සහල් හිඟය
අද රටේ සහල් හිඟයක් තිබෙන බව බත් කන අය දන්නවා. සමහරවිට ඇමතිවරුන් දන්නතෙුව ඇති. සහල් මිළ ඉතා ඉහළට ගිහින්. අද සහල් පිටරටින් ගෙන්වීමේ වෑයමකුත් තිබෙනවා. සහල් පෞද්ගලික ව්‍යාපාරිකයන් හංගා ගෙන ඉන්න බව කියනවා. කොහොමටත් පහුගිය කන්නවල වී සහල් වෙලා වෙළෙඳපොළට නිකුත් වෙලා නැහැ. මා ඒ පිළිබඳ ගණන් හිලව් දන්නේ නැහැ. මට සංඛ්‍යා මතක තබා ගැනීමේ පුරුද්දක්වත් දක්‍ෂකමක්වත් නැහැ. ඒවට දක්‍ෂ අය ඉන්නවා. ඔවුන් හරියට ම කියාවි මෙච්චර වී ප්‍රමාණයක් අස්වැන්න ලෙස ලැබුණු බවත් එයින් මෙච්චර සහල් ප්‍රමාණයක් ලැබිය යුතු බවත් ඒත් වෙළෙඳපොලට නිකුත් වී ඇත්තේ මෙච්චර හාල් ප්‍රමාණයක් පමණක් බවත්. එ සංඛ්‍යා ලේඛන නැති වුවත් නිපදවූ වී ප්‍රමාණය සහල් වෙලා වෙළෙඳපොළට ඇවිත් නැති බව නම් පේන්න තියෙනවා.
මේ ලිපිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් ද කියවිය හැකි යි.
මෙයට වග කියන්න ඕන මහා මෝල් හිමියන් බවත් පැහැදිලියි. ඔවුන් මහා මෝල් හිමියන් වුනාට මහා මෝලුන් නො වෙයි. මේ ඇතැමුන් ගොවීන්ගෙ පුතාලා වෙන්නත් ඇති. ඒ නිසා ම ගොවීන්ගෙ දුප්පත් කමත් ඔවුන් ගසා කෑ හැකි ආකාරයත් දන්නවා ඇති. ඒ දැනුමට දේශපාලන බලයත් එකතු වුනා ම අමාරුවෙ වැටෙන්නෙ බත් දෙන ගොවියන් හා බත් කන ජනතාව. අද බොහෝ දෙනකු අපේ කම ගැන කතා කරනවා. අපේ අනන්‍යතාව ගැන කතා කරනවා. ඒත් අනන්‍යතාව පවත්වා ගෙන යන්න කිසිවක් කරන්නේ නැහැ කියන එක වැරදියි. අද අප කරන්නේ ඒ අනන්‍යතාව විනාශ කිරීමයි.
අපේ අනන්‍යතාව ඇත්තේ සිංහල බුද්ධාගමේ, ගොවිතැනේ හා වෙදකමේ. සඟ වෙද ගොවි එතැන තියෙනවා. අඩු ගුරු විතරයි. කම්කරු කියන එක පංච මහා බල වේගයට එකතු කෙරුණේ කිසිම තේරුමක් නැතිව. ගුරුවරුන්ගේ අනන්‍යතාව නැති කර බොහෝ කල්. අද ඉන්නේ සර්ලා හා ටීචර්ලා. සර් කියන වචනයේ ස්ත්‍රී ලිංග පදය ටීචර් ද කියලත් කල්පනා කරන ළමයින්ට හිතෙනවා ඇති. ඒ කොහොම වුනත් අද හාමුදුරුවරුන්ට ගොවියන්ට හා වෙදමහත්වරුන්ට එතරම් හොඳ කාලයක් නො වෙයි.
නිදහස ලැබීල අවුරුදු හැත්තෑවකට කිට්ටු වුනත් වෙදමහත්වරුන්ට වැදගත් කමක් ලැබිලා නැහැ. බණ්ඩාරනායක මහත්තයා වික්‍රමාරච්චි වෙද රාළහාමි එකල තිබූ උත්තර (සෙනේට්) මන්ත්‍රී මණ්ඩලයට පත් කළත් ඒක සංකේතාත්මක දෙයක් පමණක් බවට පත්වුනා. දැන් ආයුර්වේදයට විශ්වවිද්‍යාල තත්වය ලැබිල ඉස්සර හිටිය ගම්පහ වෙදමහත්වරුත් නැති වෙලා. දැන් ඉන්නෙ ඩොක්ටර්ලා. ඒකත් අර ඉස්කෝලෙ මහත්තුරු ඉස්කෝලෙ හාමිනේලා සර්ලා ටීචර්ලා වුනා වගේ වැඩක්. සිංහල වෙදකමට නම් කිසිම තැනක් වැදගත් කමක් නැහැ. කෘෂිකාර්මික වකුගඩු රෝගයට සිංහල වෙදකමේ බෙහෙත් තිබුණත් ආණ්ඩුවවත් ජනමාධ්‍යවත් ඒ ගැන කිසිම තැකීමක් නැහැ. ඉස්සර වැඩ විසූ පණ්ඩිත හාමුදූරුවරුත් අද නැහැ. පිරිවෙන් විශ්වවිද්‍යාල වුනාට පස්සෙ ඉන්නෙ මහාචාර්ය හාමුදුරුවරු ඒ මහාචාර්ය හාමුදුරුවරුයි ඉන්න අනෙක් මහාචාර්යවරුයි එකතු වෙලා ක්‍රිස්තියානි නූතනත්වයට ගැලපෙන විධියට බුදුදහම කපලා කොටලා සකස් කරනවා.
සහල් හිඟය ඇති වෙන්නෙ මේ සන්දර්භයෙහි. අද ගොවීන් ජීවත් වෙන්නෙ බොහොම අමාරුවෙන්. ඔවුන්ට රසායනික පොහොර, වල්නාශක, කෘමිනාශක නැතිව ගොවිතැන් කරන්න බැහැ. කිසිම කලක සංකල්පයක් ප්‍රවාදයක් බටහිර විද්‍යාවට එකතු කර නැති ඊනියා විද්‍යාඥයන් ගොවියන් තව තවත් කෘෂි රසායනික ගොවිතැනට තල්ලු කරනවා. ඔවුන් රසායනික ද්‍රව්‍ය අලෙවි කරන වෙළෙඳ නියෝජිතයන් (සේල්ස් රෙප්ලා) බවට පත්වෙලා. ඒ රසායනික ද්‍රව්‍යවලට ලොකු මුදලක් ගෙවන්න ඕන. ආණ්ඩුව පොහොර සහනාධාරය කපා දාලා. මා කියන්නේ රසායනික පොහොර දැමීය යුතුය කියන එක නොවෙයි. ආණ්ඩුව මේ ක්‍රමයට ගොවිතැන් කරන්නවත් ගොවීන්ට ආධාර කරන්නේ නැහැ. දැන් බිත්තර වී ටිකත් මුදලට ගන්න ඕන. වතුර ටික නිසි කලට දෙන්නේ නැහැ. ගොවීන්ට කන්නය ආරම්භයේ දී ම ණය ගන්න වෙනවා. බොහෝ වෙලාවට ණය ගන්න වෙන්නෙ වී මිලට ගන්න මුදලාලිලාගෙන්. ගොවිතැනට විශාල මුදලක් යනවා. අස්වැන්න කපාගත් පසු මුදලාලි වී මිළ දී ගන්නෙ කුණු කොල්ලයට. ගත් ණයට වී අලෙවි මුදල කැපී යනවා. තව තවත් ණය ගන්න සිද්ධ වෙනවා. ගොවීන්ට වියදම් කරපු මුදලවත් ලබාගන්න අමාරුයි. වි අවසානයේ දී යන්නෙ මහා මෝල් හිමියන්ට. ඔවුන් ඉන් පසු අධික ලාභ ගැනීමට සහල් වෙළෙඳපොළ තමන්ට ඕන විධියට හසුරවනවා. ඔවුන් තව තවත් ධනය එකතු කරනවා. දුප්පත් ගොවියන්ගෙ දරුවන් එක් කෙනකු මහා මෝල් හිමියකු වෙනවා. ඉතිරි අය ගොවිතැන අත්හැර ත්‍රිරෝද පැදවීමට යනවා. අද මඩ සෝදා ගත් කල ගොවියා ත්‍රිරෝද පැදවීමට සුදුස්සකු වෙනවා. වැඩිකල් නොගොස් මෙරට ගොවිතැන නැති වෙනවා. අපට පිටරටින් ම සහල් ආනයනය කිරීමට සිදුවේවි. තරුණයන් අතර සිංහල වෙදමහත්වරුත් අද හොයා ගන්න අමාරුයි. අප අපේ කම රකින්නේ එහෙමයි. රූපවාහිනී නාළිකා කරන්නේත් කටින් බතල කොළ හිටවීම පමණයි. කටින් බතල කොළ හිටවීම මේ රටේ කෙරෙන එකම ගොවිතැන බවට පත්වේවි. අවාසනාවකට අපටත් වැඩි යමක් කිරීමට බැහැ. මේ ලිපි ලිවීමෙන් අපට ආණ්ඩුවල ප්‍රතිපත්ති වෙනස් කරන්න බැහැ. අප කරන්නේ ගඟට ඉණි කැපීමක් යැයි බොහෝ වෙලාවට හිතෙනවා.
ආණ්ඩුවට හා ජනමාධ්‍යවලට අපේ කම රකින්න ඕන නම් බොරු නොකර හාමුදරූැවරුන්ට, වෙදමහතුන්ට, ගොවියන්ට නිසි වැදගත්කම ලබා දීමට කටයුතු කරන්න ඕන. ඒ සඳහා වැඩ පිළිවෙළක් ඕන. අටපිරිකර රැගෙන ජනතාව රැවටීමට මහානායක හාමුදුරුවන් මුණ ගැසී බුද්ධං සරණං ගච්ඡාමි කියලා බුදුුසසුනට හිම විය යුතු තැන දෙන්න බැහැ. කෘෂිරසායනික වකුගඩු රෝගයට සිංහල බෙහෙත් කිරීමට අප සකස් කළ වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කරගන්න බැරිවුනා. කිසිම ජනමාධ්‍යයක් අපට අනුග්‍රහය දැක්වූයේ නැහැ. ඔවුන් දන්නේ බටහිර වෛද්‍ය සහතික ඉදිරිපත් කරන ලෙස කීමට පමණයි. ඊනියා විද්‍යාඥයන් පඬි කතා කියද්දී රෝගීන් මියයනවා. ඔවුන් වැඩි පිරිසක් ගොවියන්. මේ ඊනියා විද්‍යාඥයන් තවමත් රෝගයට හේතුව සොයනවා. මොවුන්ගේ කෙරුවාව දක්‍ෂකම මා දන්නවා. ඔවුන්ට ඊනියා හේතුවක් හොයාගන්න බැහැ. කොහොමටත් ගොවීන්ට වස බීම හැර වෙනත් විකල්පයක් ඉතිරි වී නැහැ. මේ සියල්ල සිදුවන්නේ බටහිර ජාත්‍යන්තරවාදී ආධිපත්‍යයට මෙරට උගතුන් ජනමාධ්‍ය හා දේශපාලනඥයන් යටවීම නිසා.
මේ ලිපිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් ද කියවිය හැකි යි.
https://www1.kalaya.org
නලින් ද සිල්වා
2016 දෙසැම්බර් 29