Main Logo

Showing posts with label Karu Jayasuriya. Show all posts
Showing posts with label Karu Jayasuriya. Show all posts

Friday, 20 September 2019

සජිත්ගේ ජයග්‍රහණය සිංහලයන්ගේ ජයග්‍රහණයක් නො වෙයි




             සිංහල ලිත් ඉලක්කම්


සජිත්ගේ ජයග්‍රහණය සිංහලයන්ගේ ජයග්‍රහණයක් නො වෙයි



ඊයේ රනිල් පැරදුණා. ඔහු මීට කලිනුත් පැරදිලා තියෙනවා. ඒ මැතිවරණවලින් වෙනත් පක්‍ෂ අතින්. ඊයේ පැරදුණේ පක්‍ෂය ඇතුළෙ. එක්සත් ජාතික පක්‍ෂයේ මෙන් ම එක්සත් ජාතික පෙරමුණෙත් ඔහු ඊයේ පැරදුණා. ඒත් ඒ අමාත්‍ය මණ්ඩලයේ. කෘත්‍යාධිකාරි මණ්ඩලයේ මොනවා වෙයි ද කියන්න බැහැ. කෘත්‍යාධිකාරි මණ්ඩලයත් මන්ත්‍රී කණ්ඩායමත් එකට පවත්වන රැස්වීමක දී රනිල් නැවතත් පරදින්න ඉඩ තියෙනවා.

Tuesday, 17 September 2019

සිංහලයන්ට අබ සරණ ද?

      සිංහල ලිත් ඉලක්කම්


සිංහලයන්ට අබ සරණ ද? 


ඊයේ නෙළුම් කුළුණ විවෘත කිරීමේ උත්සවයේ දී මෛත්‍රිපාල තරමක උද්වේගයකින් කතා කරලා. අර චීන සමාගම ගැන කී දේ නොකියා සිටියා නම් හොඳයි. මා කියන්නේ නැහැ මහින්දගේ ආණ්ඩුව තව්තිසාවෙන් පහළ වූ ආණ්ඩුවක් කියා. ඒකෙත් දූෂිතයන් හිටියා. ඒත් මහින්දවාදීන් කැමති නැහැ ඒ ආණ්ඩුවේ කිසිම වරදක් දකින්න. ඒ වගේ ම ඔවුන් කැමති නැහැ මෛත්‍රිපාලගෙ කිසිම හොඳක් දකින්න. 

Sunday, 1 September 2019

ගෝඨාභය හා ඡන්ද කෙළිය

     සිංහල ලිත් ඉලක්කම්


ගෝඨාභය හා ඡන්ද කෙළිය 




මගෙන් සමහරු අහනව ගෝඨාභයගෙන් බලාපොරොත්තු වෙන්නෙ මොනව ද කියලා. ඔවුන් සමහරකුට ලොකු බලාපොරොත්තු තියෙනවා. මට නම් එහෙම නැහැ. ගෝඨාභය පොහොට්ටුවේ අපේක්‍ෂකයා නම් කොහොමටත් එතරම් බලාපොරොත්තුවක් නැහැ. ඒ කියන්නෙ කරුණාරත්න ජයසූරිය ගැන බලාපොරොත්තුවක් තියන එක නො වෙයි. බොහෝ විට එ ජා පෙරමුණෙන් හරි ඔවුන්ගේ නව සංධානයෙන් හරි ඉදිරිපත් වෙන්නේ ජයසූරිය. සජිත්ට රට වටේ දුවල හති වැටෙයි. ඔවුන් දෙදෙනාගෙන් කවුරු ඉදිරිපත් වුණත් රට තව තවත් අගධයට යන එක මිස වෙන දෙයක් වෙන්නෙ නැහැ. සජිත් කියන විධියට මේ අවුරුදු හතරට හදල (උදා කරල) තියෙන ගම් ගණන අවුරුදු හතරට තියෙන දවස් ගණනට වැඩියි. දවසකට ගම් කීයක් විවෘත කරනව ද දන්නෙ නැහැ. එ ජා පෙරමුණේ කවුරු බලයට පත් වුණත් වැඩ කෙරෙන්නෙ රනිල්ට ඕන විධියට. රනිල් වැඩ කරන්නෙ බටහිරට මිසක් රටට නො වෙයි. 

Friday, 30 August 2019

අසාද් සාලිලා හා ඔවුන්ගේ ඡන්ද

        සිංහල ලිත් ඉලක්කම්


අසාද් සාලිලා හා ඔවුන්ගේ ඡන්ද 



මෙරට දෙමළ ජාතිවාදය මෙන් ම මුස්ලිම් ආගමිකවාදයත් බටහිරින් මෙහෙයවෙන්නෙ. මුස්ලිම් ආගමිකවාදයට සෞදි අරාබියත් හවුල්. මෙය  නිකම් හුදු කියමනක් නොවෙයි. මා කියන්නේ නැහැ මෙය බටහිර කුමන්ත්‍රණයක් කියලා. මේ තමයි බටහිර ක්‍රිස්තියානි නූතනත්ව ආධිපත්‍යය ක්‍රියාත්මක කරන ආකාරය. මා හැමදාමත් මෙන් කියා ඇත්තේ බටහිර ක්‍රිස්තියානි නූතනත්ව සංස්කෘතික ආධිපත්‍යයට ඇති විශාල ම තර්ජනය ථෙරවාද බෞද්ධ සංස්කෘතිය යන්න. බටහිර සංස්කෘතික ආධිපත්‍යයට අමතර ව දේශපාලනික හා ආර්ථික ආධිපත්‍යයකුත් ක්‍රියාත්මක වෙනවා. කුමන්ත්‍රණ කතා ප්‍රශ්නයක් විශ්ලේෂණය කර ගන්න බැරි අයට හොඳයි.

Wednesday, 28 August 2019

රනිල්ගේ අභිප්‍රාය පරදවමු

          සිංහල ලිත් ඉලක්කම්




රනිල්ගේ අභිප්‍රාය පරදවමු




එ ජා පක්‍ෂයට හිතවත් එක්සත් විශ්වවිද්‍යාලයීය ආචාර්ය සංගමය නමින් හැඳින්වෙන විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ සමිතියක් මගින් කරන ලද සමීක්‍ෂණයකින් කරුණාරත්න ජයසූරිය සජිත් ප්‍රේමදාසට වඩා ප්‍රබල අපේක්‍ෂකයකු බව හෙළිවෙලා. මේ ආචාර්යවරුන් යැයි කියන පිරිස අතර හිටපු ආචාර්යවරුන් ද සිටින බව පැහැදිලියි. ඒ ඒසේ වුවත් ඔවුන් තමන් දන්නා සමීක්‍ෂණයක් කරලා. සමීක්‍ෂණ කවුරු කළත් සමීක්‍ෂණ ම තමයි. අනෙක මෙරට මිනිසුන් සමීක්‍ෂණයට පැමිණෙන තැනැත්තාට අවශ්‍ය අන්දමට පිළිතුරු දෙන්නත් දන්නවා. මේ සමහර හිටපු මහාචාර්යවරු ඉගෙන ගන්න කාලයෙ සමසමාජ පක්‍ෂෙ. ඔවුන් අද එ ජා පක්‍ෂයෙ. වික්‍රමබාහුත් එ ජා පක්‍ෂෙට කත් අදින විට මේ හිටපු මහාචාර්යවරු රනිල් හා කරු වෙනුවෙන් කඩේ යන එක පුදුමයට කාරණයක් නො වෙයි. 

Monday, 17 June 2019

හිස්බුල්ලා හා ජනාධිපති අපේක්‍ෂක

හිස්බුල්ලා හා ජනාධිපති අපේක්‍ෂක

හිස්බුල්ලාගෙන් අරාබි ජාතිකයන් කිහිප දෙනකු සම්බන්ධයෙන් ප්‍රශ්න කෙරිලා. ඔහු ඒ අරාබි ජාතිකයන් සමග යම් ගණුදෙනුවක යෙදිලා. ඇඳිරි නීතිය පනවා ඇති වෙලාවක මේ අරාබි ජාතිකයන් යම් හෝටලයක හදිසියෙන් තම ඇඳුම් පවා හෝටලයෙන් පිටත මාරු කර යම් මල්ලක් තබා යමින් මේ කර ඇත්තේ කිනම් ගණුදෙනුවක් ද? අර පාර්ලිමේන්තු තේරීම් කමිටුවට නම් ඒ කිසිවක් ප්‍රශ්නයක් වෙලා නැහැ. 

Sunday, 21 April 2019

සජිත් රවි කරු සහ තවත් අය


සජිත් රවි කරු සහ තවත් අය

දැන් ඒ දවස්වල වගේ විදුලි පණිවුඩ යවන්නෙ නැති එක හොඳයි. නැත්නම් අර සදා ලෝක පූජිත කුමාර් සංගක්කාර ගමට විදුලි පණිවුඩයක් යවන්න සෑහෙන මුදලක් වියදම් වෙන්න තිබුණ. ඒ ගමේ නම කෙටියෙන් මුලකුරුවලින් ලිවුවෙත් සලෝපූකුස ගම වෙනවා. සංගක්කාර සදා ලෝක පූජිත ද කියන එක ප්‍රශ්නයක්. සදා කියන්නෙ හැමදා ලෝක කිවුවම මුළු ලෝකෙ ම. චීනෙ සංගක්කාර දන්න කීදෙනකු ඉන්නවා ද දන්නෙ නැහැ. චීනෙ තමයි වැඩියෙන් ම මිනිස්සු ඉන්නෙ. ඒකට කමක් නැහැ. අපේ රටේ ජත්‍යන්තර කීර්තියට පත්වෙච්ච අය කී දාහක් ඉන්නවා ද? 

Monday, 10 December 2018

එ ජා පෙරමුණේ පරාජය


එ ජා පෙරමුණේ පරාජය



එ ජා පෙරමුණට දෙමළ ජාතික සංධානයට හා  ඔවුන්ගේ අතවැසි ජ වි පෙරමුණට දැන් ඉතිරි ව ඇත්තේ බටහිරයන්ගේ පිහිට පමණයි. අද ඔවුන් ගඩාෆිට වුණු දේ ගැන කතා කරන්නෙ වෙනත් ක්‍රමයක් නැති නිසයි. අනුර කුමාර පාර්ලිමේන්තුවේ රනිල් මහින්ද හමුවක් ගැන කියන්නේ ලොකු දෙයක් සොයා ගත් ආකාරයටයි. මේ නිකම් පොඩි ළමයින්ගෙ කතා. අනුර හා රනිල් පාර්ලිමේන්තුවේ දි එකිනෙකා දැක්ක ම අහක බලන් යනවා ද? අරාබි වසන්තය ගැන අදහස නම් බටහිරයන්ට 2015 මුල් කාලෙත් තිබුණා. අද එ ජා පෙරමුණ පාරෙ මැරෙන්න සූදානම් වෙන්නෙ ඔවුන්ට වෙන කරන්න දෙයක් නැති නිසා.

Thursday, 6 December 2018

නඩු තීන්දු හා නොබෙල් තෑගි


නඩු තීන්දු හා නොබෙල් තෑගි



කරුණාරත්න ජයසූරියට නොබෙල් තෑග්ග දෙන්න යෝජනා වෙලා. ඒක නම් හොඳ අදහසක්. ඔහු ලෝක ඉතිහාසයේ නමක් තැබූ පුද්ගලයෙක්. ඕන ගොනකුට යුද්ධ කරන්න පුළුවන් යැයි කී ලක්‍ෂමන් බණ්ඩාර කිරිඇල්ල වෘත්තියෙන් නීිතිඥයෙක්. එහෙත් ඔහු නඩු කතා කරන බවට එතරම් ප්‍රසිද්ධියක් නැහැ. ඒ කොහොම වුණත් ඔහු ඊයේ පාර්ලිමේන්තුවේ කියා තිබෙනවා කරුණාරත්න ජයසූරිය අභියාචනාධිකරණය දුන් තීන්දුවක් කලින් ම දුන් පුද්ගලයෙකු ය කියා. මොන තරම් දෙයක් ද?

Wednesday, 28 November 2018

පාර්ලිමේන්තු වැඩ කිඩ


පාර්ලිමේන්තු වැඩ කිඩ



ඊයේ ඊනියා කතානායක න්‍යාය පත්‍රයක් නැතිව පාර්ලිමේන්තුව කැඳවලා. ඔහු වැඩ කරන්නේ රනිල්ගේ හා සුමන්තිරන්ගේ අවශ්‍යතාවට බව නැවත නැවතත් කියන්න අවශ්‍ය නැහැ. රනිල්ටත් එතරම් දක්‍ෂ නීතිිඥයන් නැති බව පැහැදිලියි. ඔවුන්ට දැන් චොක්සි කෙනෙක් නැහැ. අද එ ජා පක්‍ෂය අමාරු තත්වයක ඉන්නෙ. ඔවුන්ගෙ මුහුණුවලින් ද ඒ බව ප්‍රකාශ වෙනවා. මේ තත්වයෙන් ගොඩ ඒමට ඔවුන් රනිල් වෙනුවට සජිත් හරි නවින් හරි රවි කරුණානායක හරි අගමැති කිරීමේ වෑයමක යෙදී ඉන්නවා.

Saturday, 24 November 2018

රන්ජන් හා කරුණාරත්න


රන්ජන් හා කරුණාරත්න



රන්ජන් රාමනායක කියන දේ ගැන සඳහන්  කිරීම වැඩකට ඇති දෙයක් නොවුණත් කරුණාරත්න ජයසූරියගේ ප්‍රකාශ ගැන සඳහන් කරන්නේ නම් රන්ජන්ට තැනක් නොදීම නුසුදුසු යැයි සිතනවා. මා සඳහන් කරන්නේ රන්ජන් වාද පිටියේ කරන ලදැයි කියන ප්‍රකාශයක් ගැනයි. ඔහු පස් දෙනකුගෙන් යුත් විනිසුරු මඬුල්ලක් දිය හැකි තීන්දුවක් ගැන කියන බවයි පෙනී යන්නේ. ඔහුට අනුව තුන්දෙනකු තමන්ට පක්‍ෂව දෙන බවයි හැඟෙන්නේ. මට හැඟී යන්නේ රන්ජන් රාමනායක දැනටමත් දී ඇති අතුරු තහනම් නියෝගය තමන්ට පක්‍ෂපාතීව දුන් එකක් බව විශ්වාස කරන බවයි. ඔහු ඒ අනුව ඉදිරි විනිශ්චයක් ගැන කියනවා වෙන්න පුළුවන්.

Thursday, 22 November 2018

කිරිඇල්ල හා ජයසූරිය


කිරිඇල්ල හා ජයසූරිය



ඕන ගොනකුට යුද්ධ කරන්න පුළුවන් කී ලක්‍ෂමන් බණ්ඩාර කිරිඇල්ල ඊයෙ පෙරේදා හොඳ කතාවක් කියල තිබුණ. ඒක ඕන ගොනකුට කරන්න පුළුවන් ප්‍රකාශයක් ද කියල කිරිඇල්ල කියල නැහැ. ඔහු කියල තියෙන්නෙ පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනතෙ යම් දෙයක් නිශ්චිත ව කියැවෙන්නෙ නැත්නම් එවිට අප බ්‍රිතාන්‍ය සම්ප්‍රදාය (අලිඛිත ව්‍යවස්ථාව) අනුව ක්‍රියා කළ යුතු ය කියා  තියෙන බව. කිරිඇල්ලට කියන්න පුළුවන් ද එහෙම තියෙන්නෙ කොතැනක ද කියලා. එකී පනතෙ හත්වැනි වගන්තිය මෙසේයි.

Tuesday, 20 November 2018

එකසිය දහතුන ප්‍රශ්නයක් නොවෙයි


එකසිය දහතුන ප්‍රශ්නයක් නොවෙයි



ඊනියා කතානායක ඊයේ පාර්ලිමේන්තුවට ඇවිත් නැහැ. සමහරවිට මුහුණ  දෙන්න බැරුව වෙන්න ඇති. ඒ කොහොම වෙතත් ඊයේ සද්ද තිබුණෙ නැහැ. ගාල ගෝට්ටි නැහැ. නියෝජ්‍ය කතානායක තම කාර්යය ඉටු කළා. ඔහු ස්ථාවර නියෝග අත්හිටුවන්න සුමන්තිරන් හෙවුවෙ නැහැ. ස්ථාවර නියෝග අනුව වැඩ කළා. ඒත් මංගල කොහේදෝ ඉඳන් කෑ ගැහුවා ආණ්ඩුවක් නැහැ කියලා. ව්‍යවස්ථාවෙ 48(2) අනුව්‍යවස්ථාව යටතේ අමාත්‍ය මණ්ඩලය විසිරිලා කිවුවා.

Sunday, 18 November 2018

කරුවක් නොවී මරුවකු වූ කරු


කරුවක් නොවී මරුවකු වූ කරු



ඊනියා කතානායකගේ මේසය උඩ බයිබලයක් තිබුණු බව කියැවෙනවා. එහි ඇත්ත නැත්ත මා දන්නේ නැහැ. එහෙම තිබුණ නම් මට දැන ගන්න ඕන රාමඤ්ඤ මහා නිකායෙ ගිහි සභාවෙ සභාපති කරු ජයසූරියගේ මේසය උඩ ධම්මපදය තිබුණෙ නැද්ද කියලා. බයිබලය තිබී ධම්මපදය තිබුණෙ නැත්නම් මට තවත් ප්‍රශ්න අහන්න තියෙනවා. මේ කතාව හරියට ම දැනගන්නකන් අපි ඒ ප්‍රශ්න පසුවට කල් දාමු.

Saturday, 17 November 2018

දේශපාලන පාංශුකූලයක්


දේශපාලන පාංශුකූලයක්



අද රටේ ඇති වී තිබෙන තත්වය ගැන විවිධ අය විවිධ දේ කියනවා. මැතිවරණයක් තියන්න කියනවා. ජනාධිපතිවරණයක් තියන්න කියනවා. ඊනියා කතානායක ඉවත් කරන්න කියනවා. කවුරුන්වත් සියල්ලට ම හේතුව ව්‍යවස්ථාව කියලා එය වෙනස් කරන්න කතා කරල නැහැ. සියල්ලට ම හේතුව අතුරු තහනම් නියෝගය කියලා අගවිනිසුරු ඉවත් කරන්න කතා කරලත් නැහැ. ඕනම අයකුට ඕනම දෙයක් කියන්න පුළුවන්. ඒත් ඒව හරි ද වැරදි ද කරන්න පුළුවන් ද කියලා කියන්නෙ නැහැ.

Friday, 16 November 2018

කරු ජයසූරිය පාර්ලිමේන්තුව යථා තත්වයට පත් කරනවා ද? (නොවැම්බර් 16 පළමුවැනි ලිපිය)




කරු ජයසූරිය පාර්ලිමේන්තුව යථා තත්වයට පත් කරනවා ද



එක්සත් ජාතික පෙරමුණේ දෙමළ ජාතික සංධානයේ නායකයන් පිරිසක් ඊනියා කතානායක සමග ජනාධිපති හමුවෙලා. කරු ජයසූරිය ඇතැම් පක්‍ෂ නායකයන් පමණක් පිරිවරාගෙන ජනාධිපති හමුවන්නේ කෙසේ ද? ඔහු පක්‍ෂ නායකයෙක් ද? කරු ජයසූරිය තම පක්‍ෂපාතිත්වය ඉතා පැහැදිලිව ප්‍රකාශ කර තිබෙනවා. එතැන ජ වි පෙරමුණ නියෝජනය වී නැත්තේ හුදෙක් තම අනුගාමිකයන් රැවටීමට පමණයි. ඔවුන්ට සෙසු ජනතාව නම් රවටන්න බැහැ. ව්‍යවස්ථාවවත් පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවත් නොදත් ජ වි පෙ නායකයන්ට පුළුවන් එ ජා පක්‍ෂය කියන ආකාරයට කටයුතු කිරීම පමණයි. ඒ නිසා ඔවුන් ගියයි නොගියයි කියලා වෙනසක් නැහැ.

Tuesday, 6 November 2018

කතානායක යනු රනිල්ගේ ස්පීකරයක් නො වේ


කතානායක යනු රනිල්ගේ ස්පීකරයක් නො වේ



ඊයේ පැවති ජනමහිමය රැළියේ දී ජනාධිපති කළ කතාවෙන් පැහැදිලි වුණා අද රටේ ඇත්තේ දේශීයත්වය හා විදේශීයත්වය, දේශීය සංස්කෘතිය හා විදේශීය සංස්කෘතිය, මෙරට ස්වෛරිභාවය හා යටත්විජිතවාදය, ජාතිකත්වය විජාතිකත්වය, දේශීය සම්පත් රැක ගැනීම හා විකිණීම  සහ තවත් එවැනි දේ අතර ඇති සටනක් බව. අප හැමදාමත් කී පරිදි රනිල් වික්‍රමසිංහ මෙරට බටහිර ක්‍රිස්තියානි සංස්කෘතිය. ඔහු මෙරට බටහිර ක්‍රිස්තියානි සංස්කෘතියේ නියෝජිතයා නො වෙයි. ඔහු මෙරට ජීවත් වන්නේ බටහිර ක්‍රිස්තියානි සංස්කෘතියේ. ඔහු මෙරට ඉතිහාසය බටහිර ඇසකින් හදාරා ඇති. ඒ මෙරට විශ්වවිද්‍යාල ඉතිහාසකාරයන් අතිමහත් බහුතරය හදාරා ඇති ආකාරයට. ඔහු 1505 පෘතුගීසීන් මෙරටට පැමිණීමේ පන්සිය වසර සැමරීමට උත්සාහ ගත් තැනැත්තා.

Friday, 2 November 2018

රනිල්ගේ ගමන් මග අවසන් ද?

රනිල්ගේ ගමන් මග අවසන් ද?

මා කලකට පෙර කියා සිටියා අයවැයෙන් රනිල්ගේ ආණ්ඩුව පරාද කරන එක අමාරුයි කියා. එයට හේතුව බලයේ ඉන්න ආණ්ඩුවකට විරුද්ධ ව මන්ත්‍රීවරුන් ඡන්දය දීමට මැළි නිසා. ඒ නිසා ම තමයි මා කියා සිටියේ ජනාධිපති ලවා ම රනිල් ඉවත් කළ යුතු ය කියා. එසේ කර හදන ආණ්ඩුවකට මන්ත්‍රීවරුන් එකතු වේ ය කියාත් මා කිවුවා.

Thursday, 9 August 2018

ඒකාබද්ධ විපක්‍ෂෙ අඳෝනාව


ඒකාබද්ධ විපක්‍ෂෙ අඳෝනාව



ඒකාබද්ධ විපක්‍ෂයට දිට්ඨධම්ම වේදනීය කර්මය ඵල දීලා. අද ඔවුන් තමන්ට විපක්‍ෂ නායකකම නොලැබීම පිළිබඳ අඳෝනා කියනවා. විපක්‍ෂ නායකකම දෙන්නෙ කාට ද කියන එක තරමක ප්‍රශ්නයක්. මේ පිළිබඳ එක එක අය විවිධ කතා කියනවා. හැත්තෑව දහයට වැඩි ද වගේ කතා එතරම් වැඩක් වෙන්නෙ නැහැ. ඒ කතාව වලංගු වෙන්නෙ විපක්‍ෂ නායකකම දෙන්න ඕන මන්ත්‍රීවරුන්ගෙ ඡන්දෙන් තෝරනව නම් පමණයි. එහෙම කතාවක් ස්ථාවර නියෝගවල තියෙනවා ද?



පනස් දෙකේ පාර්ලිමේන්තුවේ ශ්‍රී ල නි පක්‍ෂයටත් ඇන් ඇම්ගෙ සමසමාජ පක්‍ෂෙටත් ලැබුණෙ එක ම ආසන සංඛ්‍යාවක්. ඇන් ඇම් කැමති වුණා ශ්‍රී ල නි පක්‍ෂයට විපක්‍ෂ නායකකම දෙන්න. විපක්‍ෂ නායකකම විපක්‍ෂ මන්ත්‍රීවරුන්ගෙ ඡන්දෙන් තෝරන ක්‍රමයක් සකස් කර ගන්නව නම් මේ ප්‍රශ්නවලින් මිදෙන්න පුළුවන්. එහෙත් එය එක වරම කරන්න පුළුවන් දෙයක් නොවෙයි.

Wednesday, 28 February 2018

රංගෙ බණ්ඩාර සරණ යෑම



රංගෙ බණ්ඩාර සරණ යෑම


ඒකාබද්ධ විපක්‍ෂය ජනතාව රැවටුවා හොඳට ම ඇති. ඔවුන් රනිල් විවේචනය කරමින් පමණක් කාලය ගත නොකර රනිල් ඉවත් කිරීමට කටයුතු නොකරන්නේ ඇයි? රනිල්ට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙනෙන බවට ඒකබද්ධ විපක්‍ෂය පාරම්බෑවේ බැඳුම්කරයට සම්බන්ධවයි. අද සක්‍රීය බැරකම් කළමනාකරණ පනතක් ගේන්න යනවා. ඒ රනිල් හා වෙනත් එ ජා පාක්‍ෂික ඇමතිවරුන් ආරක්‍ෂා කිරීමට බව පැහැදිලියි. ඒ පනත් කෙටුම්පත විවේචනය කළ යුතුයි. එහෙත් එය ප්‍රමාණවත් නැහැ. ඒකාබද්ධ විපක්‍ෂය විවේචන කරන්නේ 2019 ජනාධිපතිවරණය හා 2020 පාර්ලිමේන්තු මැතිවරණය බලාගෙන බව පැහැදිලියි. අද කළ යුත්ත රනිල් ඉවත් කිරීමයි. අද රනිල් ඉවත් නොකළොත් ජනාධිපතිවරණ මැතිවරණ නොතියන්නත් ඉඩ තියෙනවා. මෛත්‍රිපාලට විරුද්ධ ව දෝෂාභියෝගයක් ගෙනැවිත් රනිල් ජනාධිපති පුටුවට පැන ගැනීමටත් ඉඩ තියෙනවා. එට්කා පමණක් නොව නව ව්‍යවස්ථාවත් මොන ක්‍රමයකට නමුත් සම්මත කර ගන්නත් ඉඩ තියෙනවා. රනිල් ඊනියා ව්‍යවස්ථා මණ්ඩලය  කෙසේ යොදා ගනීවිද යන්න පිළිබඳ ව ඒකාබද්ධ විපක්‍ෂයට නිශ්චිත දැනුමක් තියෙනවා ද? රනිල් තමා 1972 බණ්ඩාරනායක මැතිණිය අනුගමනය කරනවා යැයි කියන්න ඉඩ තියෙනවා.