Main Logo

Showing posts with label Covid 19. Show all posts
Showing posts with label Covid 19. Show all posts

Saturday, 30 May 2020

පිටරට අපේ ආසාදිතයෝ

෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯
                                                   සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3    4   5  6  7  8  9



පිටරට අපේ ආසාදිතයෝ 



කුවේටයේ යම් ප්‍රශ්නයක් තියෙන බව පැහැදිලියි. දැන් තානාපති සේවයේ වැඩ කරන මට වෙනත් තානාපති කාර්යාලයක කටයුතු ගැන කතා කිරීම සුදුසු නැහැ. ඒ අතින් විශ්වවිද්‍යාල පද්ධතියේ නිදහසක් තියෙනවා. විශ්වවිද්‍යාල ගුරුවරු ඉතා වැඩි පිරිසක් මට විරුද්ධ වුණා පමණක් නොව කැලණිය විශ්වවිද්‍යාලයේ ඇතැම් ගුරුවරු මට විරුද්ධ ව පාරේ හිඳිමින් සිසුන්ට හා අනෙක් අයට අත්පත්‍රිකා බෙදුවා. වෙනත් තානාපති කෙනකුගේ හොඳ කියන්න හරි නරක කියන්න හරි මට අවශ්‍ය නැහැ. කැලණිය විශ්වවිද්‍යාලයේ ඇතැම් ගුරුවරුන් තම ඊනියා නිදහස යොදා ගත් ආකාරය පමණයි මට සඳහන් කිරීමට අවශ්‍ය වුණේ. 

Tuesday, 5 May 2020

සිංහල බෞද්ධ ජාතිකත්වය ගැන වචනයක්

෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯
                                                   සිංහල ලිත් ඉලක්කම්


0  1   2    3    4   5  6  7  8  9 





සිංහල බෞද්ධ ජාතිකත්වය ගැන වචනයක් 



අගමැති මහින්ද රාජපක්‍ෂ ඊයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කැඳවල තිබුණ. මෙහි හිටපු කියන්නෙ 2015 පාර්ලිමේන්තුවෙ හිටපු මන්ත්‍රීවරුන් පමණක් නොවන බව පැහැදිලියි. ඒ 2015 පාර්ලිමේන්තුවෙ ම වෙන්න ඕන නැහැ.  එයට  සමහර හිටපු එ ජා ප මන්ත්‍රීවරුන් ද සහභාගි වෙලා. ඔවුන් 2015 පාර්ලිමේන්තුවෙ අය නොවෙයි. මා දන්නේ නැහැ ඊයෙ මේ හිටපු මන්ත්‍රීන් කොවිඩ් 19 මර්දනය කිරීමට මොන වගේ යෝජනා කළා ද කියල. ක්‍රියාත්මක කරන්න පුළුවන් වැදගත් යෝජනාවක් කළා නම් ඒ බව රටට හෙළි කරන එක හොඳයි. 

Thursday, 30 April 2020

Who made the Virus? Another view.



෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯
                                                       සිංහල ලිත් ඉලක්කම්
0  1   2    3    4   5  6  7  8  9 


Who made the Virus?  Another view.


French coronavirus strain may be local and may not have come from China

The Covid-19 virus which has been ravaging France may not have originated in China, according to a study published by virologists at the Pasteur Institute in Paris. The French strain may have been circulating locally and unrecognised before the global outbreak accelerated.

කොවිඩ් රෝගියා බටහිර වෙදකමේ හිරකරුවෙක් නො වේ

෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯
                                                       සිංහල ලිත් ඉලක්කම්
0  1   2    3    4   5  6  7  8  9 





කොවිඩ් රෝගියා බටහිර වෙදකමේ හිරකරුවෙක් නොවේ

කොවිඩ් 19 ආසාදිතයන් සුව වී ගෙදර යන බව අසන්නට ලැබෙනවා. එය සතුටුදායක ප්‍රවෘත්තියක්. එහෙත් මට ප්‍රශ්නයක් තියෙනවා. මේ ආසාදිතයන් සුව වන්නේ යම් ප්‍රතිකාරයක් ලැබීමෙන් පසුව ද? කොවිඩ් 19ට ප්‍රතිකාරයක් තියෙනවා ද? බටහිර වෙදකමේ ප්‍රතිකාර නැති බව කියන්නේ බටහිර වෙදමහත්වරුන්මයි. මා කලින් දවසක ඇහුවා කොවිඩ් රෝගියකු යනු කවුද කියා. අද අහනවා මේ රෝගීන් සුව වෙනවා කියන එකේ තේරුම මොකක් ද කියන එක. සුව වෙන්න කරන ප්‍රතිකාරය කුමක් ද? බටහිර වෙදකමේ ප්‍රතිකාරයක් නැත්නම් මේ සුව වීම යනු කුමක් ද?

Wednesday, 29 April 2020

කොවිඩ් 19 ඔළුව හා පපුව

෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯
                                                       සිංහල ලිත් ඉලක්කම්
0  1   2    3    4   5  6  7  8  9 



කොවිඩ් 19 ඔළුව හා පපුව

කොවිඩ් 19 අපට හුඟක් දේ කියා දෙනවා. රට රටවල ඇති විවිධ සංස්කෘතීන් මත ඒ ඒ ජනතාව මෙන් ම ආණ්ඩු ද ක්‍රියා කරන්නේ කෙසේ ද යන්න අප තේරුම් ගනිමින් සිටිනවා. සියලුූ රටවල ජනයා ආත්මාර්ථකාමීයි. ඒ ඒ රටවල ආත්මාර්ථකාමීත්වය අඩු පුද්ගලයන් ඉන්න පුළුවන්. එහෙත් පොදුවේ ආත්මාර්ථකාමීත්වයක් තියෙනවා. මේ ආත්මාර්ථකාමීත්වය ඒ ඒ සංස්කෘතියේ පිළිබිඹු වන්නේ ඒ ඒ ආකාරයෙන්. 

Monday, 27 April 2020

කුරහන් සාටකය, කොවිඩ් හා මුට්ටි බිඳීම

෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯
                                                       සිංහල ලිත් ඉලක්කම්
0  1   2    3    4   5  6  7  8  9 




කුරහන් සාටකය,  කොවිඩ් හා මුට්ටි බිඳීම


කොවිඩ් 19 වැළඳී සුව වූ අයට නැවත වැළඳීමට ඉඩ ඇති බව බටහිර ඉන්න බටහිර වෙදමහත්වරු කියනවා. මෙරට බටහිර වෙදමහත්වරුන්ට ඒක ඊට පස්සෙ කියන්න පුළුවන්.  ඒ කියන්නේ එන්නතක් නිෂ්පාදනය කිරීම අසීරු වන බව ද? කොවිඩ් 19 ගැන බටහිර ඉන්න බටහිර වෙදමහත්වරුන්ට දැනුමක් නැති බව පැහැදිලියි. කොවිඩ් 19ට ප්‍රතිචාර දැක්වීම  අවුරුදු උත්සවවල දී කෙරෙන ඇස් බැඳ මුට්ටිය බිඳීම වැනි සෙල්ලමක් බවට පත් වෙලා. මෙවර අවුරුදු උත්සව නොතිබුණු නිසා මෙය කළාට කමක් නැතැයි මා කියන්නේ නැහැ. කොහොමටත් කොවිඩ් මුට්ටි බිඳීම කෙරෙන්නේ බටහිර. 

Wednesday, 8 April 2020

COVID-19: Targeting Italy and South Korea? “The Chain of Transmission of Infection”


 
I referred to this article when I mentioned cluster spreading. This describes the spreading of the virus. However, please note that I am not thinking of a man-made virus. I will be referring to this in todays article as well. 

Wednesday, 1 April 2020

මුස්ලිමුන් කොස් හා කොවිඩ් 19

 සිංහල ලිත් ඉලක්කම්


මුස්ලිමුන් කොස් හා කොවිඩ් 19



හිටපු මන්ත්‍රී තෙවරප්පෙරුම කොස් ලොරියක් අරගෙන අටුළුගම ගිහිල්ලා. ඔහුට එහි මුස්ලිම් ජනතාව කිවුවල කොස් ගෙනත් දෙන්න කියා. මුස්ලිමුන් කොස් කන්න එච්චර කැමති කියා මා දැන හිටියේ නැහැ. තෙවරප්පෙරුමගෙ මුදු සිත උණු වෙලා කොස් ලොරියක් පුරව ගෙන ගිහිල්ල. ඔහු කොස් කැඩුවෙ කොහොමද කියල කවුරුවත් අහල නැහැ. ඔහු සෙනග රැස් කර ගෙන එහෙම කෙරුවද නැත්තන් තෙවරප්පෙරුම ම කොස් කැඩු ද කියල කියන්නෙ නැහැ. ඔහු කොස් කැඩීම සම්බන්ධයෙනුත් ඇඳිරි නීති කඩල ද? 

Sunday, 29 March 2020

නොසන්ඩාලයන්, හමුදාව හා ආහාර බෙදීම

       සිංහල ලිත් ඉලක්කම්


නොසන්ඩාලයන්, හමුදාව හා ආහාර බෙදීම  



පිරිත් කියන්නෙ මොකට ද කියල පඬියන් පඬි පෝතකයන් හා පඬි නැට්ටන් අහනවා. ඔවුන්ට ඒක තමන්ගෙ දෙමව්පියන්ගෙන් ආච්චිල සීයල ඉන්නවා නම් ඔවුන්ගෙන් දැන ගන්න පුළුවන්. ඒක අමනුෂ්‍යයන් පැරදවීම සමග සම්බන්ධ වෙච්ච දෙයක්. දැන් පඬියන් අමනුෂ්‍යයන් දැකල නැහැ කියාවි. ඔවුන් වයිරස වයිරියොන මේ කිසිවක් දැකලත් නැහැ. මේ සියල්ල විශ්වාසය පිළිබඳ කතා. අපේ විශ්වාස අවුරුදු දහස් ගණනක් පරණයි. ඒවා තවමත් තියෙනවා. පඬි විශ්වාස වැඩි කලක් පවතින්නෙ නැහැ. මා අමනුෂ්‍ය කතාව පස්සෙ විස්තර සහිතව කියන්නන්. කොවිඩ් 19 වයිරසය ආවෙ කොහෙන් ද? එය ඇති වුණෙ කොහොම ද? පරීක්‍ෂණාගාරයක ද? ඕන ඕන කතා ගොතා ගන්න.