මුස්ලිම් අන්තවාදයෙන් නව ජාතික ව්‍යාපාරයකට
අප රටේ බොහෝ ප්‍රශ්නවලට හේතුව සිංහල බෞද්ධ යැයි කියන නිවට නියාළු කසිකබල් දේශපාලනඥයන් බව දැන් පැහැදිලියි. ඔවුන්ගෙන් ඇතැමකු කෙලින් ම බටහිරයන් වෙනුවෙන් පෙනී සිටින බටහිර දාසයන්. බටහිර න්‍යාය පත්‍රවලට අනුව වැඩ කරන ඔවුන්ට බටහිරින් වරප්‍රසාද ලැබුණත් නැතත් වහල් මනසට අනුව ඔවුන් බටහිරයන් කියන දේ කරනවා. අනෙක් පිරිස තමන් ලත් අධ්‍යාපනය අනුව බටහිර අවශ්‍යතාවන් හිස් මුදුණේ තබා ගෙන ක්‍රියා කරනවා. මේ කොයි කවුරුත් අවසාන වශයෙන් ගත් කල බටහිර දැනුමේ ආධිපත්‍යයට යට වෙලා.
බටහිර ආධිපත්‍යයට යට නොවී සිටින්නේ යැයි කියන්නවුන් ද ඊනියා සමාජවාදී මතවලට යටවෙලා. සමාජවාදය අද බටහිර ලෝකයේ පුස් කෑ සංකල්පයක්. ඊනියා කම්කරු පංතියක් මත සෘජු ව හරි වක්‍ර ව හරි පදනම්වන්නන් බටහිර ලෝකයේ ක්‍රමයෙන් අතු ගැවී යනවා. අද සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂවලට බටහිර ලෝකයේ විසිවැනි සියවසේ තිබූ තැන ක්‍රමයෙන් අහිමි වෙනවා. තව දශක කිහිපයක් යන විට සමාජ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය නැත්තට ම නැති වේවි.
ලංකාවේ නම් සමාජ ප්‍රජාතන්ත්‍රවාදයට තිබූ තැන ශ්‍රී ල නි පක්‍ෂය පිහිටුවීමෙන් පසු නැති වුණා. අද ඇත්තේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී අවතාර පමණයි. ඔවුන් සමහර දෙනකු එ ජා පක්‍ෂයේ නිවට අනුගාමිකයන් වෙලා. ඊනියා විප්ලවවාදී පක්‍ෂයක් ලෙස ක්‍රියා කළ ජ වි පෙ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයක් වී අද එ ජා පක්‍ෂයේ අතකොළුවක් වෙලා. ඔවුන්ට නැවත හිස ඔසවන්න බැහැ.
1952න් පමණ පසු ශ්‍රී ල නි පක්‍ෂය ජාතිකවාදී පක්‍ෂයක් බවට පත් වුණා. සිංහල බෞද්ධත්වය ගැන බියෙන් පසුවන ඉන්දියාවත් බටහිරත් එකතු වී මෛත්‍රිපාල යොදා ගෙන ඒ පක්‍ෂය මරා දැම්මා. පොහොට්ටුව ජාතිකවාදී පක්‍ෂයක් ලෙස නොවෙයි බිහි වුණේ. එය ජාතිකවාදී පක්‍ෂයක් කිරීම පහසු කටයුත්තක් නො වෙයි. ඊනියා ස්මාට් ජාතිකවාදීන් ඒ පක්‍ෂය ඩැහැ ගැනීමට ඉඩ තියෙනවා.
අද මුස්ලිම් අන්තවාදය හමුවේ මේ සියල්ලන් ක්‍රියා කරන්නේ නිවට ආකාරයකින්. ඒ ඒ පක්‍ෂවල සාමාජිකයන් සාමාන්‍ය මන්ත්‍රීවරුන් මුස්ලිම් අන්තවාදයට විරුද්ධ ව නැගී සිටියත් පක්‍ෂවල නායකයන් නිහඬයි. ඔවුන් පැහැදිලි ප්‍රකාශයක් කරන්නේ නැහැ. පක්‍ෂ නායකයන් ක්‍රියා කරන්නේ යම් උපකල්පන මත හිඳිමින්. ඔවුන් දන්නවා සිංහලයන්ට ඡන්දය දීමට වෙනත් පක්‍ෂයක් නැති බව. සිංහලයන් පොදුවේ ගත් කල තමන්ට පමණක් සීමා වන පක්‍ෂ ප්‍රතික්‍ෂෙප කරනවා. ඒ බව මෙත්තානන්ද රාජරත්න යුගවල සිට ම පෙනෙන්නට තිබුණා. ජාතික හෙළ උරුමය වටා තාවකාලික ව නමුත් ගොනු වුණේ නාගරික මධ්‍යම පංතික සිංහල බෞද්ධයන් කිහිප දෙනකු පමණයි. ජාතික හෙළ උරුමය කළ ප්‍රධාන ම කාරණය වුණේ ජාතික ව්‍යාපාරය දේශපාලනීකරණයට ලක් කිරීමයි.
සිංහල දේශපාලන පක්‍ෂවල නායකයන් තමන්ට සිංහල ඡන්ද කොහොමටත් ලැබෙන නිසා මුස්ලිම් ඡන්ද කෙරෙහි කෙළ හලනවා. ඒ මුස්ලිම් ජනයා ඇතැම් තැන්වල සිංහලයන් සමග ජීවත්වන නිසා. ඔවුන් දෙමළ කතා කරන අයගේ ඡන්ද ගැන උනන්දුවක් දක්වන්නේ ඒ ජනයාගේ දේශපාලන පක්‍ෂ හරහා. එහෙත් මුස්ලිම් ජනයාගේ ඡන්ද ගැන මුස්ලිම් දේශපාලන පක්‍ෂ හරහා මෙන් ම සෘජුවත් කල්පනා කරනවා.
බටහිරයන් අප රටේ මුස්ලිම් ජනයා තම ආධිපත්‍යය තහවුරු කිරීමට යොදා ගන්නවා. ඔවුන් අයිසිස් සංවිධානයත් පොදුවේ වහාබ්වාදී දේශපාලනයත් යොදා ගන්නවා. ඇතැම් මුස්ලිම් ජනයා තමන්ට ම ආවේණික වූ ආකරයකටත් තම සංස්කෘතික ව්‍යාප්තවාදය ක්‍රියාත්මක කරනවා. ජනගහණ ප්‍රතිශතය වැඩි කර ගැනීම, අනෙක් ආගමික මත නොඉවසීම ආදිය එහි දී ක්‍රියාත්මක වෙනවා. එය ලංකාවේ පමණක් නොව බටහිර රටවල ද ක්‍රියාත්මක වෙනවා. එමෙන් ම බටහිරයන් මුස්ලිම් අන්තවාදයට විරුද්ධව සිංහලයන් උසි ගැන්වීමෙහි ද යෙදෙනවා.
අපට ක්‍රියාත්මක වීමට ඇත්තේ මේ සංකීර්ණ තත්වයන් යටතේ. මුස්ලිම් දේශපාලන පක්‍ෂ නායකයන් අද සිංහල දේශපාලනඥයන් බොහෝ දෙනකු ශරීර ඇපයට තබා ගෙන. ඔවුන් තම ඡන්ද ශක්තිය යොදා ගෙන සිංහල නිවට දේශපාලනඥයන් ආම්බාන් කරනවා. අසාද් සාලි, හිස්බුල්ලා, බද්‍යුද්දීන්, රහමන්, හලීම් වැනි කිහිප දෙනකුට මුළු මහත් ජාතික දේශපාලනය හැසිරවීමේ බලය ලැබී තිබෙනවා. වඳ දොස්තර යැයි කියන්නාට රාජිත සේනාරත්න සම්ප්‍රදායට හා පරිපාලන නීතියට පිටින් ගොස් උපකාර කරන බව පැහැදිලියි. ඔහුට බේරුවල මුස්ලිම් ඡන්ද ලබා ගැනීමේ අවශ්‍යතාව තියෙනවා.
පොහොට්ටුවත් මෛත්‍රිපාලත් මේ දේශපාලනඥයන් වක්‍ර ව හරි සෘජුව හරි රකිනවා. ඒත් ඡන්ද සඳහා. මෛත්‍රිපාල මුස්ලිම් ඡන්ද හරහා නැවත ජනාධිපති වීමට හොරගල් අහුලනවා ද? පොහොට්ටුවේ නායකයන් ෂාපි නිසා වඳ භාවයට ලක් වී යැයි කියන කාන්තාවන්ට යුක්තිය ඉටු කිරීමට කතා කරනවා. එහෙත් ශාපි ගැන නිහඬයි. අසාද් සාලි ගැන මොකද කියන්නෙ. පක්‍ෂවල පොඩ්ඩන්ට ඒ ඒ අය ගැන කතා කිරීමට ඉඩ දී මුනිවත රැකීමෙන් නායකයන් මුනිවරුන් වන්නේ නැහැ.
අද ජාතික ව්‍යාපාරයකට නැවතත් ඉඩකඩ තියෙනවා. මෙවර ජාතික ව්‍යාපාරය සිංහල බෞද්ධ ධජය සෙවණේ සිංහල කතෝලික, දෙමළ කතෝලික, සිංහල දෙමළ ක්‍රිස්තියානි, දෙමළ ප්‍රභූ නොවන හින්දු, අන්තවාදයට විරුද්ධ මුස්ලිමුන් ආදී සියල්ලන් එකතු කරන්නක් විය යුතුයි. අද පාර්ලිමේන්තුව නාඩගම් මඩුවක් වෙලා. රනිල් හා නළුවන් අද එහි විවිධ නාඩගම් නටන්නේ හුදෙක් බටහිරයන් වෙනුවෙන්. ඔවුන්ට වෙනත් රංගනයක් නැහැ. දහනවැනි ව්‍යවස්ථා සංශෝධනය නිසා අද අපට කර කියා ගන්න දෙයක් නැති වෙලා. ඔක්තෝම්බර් විසි හය පාවා දීමෙන් රනිල්ට නාඩගම් නටමින් රට ප්‍රපාතයට ගෙන යෑමට අවස්ථාව ලබා දී තියෙනවා. මේවාට වග කියන්නේ කවු ද? නව ජාතික ව්‍යාපාරය මේ සියල්ල සැලකිල්ලට ගත යුතුයි.