Main Logo

Showing posts with label Bible. Show all posts
Showing posts with label Bible. Show all posts

Sunday, 18 November 2018

කරුවක් නොවී මරුවකු වූ කරු


කරුවක් නොවී මරුවකු වූ කරු



ඊනියා කතානායකගේ මේසය උඩ බයිබලයක් තිබුණු බව කියැවෙනවා. එහි ඇත්ත නැත්ත මා දන්නේ නැහැ. එහෙම තිබුණ නම් මට දැන ගන්න ඕන රාමඤ්ඤ මහා නිකායෙ ගිහි සභාවෙ සභාපති කරු ජයසූරියගේ මේසය උඩ ධම්මපදය තිබුණෙ නැද්ද කියලා. බයිබලය තිබී ධම්මපදය තිබුණෙ නැත්නම් මට තවත් ප්‍රශ්න අහන්න තියෙනවා. මේ කතාව හරියට ම දැනගන්නකන් අපි ඒ ප්‍රශ්න පසුවට කල් දාමු.

Monday, 3 September 2018

අලි ඇත්තු සහ තවත් සත්තු

අලි ඇත්තු සහ තවත් සත්තු

මේ රටේ අද ඇත්තේ ඇංග්ලිකන් ක්‍රිස්තියානි රාජ්‍යයක්. මෙරට නීතිය ක්‍රිස්තියානි. අධ්‍යාපනය ක්‍රිස්තියානි. වෙදකම ක්‍රිස්තියානි. බටහිර විද්‍යාව සම්පූර්ණයෙන් ම ක්‍රිස්තියානි. දෙවියන් වහන්සෙ එහි ඉන්නවද නැද්ද කියන එක ප්‍රශ්නයක් නො වෙයි. නිකම් බොරුවට බටහිර විද්‍යාවෙ නාමික ව දෙවියන් වහන්සේ නැහැයි කිව්වට වැුඩක් නැහැ. ඔය බටහිර රටවල ඉන්න සිංහල විද්‍යාඥයන් කියන අය හඳුන්වාදි තිබෙන සංකල්පයක් ප්‍රවාදයක් තියෙනව නම් කියන්න. බටහිර විද්‍යාවෙන්  උපාධියක් ලබල තියෙන ඕනෑම අයකුට මා අභියෝග කරනවා මුහුණු පොතේ මුමුණන්නෙ නැතිව   බටහිර විද්‍යාවෙ මහා පිපිරුම එකඟ වන්නෙ බයිබලයේ සඳහන් ආරම්භය එක්ක ද අග්ගඤ්ඤ සූත්‍රය සමග ද කියන්න  කියා. 

Tuesday, 12 June 2018

බටහිර විද්‍යාවේ දැනුම


බටහිර විද්‍යාවේ දැනුම



බොහෝ දැන උගත් අය බටහිර විද්‍යාව ගැන සිතන්නේ ඉන් ඉදිරිපත් කෙරෙන්නේ යථාර්ථය පිළිබඳ ව ඊනියා හොයා ගත් දැනුමක් ය යන්නයි. එහෙමත් නැත්නම් යථාර්ථය දැන ගැනීමට යන ගමනේ තවත් වැදගත් අවස්ථා බවයි. බටහිර විද්‍යාවේ හොයා ගන්නා  දේ පර්යේෂණ පත්‍රිකා මගින් ඉදිරිපත් කෙරෙන බවත් ඔවුන් සමහරකු කියනවා. අනෙක් අය සමහරවිට පොත්වල ඇති බටහිර විද්‍යාත්මක දැනුම එලෙස හොයා ගත් දැනුම හැටියටත් ප්‍රකාශ කරනවා.