පරිභෝජනය හා සූරා කෑම
බටහිර යුදෙව් ක්‍රිස්තියානි චින්තනයෙහි ප්‍රධාන ම කරුණක් තමයි මානව කේන්ද්‍රවාදය. එයට මානව කේන්ද්‍රවාදය කිව්වට එය ක්‍රියාත්මක වෙන්නෙ බටහිර සුදු පිරිමි කේන්ද්‍රවාදය ලෙස. ඒ චින්තනයේ නියමුවන් බටහිර සුදු පිරිමින්. එහි සුදු ස්ත්‍රීන්ට ස්ත්‍රීන් හැටියටවත් හිතන්න බැහැ. ඒ නිසා ඔවුනුත් සුදු පිරිමි වගේ හිතන්න, වැඩ කරන්න සූදානම්. අද ඊනියා ස්ත්‍රී විමුක්තිය යන්න බටහිර ස්ත්‍රීන් තමන් ස්ත්‍රීන් ලෙස කටයුතු කිරීම පෙරදැරි කරන් ඇති වුණු ව්‍යාපාරයක් නො වෙයි. එය ස්ත්‍රීන් තමන්ට පිරිමින් මෙන් කටයුතු කරන්න, නිිදහස ඊනියා විමුක්තිය ලබා දෙන්න කියා ඉල්ලන ව්‍යාපාරයක්. මේ ඊනියා ස්ත්‍රී විමුක්ති ව්‍යාපාරය නිසා බටහිර රටවල සුදු පිරිමින් තවත් බලවත් වෙනවා.