Main Logo

Showing posts with label AG. Show all posts
Showing posts with label AG. Show all posts

Tuesday, 12 May 2020

ජී එල්ට එරෙහිව ජයවික්‍රම

෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯
                                                   සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3    4   5  6  7  8  9





ජී එල්ට එරෙහිව ජයවික්‍රම 



නීතිය බටහිර වෙදකම ඉංජිනේරු ශිල්පය හැදෑරීමට මට කිසිදු ආශාවක් නොවීම ගැන මට ඇත්තේ සතුටක්. මා ඊනියා වෘත්තීයකයෙක් නො වෙයි. මා විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනයේ කටයුතු කරද්දී සම්මේලනය වෘත්තීයික සංවිධානවල සම්මේලනයේ (OPA) සාමාජිකත්වය ගැනීමට තදින් විරුද්ධ වුණා. ඇදුරන් පොදුවේ ගත් කල වෘත්තීයකයන් නොවේය යන්න මගේ අදහස වුණා. මා හිතන්නේ දැන් නම් ආචාර්ය සමිති සම්මේලනය අදහස් වෙනස් කරගෙන. මට දර්ශනය, ඉතිහාසය හැදෑරීමට තරමක කැමැත්තක් තිබුණත් ඒ නොහැදෑරීම ගැන සතුටු වන්නේ ඉතිහාසඥයන් දාර්ශනිකයන් කියා ගන්නා අය ලියන පල් හෑලි  දිගින් දිගට කියවීමට අවශ්‍ය නොවන නිසා. මා සඳහන් කරන්නේ ලංකාවේ කිසිවකු ගැන නො වෙයි. ලංකාවේ ඉතිහාසඥයකු හරි දාර්ශනිකයකු හරි අඩුම තරමෙන් දහනවවැනි සියවසෙන් පසුව බිහි වී නැහැ. 

Tuesday, 5 May 2020

සිංහල බෞද්ධ ජාතිකත්වය ගැන වචනයක්

෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯
                                                   සිංහල ලිත් ඉලක්කම්


0  1   2    3    4   5  6  7  8  9 





සිංහල බෞද්ධ ජාතිකත්වය ගැන වචනයක් 



අගමැති මහින්ද රාජපක්‍ෂ ඊයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කැඳවල තිබුණ. මෙහි හිටපු කියන්නෙ 2015 පාර්ලිමේන්තුවෙ හිටපු මන්ත්‍රීවරුන් පමණක් නොවන බව පැහැදිලියි. ඒ 2015 පාර්ලිමේන්තුවෙ ම වෙන්න ඕන නැහැ.  එයට  සමහර හිටපු එ ජා ප මන්ත්‍රීවරුන් ද සහභාගි වෙලා. ඔවුන් 2015 පාර්ලිමේන්තුවෙ අය නොවෙයි. මා දන්නේ නැහැ ඊයෙ මේ හිටපු මන්ත්‍රීන් කොවිඩ් 19 මර්දනය කිරීමට මොන වගේ යෝජනා කළා ද කියල. ක්‍රියාත්මක කරන්න පුළුවන් වැදගත් යෝජනාවක් කළා නම් ඒ බව රටට හෙළි කරන එක හොඳයි. 

Saturday, 27 July 2019

බේරීම් කමිටුව ගැන තවදුරටත්

බේරීම් කමිටුව ගැන තවදුරටත්



ඊයේ පාස්කු ප්‍රහාරය පිළිබඳ ව පාර්ලිමේන්තුව විසින් පත් කර ඇති කාරක සභාවේ (එය ඊනියා තේරීම් කමිටුවක් නොවන බව කෙතෙක් කීවත් අනෙක් බොහෝ කරුණුවල දී මෙන් ම වැඩක් වන්නේ නැහැ) දී නීතිපති තම සේවාදායකයන් හමුවේ සාක්‍ෂි දීම ප්‍රතික්‍ෂෙප කළා. කමිටුව ඒ ප්‍රතික්‍ෂෙප කිරීම පිළිගත්තා. මේ කාරක සභාව අධිකරණ කටයුත්තක් කරනවා වෙන්න බැහැ. අධිකරණ කටයුතු සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 (ඇ) අනුව්‍යවස්ථාවේ මෙසේ සඳහන් වෙනවා.

Friday, 12 October 2018

පොලිස් වික්‍රම


පොලිස් වික්‍රම



දුමින්ද සිල්වාට දුන් මරණීය දණ්ඩනය තහවුරු වෙලා. බොහෝ දෙනා සිතා සිටියේ ශ්‍රෙෂ්ඨාධිකරණයෙන් ඔහු නිදහස් වේ ය කියා. සමහරු ඩීල් ගැනත් කතා කළා.  නීතිපති දෙපාර්තමේන්තුව නඩුව අත්හැරිය වගේ හැඟීමක් සමහරුනට ආවා. එහෙත් ශ්‍රෙෂ්ඨාධිකරණය දුමින්දගේ අභියානය ප්‍රතික්‍ෂෙප කළා. ඒ කියන්නෙ අධිකරණයට ඒත්තු ගියේ දුමින්ද වරදකරුවකු බවයි. අධිකරණය තීන්දු ගන්නේ තමන්ට ඉදිරිපත් වෙන කරුණු සලකා බැලීමෙන් පමණයි. ජනමාධ්‍යයෙ පළවන පුවත් අධිකරණයට වැදගත් නැහැ. නීතිපති දෙපාර්තමේන්තුව හා පොලීසිය කලින් අධිකරණයට ඒත්තු ගන්වල තිබුණෙ දුමින්ද වරදකරුවා බව. විත්තියට එය බිඳින්න බැරි වුණා.

Thursday, 20 September 2018

කුමන්ත්‍රණ හා හිටපු ත්‍රිත්ව විදුහල්පති






කුමන්ත්‍රණ හා හිටපු ත්‍රිත්ව විදුහල්පති

               

මෙරට ආණ්ඩු කරන්නේ කවුද? ඒකාධිපති රටක වුවත් ඒකාධිපතියා වටා ඔහුට සමීප යම් පිරිසක් ඉන්නවා. එය පාලක කල්ලියක් වනවා. සමහර රටවල ඔත්තු සේවා බලවත්. ඒ සේවාවල ප්‍රධානීන් රටේ බලය හසුරවනවා එකල සෝවියට් දේශයේ බෙරියා  හොඳ උදාහරණයක්.  පුටින් කලකට පෙර රුසියාවෙ ඔත්තු සේවා ප්‍රධානියෙක්. ට්‍රම්ප් හා ඔත්තු සේවය අතර අද ප්‍රශ්න තිබෙන්නේත් මේ බල ගැටුම් නිසා.

Wednesday, 4 July 2018

විජයකලාගේ විකලාව


විජයකලාගේ විකලාව



විජයකලා මහේෂ්වරන්ගේ කොටි කතාව ගැන කියන කතාවකට අනුව ඇයට වුවමනා කර ඇත්තේ ශක්තිමත් පාලනයක්. ඇතැමුන් එය වේඬරුවේ උපාලි අනුනායක හාමුදුරුවන්ගේ කතාව සමග සංසන්දනය කරන්න යනවා. උන්වහන්සේට අවශ්‍ය වුණේත් ශක්තිමත් පාලනයක් මිස හිට්ලර් කෙනකු නොවේ යැයි කියන අතර විජයකලාට අවශ්‍ය වුණේ කොටි සංවිධානය නැවත ඇති කරන්න නොව ශක්තිමත් පාලනයක් යැයි කියන අය ඉන්නවා. ඒ විජයකලා වැරදි ප්‍රකාශයක් කර නැතැයි පෙන්වීමට.

Friday, 8 June 2018

විස්ස පැරදවීමට නව දේශපාලනයක ජාතික ව්‍යාපාරයක්




විස්ස පැරදවීමට නව දේශපාලනයක ජාතික ව්‍යාපාරයක්



විස්ස ගැන නීතිපති කුමන තීන්දුවක් දුන්නත් එය අධිකරණයට යොමු කළ යුතුයි. අධිකරණය කිනම් තීන්දුවක් දේව්දැයි කියන්න බැහැ. විස්සෙන් පැහැදිලිව ම ජනතා පරමාධිපත්‍යයෙහි විධායක බලතල මෙන් ම ව්‍යවස්ථාදායක බලතල ද ක්‍රියාත්මක කරන ආකාරය වෙනස් කරනවා. ජනතා පරමාධිපත්‍යය පිළිබඳ කරුණක් නිසා එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයෙන් පමණක් සම්මත වීම ප්‍රමාණවත් නොවේ ය කියා හිතනවා. ඒ කියන්නේ එය ජනමත විචාරණයකින් ද සම්මත වෙන්න ඕන.