෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯
සිංහල ලිත් ඉලක්කම්
0 1 2 3 4 5 6 7 8 9
ජී එල්ට එරෙහිව ජයවික්‍රම
නීතිය බටහිර වෙදකම ඉංජිනේරු ශිල්පය හැදෑරීමට මට කිසිදු ආශාවක් නොවීම ගැන මට ඇත්තේ සතුටක්. මා ඊනියා වෘත්තීයකයෙක් නො වෙයි. මා විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනයේ කටයුතු කරද්දී සම්මේලනය වෘත්තීයික සංවිධානවල සම්මේලනයේ (OPA) සාමාජිකත්වය ගැනීමට තදින් විරුද්ධ වුණා. ඇදුරන් පොදුවේ ගත් කල වෘත්තීයකයන් නොවේය යන්න මගේ අදහස වුණා. මා හිතන්නේ දැන් නම් ආචාර්ය සමිති සම්මේලනය අදහස් වෙනස් කරගෙන. මට දර්ශනය, ඉතිහාසය හැදෑරීමට තරමක කැමැත්තක් තිබුණත් ඒ නොහැදෑරීම ගැන සතුටු වන්නේ ඉතිහාසඥයන් දාර්ශනිකයන් කියා ගන්නා අය ලියන පල් හෑලි දිගින් දිගට කියවීමට අවශ්‍ය නොවන නිසා. මා සඳහන් කරන්නේ ලංකාවේ කිසිවකු ගැන නො වෙයි. ලංකාවේ ඉතිහාසඥයකු හරි දාර්ශනිකයකු හරි අඩුම තරමෙන් දහනවවැනි සියවසෙන් පසුව බිහි වී නැහැ.