මහින්ද හා පාස්පෝට් ජාතිය
මහින්ද අද රටේ ජනප්‍රිය ම නායකයා බව දුමින්ද දිසානායකත් පිළිගන්නවා.
දුමින්ද මහින්දට කැමති අයකු නොවෙයි. දේශපාලනඥයන් ලෙස මහින්ද හා දුමින්දගේ පියා
බර්ටි ප්‍රේමලාල් අතර ප්‍රශ්න තිබුණා. මහින්ද හා එස් බී අතරත් මහින්ද හා මංගල
අතරත් ප්‍රශ්න තිබුණා. මහින්ද හා මෛත්‍රිපාල අතර ප්‍රශ්න නොතිබුණා නො වෙයි. මේ ප්‍රශ්නවලට
විවිධ හේතු තියෙන්න ඇති. සමහරවිට වෙනත් අය ඒ පිටුපස ඉන්නත් ඇති. දේශපාලනය කියන්නෙ
කැපිලි කෙටිලි ඇති ඉහළ ම තැන. අනෙක් තැන්වලත්
කැපිලි කෙටිලි තියෙනවා.