අෂ්රොෆ්ගේ දේශපාලනය
අෂ්රොෆ්ගේ සම්ප්‍රාප්තියට හේතු වූයේ දෙමළ ජාතිවාදය හා ජාත්‍යන්තර මුස්ලිම් ව්‍යාප්තියයි. 1920න් පමණ පසුව මුස්ලිම් නායකත්වය කොළඹට සීමා වී තිබූ තාක් කල් මුස්ලිමුන් සාමාන්‍යයෙන් සිංහල දේශපාලන නායකත්වය පිළිගත්තා. මුවර් මුස්ලිමුන් දෙමළ කතාකළත් මැලේ මුස්ලිමුන් සිංහලකරණයකට ලක්වෙමින් හිටියා. මැලේ මුස්ලිමුන් දෙමළ කතා කෙළේ නැහැ. ඔවුන් පැමිණියේ මලබාරයෙන් නොව ජාවා හා මලයාව ප්‍රදේශවලින්. ඔවුන් සිංහලයන් සමග ජීවත් වූ අතර ඇතැමුන් සිංහලයන් සමග ආවාහ විවාහ වූවා. ඔවුන් ඉස්ලාම් ආගම ඇදහුවා. ඉස්ලාම් ආගම අදහන සිංහල කතාකරන මැලේ ජනයා සිංහල මුස්ලිම් යනුවෙන් තවමත් හැඳින්වීමට නොහැකියි. එහෙත් අනාගතයේ දී එසේ වීමට හැකියාවක් තිබෙනවා.
නැගෙනහිර පළාතේ දෙමළ ජාතිවාදය ඇතිවුනේ චෙල්වනායගම්ගේ දේශපාලනය නිසා. නැගෙනහිර පළාතේ දෙමළ ජනගහනය ප්‍රධාන වශයෙන් ම ඉංගිරිසින් විසින් ඇතිකරන ලද්දක්. එහි මුස්ලිමුන් පදිංචි කෙරුණේ සිංහල රජවරුන් විසින්. ඉංගිරිසින්ගේ 1817-18 වෙල්ලස්සේ සිංහල සංහාරයෙන් පසු වත්මන් නැගෙනහිර පළාතේ සිංහල ජනගහනය ඉතා අඩු වුනා. ඉංගිරිසින් කම්කරුවන් ලෙස ගෙන ආ දෙමළ ජනයා පදිංචි කෙරුවේ වත්මන් නැගෙනහිර පළාතේ එවකට ජනශූන්‍ය ප්‍රදේශවල. එබැවින් දෙමළ ජනයා පදිංචි කෙරුණේ මුස්ලිම් ජනයා පදිංචි ප්‍රදේශ අතර. නැගෙනහිර පළාතේ දෙමළ මුස්ලිම් ජනගහන ව්‍යාප්තිය පිට්ටු බම්බු ස්වරුපයක් ගන්නවා. පොල් පිටි පොල් පිටි මෙන් දෙමළ මුස්ලිම් දෙමළ මුස්ලිම් යනුවෙන් නැගෙනහිර පළාතේ ජනගහන ව්‍යාප්තිය විස්තර කරන්න පුළුවන්.
යාපනයේ වෙල්ලාලයන් නැගෙනහිර පළාතේ දෙමළ ජනයා සැලකුවේ කුලහීනයන් ලෙස. වෙල්ලාලයන් නැගෙනහිර පළාතේ දෙමළ ජනයා සමග ආවාහ විවාහ වූයේ නැහැ. ප්‍රභූ වෙල්ලාලයන් සිතා සිටියේ කොළඹ සිට මුළු ලංකාව ම පාලනය කිරීමට. ඉංගිරිසි උගත් දෙමළ ජනයා යාපනයෙන් කොළඹට සංක්‍රමණය වුනා. වැල්ලවත්ත කොටහේන ක්‍රමයෙන් දෙමළ කතාකරන ප්‍රදේශ බවට පත්වුනා. ඒ අවුරුදු තුන්සිය පනහකට පෙර යාපනය දෙමළ කතාකරන ප්‍රදේශයක් බවට පත්වුනා වගේ. ඉහළම වෙල්ලායන් කොළඹ 3, 5, 7 ප්‍රදේශවල පදිංචි වුනා, ඔවුන් ඇංග්ලිකන් සංස්කෘතියේ දෙමළ නායකයන්. සර්වජන ඡන්දයත් සමග මේ දෙමළ නායකයන්ගේ ලංකාව ම පාලනය කිරීමේ සිහිනය බොඳ වන බව චෙල්වනායගම් දැක්කා. ඔහු ඉලංකෙයි තමිල් අරසු කච්චි හෙවත් ලංකා දෙමළ රාජ්‍ය පක්‍ෂය බිහිකර සිංහලයන්ට එරෙහිව ලංකාවේ සියළු දෙමළ කතාකරන ජනයා එකතු කිරීමට පටන් ගත්තා. සිංහලයන්ට විරුද්ධව උතුරු හා නැගෙනහිර පළාත්වල දෙමළ කතාකරන ජනයා එකතු කර එහි දෙමළ රාජ්‍යයක් බිහි කිරීමේ සිහිනය ඔහුට තිබුණා. බටහිරයන් ඔහුට සහාය දුන්නා. ඔහු ඉටු කෙළේ බටහිර අවශ්‍යතාව.
හැත්තෑවේ දශකය වන විට ඔහු යම් සාර්ථකත්වයක් ලබාගත්තා. එතෙක් වෙල්ලාලයන්ගේ අවඥාවට පාත්‍ර වී සිටි නැගෙනහිර දෙමළ ජනයා හා වතුකරයේ දෙමළ ජනයා පමණක් නොව මුස්ලිම් ජනයා ද වෙල්ලායන් හා උතුරු පළාතේ දෙමළ ජනයා සමග එකතු කරගැනීමට ඔහු සමත් වුනා. ඒ වන විට උතුරේ දෙමළ තරුණයන් ආයුධ අතට ගෙන තිබුණා. ඔවුන්ට ජ වි පෙ ආභාසය තිබුණා. 1976 වඩුකොඩෙයි සම්මේලනය චෙල්වනායගම්ගේ දේශපාලනයේ උච්චතම අවස්ථාව.
ඒ වන විට කොළඹ මුස්ලිම් නායකයන්ගෙන් මිදී මුස්ලිම් පක්‍ෂයක් ගොඩනැගීමට අෂ්රොෆ් කටයුතු කර තිබුණා. ඔහු නැගෙනහිර පළාතේ මුස්ලිම් අයකු වූවා. ඔහු විවාහ වූයේ ගම්පොළ ප්‍රදේශයේ සිංහලයන් අතර සිටි මුස්ලිම් තරුණියක් වූ ෆේරියල් සමග. ඇගේ පියා මාක්ස්වාදී මත දැරූ අයෙක්. අෂ්රොෆ්ට යම් ප්‍රමාණයකට ඊනියා සමාජවාදී අදහස් ද බලපාන්න ඇති. කෙසේ වෙතත් විවාහය නිසා අෂ්රොෆ්ට නැගෙනහිර පළතෙන් පිටත සිටි මුස්ලිමුන් අතරත් දේශපාලනය කිරීමේ අවස්ථාව ලැබුණා.
බටහිර යුදෙවු ක්‍රිස්තියානි ලිබරල් ජාත්‍යන්තරවාදයට එරෙහිව මුස්ලිම් ජාත්‍යන්තරවාදයක් ඒ වන විට ඇතිවෙමින් තිබුණා. ඇතැම් අරාබි රටවල් ඒ පිටුපස සිටියා. පලස්තීනය ඒ අය එකතුකිරීමේ මාතෘකාවක් වුනා. කොමියුනිස්ට් ජාත්‍යන්තරයත් මුස්ලිම් ජාත්‍යන්තරයට යම් සහායක් දැක්වූවා. ඒ බටහිර යුදෙවු ක්‍රිස්තියානි ලිබරල් ජාත්‍යන්තරවාදයට එරෙහිව. එහෙත් මුස්ලිම් ජාත්‍යන්තරයේ සෞදි අරාබිය වැනි රටවල් සිටියේ බටහිර යුදෙවු ක්‍රිස්තියානි ලිබරල් ජාත්‍යන්තරය සමග. මුස්ලිමුන්ට පැහැදිලි ජාත්‍යන්තරවාදයක් අදත් ගොඩනගා ගැනීමට නොහැකි වී තිබෙනවා. සුන්නි ෂියා මතභේදයත් මෙහි දී බලපානවා.
අෂ්රොෆ්ගේ මුස්ලිම් පක්‍ෂය ජාතිවාදී ව්‍යාපාරයක් වූවා. ඔහගේ අවශ්‍යතාව වී තිබුණේ සිංහලයන්ට විරුද්ධව, ඒකීය ලංකාවකට විරුද්ධව නැගෙනහිර මුස්ලිම් ප්‍රාන්තයක් බිහි කිරීමයි. මෙහි වෙන කිසිවක් නැතත් අකෘතඥ බවක් තිබුණා. අෂ්රොෆ් ඉතිහාසය නොදැන සිටියා නොවෙයි. පෘතුගීසීන් විසින් මර්දනය කෙරුණු මුස්ලිමුන් වත්මන් නැගෙනහිර පළාතේ පදිංචි කරනු ලැබුවේ සිංහල රජවරුන් විසින්. එකල තිබුණේ එක්සේසත් රාජ්‍යයක්. ඒ එක්තරා ආකාරයක ඒකීය රාජ්‍යයක්. එක්සේසත් රාජ්‍යයක් යටතේ වත්මන් නැගෙනහිර පළාතේ සිංහල රජවරුන් විසින් පදිංචි කරනු ලැබූ මුස්ලිමුන් සිංහලයන්ට හා ඒකීය රාජ්‍යයට විරුද්ධව කටයුතු කිරීම යුක්තියුක්ත කිරීමට බැහැ.
කෙසේ වෙතත් අෂ්රොෆ්ට වුවමනා වූයේ මුස්ලිම් කලාපයක් පිහිටුවීමට. ඔහු චෙල්වනයාගම් සමග එකතු වූයේ ඒ සඳහා. තොණ්ඩමන්ටත් එවැනි බලාපොරොත්තුවක් තිබුණා. ඒත් චෙල්වනායගම්ට එවැනි බලාපොරොත්තු තිබුණේ නැහැ. ඔහුට අවශ්‍ය වූයේ උතුරු හා නැගෙනහිර පළාත්වල දෙමළ රාජ්‍යයක් ඇතිකිරීම පමණයි. ඒ සඳහා ඔහු දෙමළ කතාකරන ජනයා සිංහලයන්ට විරුද්ධව එකතු කළා. එය රාමනාදන්ගේ දහනවවැනි සියවසේ දෙමළ කතාකරන ජනයා නියෝජනය කිරීමේ ප්‍රතිපත්තියේ ම දිගුවක්. වැඩි කල් නොගොස් ම තොණ්ඩමන්ටත් අෂ්රොෆ්ටත් චෙල්වනායගම් තේරුම් ගැනීමට හැකිවුණා. ඔවුන් නැවතත් වෙන වෙන දේශපාලන ක්‍රියා මාර්ග අනුගමනය කිරීමට පටන් ගත්තා. (මතු සම්බන්ධයි)
නලින් ද සිල්වා
2016 දෙසැම්බර් 06