Main Logo

Showing posts with label Percentage of Votes. Show all posts
Showing posts with label Percentage of Votes. Show all posts

Saturday, 12 October 2019

ඇල්පිටිය මග පෙන්වයි

    සිංහල ලිත් ඉලක්කම්



ඇල්පිටිය මග පෙන්වයි



ඇල්පිටිය ඡන්ද ප්‍රතිඵලය පොදුජන පෙරමුණෙත් ශ්‍රී ල නි පක්‍ෂයේත් ඇස් අරවන්නක් විය යුතුයි. ඇල්පිටිය සිංහල ජනතාව බහුතරයක් වූ ප්‍රාදේශීය සභාවක්. ඇල්පිටියේ දී පොහොට්ටුව ඡන්ද 56.3%ක් ලබා ගෙන තියෙනවා. ශ්‍රී ල නි පක්‍ෂය ඡන්ද 12.7%ක් ලබා ගෙන තියෙනවා. පක්‍ෂ දෙකට ම ඡන්ද 69.0%ක් ලැබී තිබෙනවා. සිංහල ඡන්දවලින් 69%ක් කියන්නෙ තීරණාත්මක ඡන්දයක්. ජනාධිපතිවරණයේ දී මෙය මෙයට වඩා ස්වල්පයකින්වත් වැඩි වේවි. එ ජා පක්‍ෂය ලබා ගෙන ඇත්තේ ඡන්ද 24.3%යි. ජ වි පෙ ඡන්ද 5.8%යි.

Wednesday, 14 August 2019

ගෝඨාභයගේ ඡන්ද ප්‍රතිශතය


           සිංහල ලිත් ඉලක්කම් 





ගෝඨාභයගේ ඡන්ද ප්‍රතිශතය

මෙරට ජනගහන ප්‍රතිශත 2012 ඇස්තමේන්තු අනුව මෙසේ වර්ග කෙරෙනවා. සිංහල 74.9, ශ්‍රී ලාංකික දෙමළ 11.2, ශ්‍රී ලාංකික මුවර් 9.2, ඉන්දියානු දෙමළ 4.2, අනෙක් 0.5. බෞද්ධ 70.2, හින්දු 12.6, ඉස්ලාම් 9.7, කතෝලික 6.1, ක්‍රිස්තියානි 1.3, අනෙක් 0.05. මෙහි මුවර් යනුවෙන් දැක්වෙන්නේ දහහතරවැනි සියවසේ පමණ මෙරටට භාරතයෙන් පැමිණි දෙමළ කතාකරන මුස්ලිමුන්ගෙන් පැවත එන්නන්. එයට අමතර ව බටහිරයන් විශේෂයෙන් ම ඉංගිරිසින් මෙරටට අග්නිදිග ආසියාවෙන් ගෙන්වූ ඉස්ලාම් භක්තිකයන් ඉන්නවා. ඔවුන් බොහෝ විට මැලේ මුස්ලිමුන් ලෙස හැඳින්වෙනවා. ඒ අයගේ ප්‍රතිශතය 0.5ක් වන බව කියන්න පුළුවන්. ඔවුන් බොහෝ විට සිංහල සංස්කෘතියට අවශෝෂණය වෙලා. ඔවුන් සිංහල මුස්ලිමුන් ලෙස හඳුන්වන්න පුළුවන්. ඒ අනුව සිංහල ප්‍රතිශතය 75.4ක් පමණ වෙනවා. මෙයින් පැහැදිලි වන්නේ සිංහල කතෝලික හා ක්‍රිස්තියානි ප්‍රතිශතය 4.7ක් පමණ වන බවයි.