද්‍රිකා රනිල් හා පඬියෝ


චන්ද්‍රිකා රනිල් හා පඬියෝ



ඒ ගමන චන්ද්‍රිකා බුදුදහමට හා බුද්ධාගමට අගෞරව කිරීමට ඉදිරිපත් වෙලා. ඇගේ මොකක් දෝ සංවිධානයක් බුදුහමට හා බුද්ධාගමට අපහාස කරන කෙටි චිත්‍රපටි කිහිපයක් නිපදවා ඇතැයි වාර්තා වෙනවා. ඕමල්පෙ සෝභිත හාමුදුරුවන් ඒ සම්බන්ධයෙන් කළ ප්‍රකාශයකට සංඛ අමර්ජිත් ප්‍රචාරය දිලා. සංඛ කියනවා මේවා ගැන එතරම් කලබල විය යුතු නැහැ බුදුදහම කොහොමත් බබළනවා කියා. එය දෙරණ ආයතනයේ ප්‍රතිපත්තිය ද කියා මා දන්නේ නැහැ. දෙරණ කියන තරම් ජාතිකත්වයට තැනක් දෙන්නේ නැහැ. ඔවුන් දෙපැත්ත කන්න හදනවා. ඔවුන්ගේ විශිෂ්ට තම ශ්‍රී ලාංකිකයන් කවුද? දෙවෙනි ඉනිමෙන් කියන්නේ කුමක් ද? අනෙක් නාළිකා ගැන කතා කරලා වැඩක් නැහැ.

Wednesday, 20 June 2018

සිවුර බේරගන්න බැරි කෙහෙල්මල් නිදහස


සිවුර බේරගන්න බැරි කෙහෙල්මල් නිදහස



මෙරට දේශපාලනය අද අන්තිම තැනකට ඇද වැටිලා. ඒ ඒ දේශපාලනඥයන් පමණක් නොවෙයි ඔවුන් වටා සිටින්නන් ද කියන කරන දේ බොහෝ දෙනකුට විශ්වාස නැහැ. හැමතිස්සෙ ම වගේ බලන්නෙ යමකු මේ කරන්නෙ මොකක් ද කියන එක වෙනත් විධියකට තේරුම් ගන්න පුළුවන් ද කියන එක. එක්තරා විධියකින් ඒ සංයුක්ත හිතළු තැනීමක්. සමහර විට ඒ හිතළු හරියන්නත් පුළුවන්.

Friday, 11 May 2018

ක්‍ෂණික නිවන හා මැක්ඩොනල්ඩ් ශාසන


ක්‍ෂණික නිවන හා මැක්ඩොනල්ඩ් ශාසන



දශක හතරක් පහක් තිස්සෙ බුදුදහම විවිධ ආකාරයෙන් අර්ථදක්වන ගිහි පැවිදි පිරිස් දකින්න පුළුවන්. මේ පැවිදි පිරිසෙන් බොහෝ දෙනෙක් මෑතක් වන තුරු ගිහි ව සිටි අය. ඇතැම් බෞද්ධයන් ද මේ අලුත් අර්ථදැක්වීම්වලට කැමැත්තක් දක්වනවා. මේ අය කවුද? දේශකයන් කියන්නේ නම් මේ අලුත් අර්ථදැක්වීම් නොවෙයි ඒ තමයි නිවැරදි බුදුදහම කියලා. මේ අතර අභිධර්මය ඉගෙනීමට භාවනා පංතිවලට යෑමට කැමැත්ත දක්වන අයත් ඉන්නවා.

Thursday, 10 May 2018

දෙමළ ජාතිවාදයේ ආරම්භය


දෙමළ ජාතිවාදයේ ආරම්භය



දෙමළ ජාතිවාදය ඇති වීම පිළිබඳ දැන් කලක සිට අලුත් කතාවක් කියැවෙනවා. එයින් කියන්නේ සියල්ලට මුල උතුරේ අනෙක් දෙමළ කතාකරන ජනයා මත ඇති කරන වෙල්ලාලයන්ගේ දැඩි කුල පීඩනය කියා. මෙය කරුණු විකෘති කිරීමක්. මේ අනුව කියන්නේ කුල පීඩනය නිසා වෙල්ලාලයන් කෙරෙහි දැක් වූ ජනතා විරෝධය මග අරින්න වෙල්ලාලයන් ආණ්ඩු විරෝධී (සිංහල විරෝධී) ක්‍රියා මාර්ගයක් අනුගමනය කළා කියා.

Tuesday, 10 April 2018

මේ කොයි යන්නේ

මේ කොයි යන්නේ

විශ්වාසභංගය පැරදුණේ කා නිසා ද යන්න වැදගත් ප්‍රශ්නයක්. ඉතා පැහැදිලිව බටහිර රටවල හා ඉන්දියාවේ තානාපති හා ඔත්තු සේවා ඇතැමුනට, විශේෂයෙන් ම දෙමළ හා මුස්ලිම් ජාතිවාදී පක්‍ෂවල මන්ත්‍රීවරුනට බලපෑම් කර තිබෙනවා. ඒ අතර මෛත්‍රිපාල තම කණ්ඩායමේ මන්ත්‍රීවරුන්ට දිය යුතු නායකත්වය දී නැහැ. චන්ද්‍රිකා තවමත් දුමින්ද, අමරවීර හා තවත් අය මගින් එම කණ්ඩායමේ බහුතරයක් මෙහෙයවනවා. දුමින්ද හා අමරවීර ඒ ඒ ලේකම් පදවිවලින් ඉවත් කරනවා නම් හොඳයි. එහෙත් මෛත්‍රිපාලට ඒ සඳහා ශක්තිය නැහැ. අද කළ යුතු ප්‍රධාන ම කාර්යයක් නම් පක්‍ෂ ව්‍යවස්ථාව අනුව ක්‍රියා කරමින් ඒ දෙදෙනා එකී තනතුරුවලින් ඉවත් කිරීමයි. එහෙත් එය කරන්නේ කොහොමද යන්න නම් ප්‍රශ්නයක්.

Saturday, 31 March 2018

පෙළපාළි හා තොරං


පෙළපාළි හා තොරං





ආණ්ඩුව මැයි පෙළපාළි පැවැත්වීම කල් දාලා. ඒ මැයි දිනය වෙසක් පෝය දිනයට වැටෙන නිසා. වෙසක් දවසෙ මැයි පෙළපාළි යන්න අමාරුයි. ත්‍රිරෝද පක්‍ෂවලට එය බලපාන්නෙ නැහැ. සමහර පක්‍ෂ කණ්ඩායම් මැයි දිනය සමරන්නෙ කුඩා ශාලාවල. ජනමාධ්‍ය නොවන්න ඒ රැස්වීම් පැවැත්වූවා ද නැද්ද යන්න දැනගන්න පුළුවන් රැස්වීමට ගිය අයට පමණයි. ඒ අය මැයි දිනය වෙසක් දිනයේ ම පවත්වාවි. එසේ පැවැත්වීම ලොකු විප්ලවයක්  කිරීමක් හැටියටත් සලකාවි. අර කම්කරු පංති විප්ලවය කිසි දිනෙක නොඑන එකක් බැවින් මෙවැනි පොඩි පොඩි සිද්ධි විප්ලව හැටියට හඳුනාගත්තට කමක් නැහැ. ඒක කුඩා දරුවන්ගේ මානසිකත්වයකින් කෙරෙන්නක්. මාක්ස්වාදීන් කිසි දිනෙක වැඩිහිටියන් වන්නේ නැහැ.

Monday, 26 March 2018

ක්‍රමය නැත්නම් පද්ධතිය වෙනස් කිරීම


ක්‍රමය නැත්නම් පද්ධතිය වෙනස් කිරීම



  1. සිස්ටම් චේන්ජ්, වෙනස් කිරීම ගැන නැවතත් කතා වෙනවා. මේ කතාව කූඹියෝ නාට්‍යයෙ තුමිඳු ජනප්‍රිය ම නළුවා හැටියට සම්මාන ලැබීමත් එසේ සම්මාන ලැබීමෙන් පසු කරන ලද කතාවත් නිසා. මේ සිස්ටම් වෙනස් කිරීම් හිස් කතා පමණයි. මේවායින් සිද්ධ වෙන්නෙ සමාජයෙ කියන විධියට ඒ ඒ අය පොරවල් වීම පමණයි. සිස්ටම් එක නැත්නම් පද්ධතිය හරි ක්‍රමය හරි ඔය කියන විධියට වෙනස් වෙන්නෙ නැහැ. ඊනියා ජාතිකවාදීන්ටත් තුමිඳු අඳුරගන්න බැරි වෙලා. මා නම් ඔහු කැලණිය විශ්වවිද්‍යාලයෙ මා හිටපු කාලෙ ඉඳන් දන්නවා. ඉතාමත් කෙටියෙන් කියනවා නම් ඔහු ජාතිකවාදියකු නම් නො වෙයි.

Wednesday, 14 March 2018

සිංහල බෞද්ධ අසමගිය හා බුද්ධිය නැතිවීම


සිංහල බෞද්ධ අසමගිය හා බුද්ධිය නැතිවීම



අද දි අයිලන්ඩ් පුවත්පතේ පිටරට සිටින ශ්‍රී ලාංකික අධ්‍යයනිකයන් යැයි කියා ගන්නා පිරිසක් සිංහල බෞද්ධයන් ප්‍රචණ්ඩ ක්‍රියාවලට වරද කරුවන් කරමින් ලිපියක් පළ කර තිබෙනවා. ඔවුන් දෙමළ ත්‍රස්තවාදීන් අහිංසක මිනිසුන් ඝාතනය කරන විට සිටියේ කොහේ දැයි අප අසන්නේ නැහැ. ඒ දෙමළ ත්‍රස්තවාදීන්ට දෙමළ ජාතික සංධානයේ නොමඳ සහාය ලැබුණු බව ද අපට අමතක කරන්න බැහැ. එකී සංධානයේ මන්ත්‍රීවරුන් හා සාමාජිකයන්  පාර්ලිමේන්තුවේ ද වෙනත් තැන්වල ද දෙමළ ත්‍රස්තවාදීන් වෙනුවෙන් පෙනී සිටියා. අදත් පෙනී ඉන්නවා. සුමන්තිරන් මේ කණ්ඩායමේ නිල නොලත් නායකයා ලෙස කටයුතු කරනවා. ඔහු පැහැදිලි ව ම සිංහල බෞද්ධ විරෝධී දෙමළ මැතෝදිස්ත බැතිමතෙක්.

Friday, 9 March 2018

දීර්ඝ ගමනක අවසානය


දීර්ඝ ගමනක අවසානය



අද හැම තැනක ම වගේ ඇහෙන්නෙ සාම කතා. සාමය නැත්තෙ සිංහල බෞද්ධයන් නිසා කියන කතා. සිංහල බෞද්ධ උගතුන් යැයි කියන්නන් ඒවාට වටලප්පන් කතා කියනවා. අප වටලප්පම බෙදා ගන්නවා කියනවා. මෙරට ජාතිවාදයක් නැහැ කියලා හැමෝම වගේ අපට කියනවා. ඒ වුණාට කොත්තුව බෙදා ගන්නෙ නැහැ. කොත්තුවට වඳ පෙති දාලා කියනවා. බැලුව ම ඒක වඳ පෙත්තක් නොවෙයි. ඒක පිටි ගුළියක් කියලා කියනවා.

Wednesday, 24 January 2018

රටට අවශ්‍ය හා හිතකර කුමක් ද?

රටට අවශ්‍ය හා හිතකර කුමක් ද?


ජාතිකවාදීන්ට පමණක් නොව මහින්දවාදීන්ට ද පොදුවේ පොදු පෙරමුණට හිතවත් අයට ද වෙනත් අයට ද රටට අවශ්‍ය කුමක් ද කියා ඇසුවොත් විවිධ පිළිතුරු තිබේවි. ඒ පිළිතුරු තම තමන් රටට යහපතක් වන්නේ කෙසේ ද යන්න මතත් අවසානයේ දී රටට යහපතක් වීම යනු කුමක් ද යන්න මතත් රඳා පවතිනවා. ඒ ඒ අයගේ විශ්වාස මා ප්‍රශ්න කරන්නේ නැහැ. අප අපේ විශ්වාසවලින් බැහැර වන්නේ එක්තරා ආකාරයකට කම්පනයකට පත් වීමෙන් පසුවයි. තර්ක කිරීමෙන් නො වෙයි.