Main Logo

Showing posts with label Sinhala Buddhist Chinthanaya. Show all posts
Showing posts with label Sinhala Buddhist Chinthanaya. Show all posts

Monday, 6 May 2019

බුර්කාව නූතනත්වය හා පශ්චාත්නූතනත්වය


බුර්කාව නූතනත්වය හා පශ්චාත්නූතනත්වය


ටික කාලෙකට ඉස්සර, මට හරියට ම මතක නැහැ නිච්චියට ම කියන්න, කිහිප දෙනෙක් අපේ ගෙදර ආවා. ඒ ආවා ගියා නම් නො වෙයි. එක එක දිනක් පමණක් ආවා. ඔවුන් හිතන් හිටියෙ මා සිංහල බෞද්ධ විරෝධී දේ කියනවා කියා. අඩුම තරමෙන් ථෙරවාදයට විරුද්ධ දේ කියනවා කියා. ඔවුන් හිතුවෙ මා ඊනියා පශ්චාත්නූතනවාදියෙක් කියලා. එක් අයකු එක්සත් රාජ්‍යවලට ගොස් මෙරට පුවත්පතකට ලිපියක් ලියා කියා සිටියේ ඔහු එහි ඉගෙන ගත් දේ මුලින් ම දැන ගත්තේ කොළඹ විශ්වවිද්‍යාලයෙදි  මගෙන් කියා. ඒ දවස්වල කාලය සඟරාවට ලිපි සැපයුවන් අතර සිංහල බෞද්ධ විරොධීන් ද සිටියා. මගේ ඇතැම් පොත්වලට පිටකවර ඇන්දේත් කාලය සඟරාවට චිත්‍ර ඇන්දේත් පසුව ලක්මිණ පුවත්පතට චිත්‍ර ඇන්දේත් වත්මන් පුවත්පත් කතුවරයෙක්. එදා ලක්මිණට ලිපි ලියුවන් අතර පසුව මන්ත්‍රීවරුන් ඇමතිවරුන් බවට පත් වූවන් සිටියා. එහෙත් ඔවුන් කල් යන විට තේරුම් ගත්තා මා කියන්නේ ඔවුන්ට අවශ්‍ය දේ නොවන බව.

Sunday, 29 July 2018

මහින්ද හා පාස්පෝට් ජාතිය


මහින්ද හා පාස්පෝට් ජාතිය



මහින්ද අද රටේ ජනප්‍රිය ම නායකයා බව දුමින්ද දිසානායකත් පිළිගන්නවා. දුමින්ද මහින්දට කැමති අයකු නොවෙයි. දේශපාලනඥයන් ලෙස මහින්ද හා දුමින්දගේ පියා බර්ටි ප්‍රේමලාල් අතර ප්‍රශ්න තිබුණා. මහින්ද හා එස් බී අතරත් මහින්ද හා මංගල අතරත් ප්‍රශ්න තිබුණා. මහින්ද හා මෛත්‍රිපාල අතර ප්‍රශ්න නොතිබුණා නො වෙයි. මේ ප්‍රශ්නවලට විවිධ හේතු තියෙන්න ඇති. සමහරවිට වෙනත් අය ඒ පිටුපස ඉන්නත් ඇති. දේශපාලනය කියන්නෙ කැපිලි කෙටිලි ඇති ඉහළ ම තැන. අනෙක් තැන්වලත්  කැපිලි කෙටිලි තියෙනවා.

Tuesday, 15 May 2018

පරිභෝජනය හා සූරා කෑම

පරිභෝජනය හා සූරා කෑම


බටහිර යුදෙව් ක්‍රිස්තියානි චින්තනයෙහි  ප්‍රධාන ම කරුණක් තමයි මානව කේන්ද්‍රවාදය. එයට මානව කේන්ද්‍රවාදය කිව්වට එය ක්‍රියාත්මක වෙන්නෙ බටහිර සුදු පිරිමි කේන්ද්‍රවාදය ලෙස. ඒ චින්තනයේ නියමුවන් බටහිර සුදු පිරිමින්. එහි සුදු ස්ත්‍රීන්ට ස්ත්‍රීන් හැටියටවත් හිතන්න බැහැ. ඒ නිසා ඔවුනුත් සුදු පිරිමි වගේ හිතන්න, වැඩ කරන්න සූදානම්. අද ඊනියා ස්ත්‍රී විමුක්තිය යන්න බටහිර ස්ත්‍රීන් තමන් ස්ත්‍රීන් ලෙස කටයුතු කිරීම පෙරදැරි කරන් ඇති වුණු ව්‍යාපාරයක් නො වෙයි. එය ස්ත්‍රීන් තමන්ට පිරිමින් මෙන් කටයුතු කරන්න, නිිදහස ඊනියා විමුක්තිය ලබා දෙන්න කියා ඉල්ලන ව්‍යාපාරයක්. මේ ඊනියා ස්ත්‍රී විමුක්ති ව්‍යාපාරය නිසා බටහිර රටවල සුදු පිරිමින් තවත් බලවත් වෙනවා.