Main Logo

Thursday 16 May 2019

චම්පක බද්‍යුද්දීන් මංගල හා එක්සත් ජාතීන්

චම්පක බද්යුද්දීන් මංගල හා එක්සත් ජාතීන්


බද්යුද්දීන්ට විරුද්ධ විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට තීරණය ගැනීම හොඳයි. යෝජනාව දිනනව පැරදෙනව කියන එක ප්රශ්නයක් නො වෙයි. පැරදුණොත් පැරදෙන්නෙ කවුරු හින්ද කියන එක ජනතාව දැන ගනියි.  වි පෙරමුණ දෙමළ ජාතික සංධානය ජා පෙරමුණ කියන එක දැන ගත්ත අයට විරුද්ධ විශාල ප්රචාරයක් ගෙනි යන්න ඕන.       නිකම් බොරු ඇයි හොඳයිකම් පෑමෙන් වැඩක් නැහැ. විශ්වාසභංග යෝජනාවට විරුද්ධ වන්නෙ පාස්කු ප්රහාරයත් සමග යම් සම්බන්ධයක් තියෙන අය. ඔවුන් බද්යුද්දීන් මෙන් පාස්කු ප්රහාරකයන් සෘජුව හරි වක් හරි ආරක්ෂා කරන්නන්.


චම්පක විශ්වාසභංග යෝජනාවට පක් වුණත් වැඩක් නැහැ. ඔහු ගැන කිසිම විශ්වාසයක් තබන්න බැහැ. ඔහු ඉල්ලම් සොයා යන දරුණු ගණයේ අවස්ථාවාදියෙක්. ඔහු ජාතික මගක් අටව ගෙන ජාතියට මග පෙන්වන්න හදනවා. ඔහු පෙන්වන්නේ අගාධයේ මග. මාවරල භද්දිය හාමුදුරුවන් බොහෝ කලකට පෙර ජාතික හෙළ උරුමය සමග සිටින දවස්වල සරණ මධ්යස්ථානයේ සිදු වූ සිදුවීමක් මට මතක් වුණා උන්වහන්සේ ජාතික මග රැස්වීමෙ අනුශාසනයක් කරනව අහගෙන ඉඳලා. චම්පක 2015 දි ජාතියට පෙන් වූ මග කුමක් ? රනිල්ගේ මග.

මංගල සමරවීර ජාතියට සේවය කරන්නකු බව දැන් පැහැදිලියි. මුදල් ඇමති ලෙස නො වෙයි. ඔහු මේ රට සිංහල බෞද්ධ රටක් නොවෙයි කිව්වට පස්සෙ ඔහු පඬියන් පඬි පෝතකයන් පඬි නැට්ටන් සිවල් සාමාජිකයන් මානව හිමිකම් අයිතිකරුවන් වැනි කිහිප දෙනකු හා ඔවුන් වටා සිටින කිහිප දෙනකු හැරෙන්න අනෙක් සියල්ලන් වගේ දැන් මේ රට සිංහල බෞද්ධ රටක් ලෙස පිළිගන්නවා.  මොකක් නිසා කියන එක පිළිගන්න අය දන්නවා. ඔවුන්ට ඒක වියුක්ත කතාවක් නො වෙයි. මේ රටේ විශේෂිත වූ සංස්කෘතිය සිංහල බෞද්ධ කියන එක අය දන්නවා. ඒකෙ ඊට වඩා කියන්න දෙයක් නැහැ.

විශේෂිත වූ සංස්කෘතිය සිංහල බෞද්ධ කියන එක රටේ ඉතිහාසයෙන් ජනප්රවාදවලින් ගොඩ නගා ඇති සංස්කෘතියෙන් මිනිසුන්ගෙ හැසිරීමෙන් හිතන විධියෙන් සහ වෙනත් කරුණුවලින් දැන ගන්න පුළුවන්. දෙමව්පියන් හා දරුවන් අතර ඇති සම්බන්ධයත් එයට උදාහරණයක්. පහුගිය දවස්වල දරුවන් පාසල් යැවීම සම්බන්ධයෙන් දෙමව්පියන් ක්රියා කළ ආකාරය සිංහල බෞද්ධකමට විරුද්ධව තම කසිකබල් පෑන මෙහෙයවන ගමෙන් පැමිණි ජඩමාධ්යවේදියකු තම දරුවා පාසල් යැවීම සම්බන්ධයෙන් කළ ප්රකාශයෙන් පැහැදිලි වුණා. ඔහුට හදිසියේ ගම මතක් වෙන්න ඇති.

අප මෙරට සිංහල බෞද්ධ නොවන ජනතාවගෙන් වෙනත් දෙයක් බලාපොරොත්තු වන්නේ නැහැ. කාදිනල්තුමාගෙනුත් වෙනත් දෙයක් බලාපොරොත්තු වෙන්නෙ නැහැ. එතුමා කිව යුතු දේ කියා තිබෙනවා. පාස්කු ප්රහාරයෙන් සිදු වූ එක් යහපත් දෙයක් තමයි රටේ මහජනතාවගෙන් අතිවිශාල පිරිසක් මෙරට සිංහල බෞද්ධ රටක් බව පිළිගැනීම.

කියන්නෙ දැන් ප්රශ්නය ඉවරයි කියන එක නො වෙයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඒකාබද්ධ නිවේදනයකින් කියන්න හදන්නෙ මෙරට සිංහල බෞද්ධයන් බහුතරය බවත් අනෙක් ආගමිකයන්ට නිදහසේ ඉන්න බැරි බවත්. මොන වචනවලින් කිව්වත් ඔවුන් ප්රකාශ කරන්නේ එයයි. ඔවුන් දැන් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් වූ වගකීමක් (R2P) ගැන කතා කරනවා. මේ ආරක්ෂා කරන්නේ මොනවා සම්බන්ධයෙන් ?

එක්සත් ජාතීන්ගේ සංවිධානය 2005 දී සම්මත කරගත් යෝජනාවකට අනුව  සමූලඝාතන, යුද්ධාපරාධ, ජනවාර්ගික අතගා දැමීම්, මනුෂ්යත්වයට එරෙහි අපරාධ වලින් ආරක්ෂා කිරීම. දැන් ලංකාවේ මේ එකක්වත් සිදු වෙනවා ? එක්සත් ජාතීන්ගේ සංවිධානය කියන්නෙ බටහිර ක්රිස්තියානි නූතනත්ව සංස්ථාපනයේ තවත් හස්තයක් පමණයි. ඔවුන්ට ඕන කරන්නෙ අනෙක් සංස්කෘතීන් නැති කර තම සංස්කෘතික ආධිපත්යය පැතිරවීමට.

අද මේ තැන තැන කලබල ඇති කරන්නෙ බටහිරයන් නො වෙයි. එහෙත් එසේ කරන්නේ ඔවුන්ගේත් ඔවුන්ගේ මෙරට ආණ්ඩුවේත් අවශ්යතා වෙනුවෙන්. සඳහා නායකත්වය දෙන්නේ ආණ්ඩු පක්ෂයේ ප්රාදේශීය නායකයන්. ඔවුන් දන්නවා කලබල ඇති කිරීමෙන් ආණ්ඩුව රකින්න පුළුවන් බව.

එක්සත් ජාතීන්ගේ සංවිධානය පාස්කු ප්රහාරය ගැන කිසිවක් කියන්නේ නැහැ. අද මුස්ලිම් ත්රස්තවාදය මෙහෙයවනු ලබන්නේ බටහිර නූතනත්වය විසින්. ඔවුන් බලපොරොත්තු වූ එක් කරුණක් වූයේ පාස්කු ප්රහාරයෙන් පසු සිංහලයන් මුස්ලිමුන්ට විරුද්ධව ප්රචණ්ඩත්වයට යොමු වීම. එහෙත් එය සිදු වූයේ නැහැ. දැන් සති තුනකට පමණ පසු ඔවුන් වෙනුවෙන් දැනුවත් හෝ නොදැනුවත් හෝ ආණ්ඩු පක්ෂයේ ප්රාදේශීය නායකයන් කලබල ඇති කරවනව.

සති තුනක් පමණ නිහඬ සිටි පඬියන් පඬි පෝතකයන් හා පඬි නැට්ටන් වැස්සෙන් පසු  නැගිටින කූඩැල්ලන් මෙන් නැගිටලා. ඔවුන් පාස්කු ප්රහාරයට විරුද්ධව කිසිවක් කීවේ නැහැ. ඔවුන් කෙළේ වෙන අයගෙ පොත්වලින් පාඨ ඇද බෑම පමණයි. ඩ්රීම් ස්ටාර් වැඩ. ඔවුන්ට සික්ස්ටි ප්ලස් වැඩ සටහන්වලටත් ඉදිරිපත් වෙන්න පුළුවන්. ඔවුන් සමහරකුට දැන් හැට පිරෙන්න ළඟයි. පාඨවල තිබුණේ නැහැ මුස්ලිම් ත්රස්තවාදය බටහිර නූතනත්වය විසින් මෙහෙයවන ආකරය ගැන. පඬියන්ට පඬි පෝතකයන්ට පාසල් යන වියේ දරුවන් නැති පාටයි.

අද අවශ් වන්නේ ජාතික තව්හීඩ් ජමාද් හා තහනම් කර ඇති අනෙක් සංවිධාන දෙක ගැන ඉතා හොඳින් පරීක්ෂණ පැවැත්වීම. සඳහා කිසිම විදේශීය ඔත්තු සේවයකින් හරි වෙනත් ආයතනයකින් හරි ආධාර ගන්න අවශ් නැහැ. සහරාන් හා ඔහුගේ පිරිස ගැන කිසිම ඉඩක් නොතබා සියල්ල සොයා බලන්න ඕන. සහරාන්ටත් උඩින් තවත් අය ඉන්න ඕන. අපට අගමැතිගෙ බයිල අවශ් නැහැ. බටහිරයන් ක්රියා කරන්නෙ රනිල්ට තව තවත් බලය දීල ජාතිකත්වයක් ඇති නායකයකු බලයට ඒම වැළැක්වීමට. මෛත්රිපාල යටතෙ පොලීසිය තිබුණත් පොලීසිය උසාවියට ඉදිරිපත් කරන ඇතැමුනට ඇප ලැබීමත් ඇතැමුනට ඇප නොලෑබීමත් ප්රශ්නයක්.