Main Logo

Showing posts with label Agriculture. Show all posts
Showing posts with label Agriculture. Show all posts

Monday, 27 April 2020

කුරහන් සාටකය, කොවිඩ් හා මුට්ටි බිඳීම

෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯
                                                       සිංහල ලිත් ඉලක්කම්
0  1   2    3    4   5  6  7  8  9 




කුරහන් සාටකය,  කොවිඩ් හා මුට්ටි බිඳීම


කොවිඩ් 19 වැළඳී සුව වූ අයට නැවත වැළඳීමට ඉඩ ඇති බව බටහිර ඉන්න බටහිර වෙදමහත්වරු කියනවා. මෙරට බටහිර වෙදමහත්වරුන්ට ඒක ඊට පස්සෙ කියන්න පුළුවන්.  ඒ කියන්නේ එන්නතක් නිෂ්පාදනය කිරීම අසීරු වන බව ද? කොවිඩ් 19 ගැන බටහිර ඉන්න බටහිර වෙදමහත්වරුන්ට දැනුමක් නැති බව පැහැදිලියි. කොවිඩ් 19ට ප්‍රතිචාර දැක්වීම  අවුරුදු උත්සවවල දී කෙරෙන ඇස් බැඳ මුට්ටිය බිඳීම වැනි සෙල්ලමක් බවට පත් වෙලා. මෙවර අවුරුදු උත්සව නොතිබුණු නිසා මෙය කළාට කමක් නැතැයි මා කියන්නේ නැහැ. කොහොමටත් කොවිඩ් මුට්ටි බිඳීම කෙරෙන්නේ බටහිර. 

Saturday, 19 January 2019

සේන දළඹුවා ඇවිත්


සේන දළඹුවා ඇවිත්



සේන දළඹුවා යාපනය හැර අනෙක් දිස්ත්‍රික්කවල පැතිර යන බවයි වාර්තා වෙන්නෙ. සමහර විට යාපනයේත් පැතිරෙන්න පුළුවන්. නැත්නම් ඒකත් ප්‍රශ්නයක්. මේ පණුවාට දළඹුවා කියන්නෙ මොකද කියන එක ප්‍රශ්නයක්. සේන කියන්නෙ ඉංගිරිසියෙන් හරි වෙනත් භාෂාවකින්  හරි කියන නමක් මිසක් සිංහල නමක් වෙන්න බැහැ. සිංහල සේන කෙනෙක් මේකට සම්බන්ධයි කියා හිතන්න බැහැ. දළඹුවන්ගේ වැඩේ කන එකමයි කියල කතාවක් තියෙනවා. සේන දළඹුවන් නම් හරිම හරි බඩගිනිකාරයන් බව පේනවා.

Thursday, 29 December 2016

සහල් හිඟය

සහල් හිඟය

අද රටේ සහල් හිඟයක් තිබෙන බව බත් කන අය දන්නවා. සමහරවිට ඇමතිවරුන් දන්නතෙුව ඇති. සහල් මිළ ඉතා ඉහළට ගිහින්. අද සහල් පිටරටින් ගෙන්වීමේ වෑයමකුත් තිබෙනවා. සහල් පෞද්ගලික ව්‍යාපාරිකයන් හංගා ගෙන ඉන්න බව කියනවා. කොහොමටත් පහුගිය කන්නවල වී සහල් වෙලා වෙළෙඳපොළට නිකුත් වෙලා නැහැ. මා ඒ පිළිබඳ ගණන් හිලව් දන්නේ නැහැ. මට සංඛ්‍යා මතක තබා ගැනීමේ පුරුද්දක්වත් දක්‍ෂකමක්වත් නැහැ. ඒවට දක්‍ෂ අය ඉන්නවා. ඔවුන් හරියට ම කියාවි මෙච්චර වී ප්‍රමාණයක් අස්වැන්න ලෙස ලැබුණු බවත් එයින් මෙච්චර සහල් ප්‍රමාණයක් ලැබිය යුතු බවත් ඒත් වෙළෙඳපොලට නිකුත් වී ඇත්තේ මෙච්චර හාල් ප්‍රමාණයක් පමණක් බවත්. එ සංඛ්‍යා ලේඛන නැති වුවත් නිපදවූ වී ප්‍රමාණය සහල් වෙලා වෙළෙඳපොළට ඇවිත් නැති බව නම් පේන්න තියෙනවා.