Main Logo

Showing posts with label Asad Sali. Show all posts
Showing posts with label Asad Sali. Show all posts

Wednesday, 1 April 2020

මුස්ලිමුන් කොස් හා කොවිඩ් 19

 සිංහල ලිත් ඉලක්කම්


මුස්ලිමුන් කොස් හා කොවිඩ් 19



හිටපු මන්ත්‍රී තෙවරප්පෙරුම කොස් ලොරියක් අරගෙන අටුළුගම ගිහිල්ලා. ඔහුට එහි මුස්ලිම් ජනතාව කිවුවල කොස් ගෙනත් දෙන්න කියා. මුස්ලිමුන් කොස් කන්න එච්චර කැමති කියා මා දැන හිටියේ නැහැ. තෙවරප්පෙරුමගෙ මුදු සිත උණු වෙලා කොස් ලොරියක් පුරව ගෙන ගිහිල්ල. ඔහු කොස් කැඩුවෙ කොහොමද කියල කවුරුවත් අහල නැහැ. ඔහු සෙනග රැස් කර ගෙන එහෙම කෙරුවද නැත්තන් තෙවරප්පෙරුම ම කොස් කැඩු ද කියල කියන්නෙ නැහැ. ඔහු කොස් කැඩීම සම්බන්ධයෙනුත් ඇඳිරි නීති කඩල ද? 

Friday, 30 August 2019

අසාද් සාලිලා හා ඔවුන්ගේ ඡන්ද

        සිංහල ලිත් ඉලක්කම්


අසාද් සාලිලා හා ඔවුන්ගේ ඡන්ද 



මෙරට දෙමළ ජාතිවාදය මෙන් ම මුස්ලිම් ආගමිකවාදයත් බටහිරින් මෙහෙයවෙන්නෙ. මුස්ලිම් ආගමිකවාදයට සෞදි අරාබියත් හවුල්. මෙය  නිකම් හුදු කියමනක් නොවෙයි. මා කියන්නේ නැහැ මෙය බටහිර කුමන්ත්‍රණයක් කියලා. මේ තමයි බටහිර ක්‍රිස්තියානි නූතනත්ව ආධිපත්‍යය ක්‍රියාත්මක කරන ආකාරය. මා හැමදාමත් මෙන් කියා ඇත්තේ බටහිර ක්‍රිස්තියානි නූතනත්ව සංස්කෘතික ආධිපත්‍යයට ඇති විශාල ම තර්ජනය ථෙරවාද බෞද්ධ සංස්කෘතිය යන්න. බටහිර සංස්කෘතික ආධිපත්‍යයට අමතර ව දේශපාලනික හා ආර්ථික ආධිපත්‍යයකුත් ක්‍රියාත්මක වෙනවා. කුමන්ත්‍රණ කතා ප්‍රශ්නයක් විශ්ලේෂණය කර ගන්න බැරි අයට හොඳයි.

Wednesday, 14 August 2019

ගෝඨාභයගේ ඡන්ද ප්‍රතිශතය


           සිංහල ලිත් ඉලක්කම් 





ගෝඨාභයගේ ඡන්ද ප්‍රතිශතය

මෙරට ජනගහන ප්‍රතිශත 2012 ඇස්තමේන්තු අනුව මෙසේ වර්ග කෙරෙනවා. සිංහල 74.9, ශ්‍රී ලාංකික දෙමළ 11.2, ශ්‍රී ලාංකික මුවර් 9.2, ඉන්දියානු දෙමළ 4.2, අනෙක් 0.5. බෞද්ධ 70.2, හින්දු 12.6, ඉස්ලාම් 9.7, කතෝලික 6.1, ක්‍රිස්තියානි 1.3, අනෙක් 0.05. මෙහි මුවර් යනුවෙන් දැක්වෙන්නේ දහහතරවැනි සියවසේ පමණ මෙරටට භාරතයෙන් පැමිණි දෙමළ කතාකරන මුස්ලිමුන්ගෙන් පැවත එන්නන්. එයට අමතර ව බටහිරයන් විශේෂයෙන් ම ඉංගිරිසින් මෙරටට අග්නිදිග ආසියාවෙන් ගෙන්වූ ඉස්ලාම් භක්තිකයන් ඉන්නවා. ඔවුන් බොහෝ විට මැලේ මුස්ලිමුන් ලෙස හැඳින්වෙනවා. ඒ අයගේ ප්‍රතිශතය 0.5ක් වන බව කියන්න පුළුවන්. ඔවුන් බොහෝ විට සිංහල සංස්කෘතියට අවශෝෂණය වෙලා. ඔවුන් සිංහල මුස්ලිමුන් ලෙස හඳුන්වන්න පුළුවන්. ඒ අනුව සිංහල ප්‍රතිශතය 75.4ක් පමණ වෙනවා. මෙයින් පැහැදිලි වන්නේ සිංහල කතෝලික හා ක්‍රිස්තියානි ප්‍රතිශතය 4.7ක් පමණ වන බවයි.

Wednesday, 31 July 2019

මුස්ලිම් අන්තවාදය, දහනවය, ජයම්පති හා මහින්ද

මුස්ලිම් අන්තවාදය, දහනවය, ජයම්පති හා මහින්ද 




ලෝක මුස්ලිම් සම්මේලනයේ නායකයා මල්වතු මහානාහිමියන්ට අතට අත දෙන්න ගිහින් ඊට පස්සේ නාහිමියන්ගේ අසුනෙහි ම වාඩිවෙන්න හදලා. ඒක මෙරටට එන බටහිර ක්‍රිස්තියානි ආධිපත්‍යයෙ නායකයන් නොකරන වැඩක්. මෙරට මුස්ලිම් නායකයන් ලෝක නායකයාට මෙරට සිරිත් විරිත් කියා දුන්නෙ නැද්ද? එහෙමත් නැත්නම් ඔවුන්ගෙ සිංහල බෞද්ධ සංස්කෘතියට සතපහක ගෞරවයක් නැද්ද? මල්වතු මහානාහිමියන්ට අපේ ප්‍රණාමය පිරිනමන්න ඕන මුස්ලිම් ලෝක නායකයා නියමිත තැන තිබීම ගැන.

Thursday, 13 June 2019

අසාද් සාලිගෙ අට

අසාද් සාලිගෙ අට

අසාද් සාලි කියන්නේ පිස්සකුවත් මෝඩයකුවත් නො වෙයි. ඒ කියන්නෙ ඔහු වියතකු බුද්ධිමතකු කියන එකත් නො වෙයි. ඔහු බස්නාහිර පළාතෙ ආණ්ඩුකාර ධුරයට පත් කරනු ලැබුයෙ මෛත්‍රිපාල විසින්. හිස්බුල්ලත් ආණ්ඩුකාරයකු වුණේ ඡන්දෙකින් නො වෙයි. අසාද් සාලි විවිධ ප්‍රකාශ නිකුත් කරනවා. ඔහු බල්ලගෙ වැඩේ බූරුවා කරන පාර්ලිමේන්තු තේරීම් කමිටුවට ගිහිනුත් ප්‍රකාශ කරනවා. මේ ප්‍රකාශ කරන්නෙ යම් අරමුණක් ඇතිව. 

Tuesday, 28 May 2019

මුස්ලිම් අන්තවාදයෙන් නව ජාතික ව්‍යාපාරයකට


මුස්ලිම් අන්තවාදයෙන් නව ජාතික ව්‍යාපාරයකට
 



අප රටේ බොහෝ ප්‍රශ්නවලට හේතුව  සිංහල බෞද්ධ යැයි කියන නිවට නියාළු කසිකබල් දේශපාලනඥයන් බව දැන් පැහැදිලියි. ඔවුන්ගෙන් ඇතැමකු කෙලින් ම බටහිරයන් වෙනුවෙන් පෙනී සිටින බටහිර දාසයන්. බටහිර න්‍යාය පත්‍රවලට අනුව වැඩ කරන ඔවුන්ට බටහිරින් වරප්‍රසාද ලැබුණත් නැතත් වහල් මනසට අනුව ඔවුන් බටහිරයන් කියන දේ කරනවා. අනෙක් පිරිස තමන් ලත් අධ්‍යාපනය අනුව බටහිර  අවශ්‍යතාවන් හිස් මුදුණේ තබා ගෙන ක්‍රියා කරනවා. මේ කොයි කවුරුත් අවසාන වශයෙන් ගත් කල බටහිර දැනුමේ ආධිපත්‍යයට යට වෙලා. 

Saturday, 9 September 2017

රොහින්ග්‍යා මුස්ලිමුන්




රොහින්ග්‍යා මුස්ලිමුන්



අසාද් සාලි, මුජිබර් රහමන් හා මරික්කාර් මියන්මාර් තානාපති කාර්යාලය ඉදිරිපිට යම් උද්ඝෝෂණයක යෙදී ඇති බව වාර්තා වෙනවා. මියන්මාරයේ මුස්ලිමුන්ට හිරිහැර කරන බව කියමින් එරට ඇතැම් මුස්ලිමුන් බංග්ලාදේශයට පැන යනවා. මියන්මාරය අවුන් සාං සු කීගේ පාලනය යටතේ පවතිනවා. ඇය බටහිර නියෝජිතවරියක්. ඇයට වසර කීිහිපයකට පෙර 1991 දී බටහිරයන්ට අවශ්‍ය ආකාරයට ක්‍රියා කිරීමේ ප්‍රතිඵලයක් ලෙස නොබෙල් සාම ත්‍යාගය පිරිනැමුණා. නොබෙල් සාම ත්‍යාගය බටහිර අවශ්‍යතා සපුරාලන අයට දෙන තෑග්ගක්.