බුර්කාව නූතනත්වය හා පශ්චාත්නූතනත්වය
ටික කාලෙකට ඉස්සර, මට හරියට ම මතක නැහැ නිච්චියට ම කියන්න, කිහිප දෙනෙක් අපේ ගෙදර ආවා. ඒ ආවා ගියා නම් නො වෙයි. එක එක දිනක් පමණක් ආවා. ඔවුන් හිතන් හිටියෙ මා සිංහල බෞද්ධ විරෝධී දේ කියනවා කියා. අඩුම තරමෙන් ථෙරවාදයට විරුද්ධ දේ කියනවා කියා. ඔවුන් හිතුවෙ මා ඊනියා පශ්චාත්නූතනවාදියෙක් කියලා. එක් අයකු එක්සත් රාජ්‍යවලට ගොස් මෙරට පුවත්පතකට ලිපියක් ලියා කියා සිටියේ ඔහු එහි ඉගෙන ගත් දේ මුලින් ම දැන ගත්තේ කොළඹ විශ්වවිද්‍යාලයෙදි මගෙන් කියා. ඒ දවස්වල කාලය සඟරාවට ලිපි සැපයුවන් අතර සිංහල බෞද්ධ විරොධීන් ද සිටියා. මගේ ඇතැම් පොත්වලට පිටකවර ඇන්දේත් කාලය සඟරාවට චිත්‍ර ඇන්දේත් පසුව ලක්මිණ පුවත්පතට චිත්‍ර ඇන්දේත් වත්මන් පුවත්පත් කතුවරයෙක්. එදා ලක්මිණට ලිපි ලියුවන් අතර පසුව මන්ත්‍රීවරුන් ඇමතිවරුන් බවට පත් වූවන් සිටියා. එහෙත් ඔවුන් කල් යන විට තේරුම් ගත්තා මා කියන්නේ ඔවුන්ට අවශ්‍ය දේ නොවන බව.