Main Logo

Showing posts with label Mawanella Statues. Show all posts
Showing posts with label Mawanella Statues. Show all posts

Friday, 30 August 2019

අසාද් සාලිලා හා ඔවුන්ගේ ඡන්ද

        සිංහල ලිත් ඉලක්කම්


අසාද් සාලිලා හා ඔවුන්ගේ ඡන්ද 



මෙරට දෙමළ ජාතිවාදය මෙන් ම මුස්ලිම් ආගමිකවාදයත් බටහිරින් මෙහෙයවෙන්නෙ. මුස්ලිම් ආගමිකවාදයට සෞදි අරාබියත් හවුල්. මෙය  නිකම් හුදු කියමනක් නොවෙයි. මා කියන්නේ නැහැ මෙය බටහිර කුමන්ත්‍රණයක් කියලා. මේ තමයි බටහිර ක්‍රිස්තියානි නූතනත්ව ආධිපත්‍යය ක්‍රියාත්මක කරන ආකාරය. මා හැමදාමත් මෙන් කියා ඇත්තේ බටහිර ක්‍රිස්තියානි නූතනත්ව සංස්කෘතික ආධිපත්‍යයට ඇති විශාල ම තර්ජනය ථෙරවාද බෞද්ධ සංස්කෘතිය යන්න. බටහිර සංස්කෘතික ආධිපත්‍යයට අමතර ව දේශපාලනික හා ආර්ථික ආධිපත්‍යයකුත් ක්‍රියාත්මක වෙනවා. කුමන්ත්‍රණ කතා ප්‍රශ්නයක් විශ්ලේෂණය කර ගන්න බැරි අයට හොඳයි.