විස්ස පැරදවීමට නව දේශපාලනයක ජාතික ව්‍යාපාරයක්
විස්ස ගැන නීතිපති කුමන තීන්දුවක් දුන්නත් එය අධිකරණයට යොමු කළ
යුතුයි. අධිකරණය කිනම් තීන්දුවක් දේව්දැයි කියන්න බැහැ. විස්සෙන් පැහැදිලිව ම ජනතා
පරමාධිපත්‍යයෙහි විධායක බලතල මෙන් ම ව්‍යවස්ථාදායක බලතල ද ක්‍රියාත්මක කරන ආකාරය
වෙනස් කරනවා. ජනතා පරමාධිපත්‍යය පිළිබඳ කරුණක් නිසා එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක
ඡන්දයෙන් පමණක් සම්මත වීම ප්‍රමාණවත් නොවේ ය කියා හිතනවා. ඒ කියන්නේ එය ජනමත
විචාරණයකින් ද සම්මත වෙන්න ඕන.
අධිකරණය කොහොම තීන්දු කරාවිද කියා කියන්න බැහැ. එහෙත් අප ඕනෑම දෙයකට
සූදානම් වෙන්න ඕන. ඒ කියන්නෙ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයක් නොදීමටත්
බැරිවෙලාවත් ඒ ලැබුණොත් ජනමත විචාරණයකින් ඒ පරාද කරන්නත්. මා කලින් හිතා හිටියෙ
පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයක් විස්සට ලැබෙණ එක වළක්වන්න පුළුවන් කියලා. ඒත්
නියෝජ්‍ය කතානායකවරයකු තෝරා ගැනීමට පවත්වපු ඡන්දෙන් පස්සෙ අප විශ්වාස කරන්නේ
කවුරුන් ද යන ප්‍රශ්නය පැන නගිනවා.
ඇතැමුන් තර්ක කරනවා දහසයේ කණ්ඩායම විශ්වාස කරන්න බැහැ කියලා. ඒක
ඇත්ත. මා නම් කිසිම දේශපාලනඥයකු විශ්වාස කරන්නේ නැහැ. ඔවුන් රට ගැන කතා කරන බව
ඇත්ත. එහෙත් ඔවුන් රට කියලා කියන්නෙ තමන්ගෙ ගෙදරට. ඔවුන් රට කියන්නෙ තම පවුලට හා පරම්පරාවට.
ගායක ගායිකාවෙත් නළු නිළියොත් තම දරුවන් තම වෘත්තියට ම යවනු දැක ගන්න පුළුවන්.
එහෙත් දරුවන්ගෙ දක්‍ෂතා ඉක්මණින් ම දැන ගන්න පුළුවන්. ඒ නිසා ස්වාභාවික වරණය
(ඩාවීනීය කතාවක් නොවෙයි) යටතේ ඇතැමුන් ප්‍රධාන ධාරාවෙන් ඉවත් වෙනවා. ඔවුන් තාක්‍ෂණික
මෙවලම් යොදා ගෙන වෙනත් ධාරාවල වැජඹෙනවා වෙන්න පුළුවන්.
දේශපාලනයත් දැන් වෘත්තියක් (සමහර විට හොඳ ම වෘත්තිය) වුණාට ඒකෙ දක්‍ෂතා දැන ගැනීමේ ක්‍රමයක් නැහැ. ඒ
නිසා දේශපාලනඥයන්ගෙ දරුවන්ට ක්‍ෂෙත්‍රයෙහි කලක් රැඳී ඉන්න පුළුවන්. සමහරු ප්‍රාදේශීය
සභාවකවත් මන්ත්‍රී කෙනකු නොවී පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වෙනවා. මේක තරමක භයානක
තත්වයක්. ඉස්සර නම් රජවරුන්ගෙ පුත්තුන්ට විශේෂ පුහුණුවක් ලැබුණා. දැන් මැති ඇමති පුතුන් පුහුණුව ලබන්නේ රාත්‍රී
සමාජ ශාලාවල. ඒත් අපි ඔවුන්ට ඡන්දය දෙනවා.
මෙවැනි දේශපාලනඥයන් ඉන්න රටේ දහසය දෙනා විශ්වාස නැති නිසා ඒකාබද්ධෙ
විපක්‍ෂෙ ඇතැමුන් සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලෙට ඡන්දෙ දුන්නෙ නැහැ කියන කතාව සතපහකට
විශ්වාස කරන්න බැහැ. වාර්තා අනුව ඒකාබද්ධ විපක්‍ෂෙ රැස්වෙලා තීරණයක් අරගෙන තිබුණා
සුදර්ශනීට ඡන්දය දෙන්න. මහින්දත් එසේ කළ යුතු බව කියා තිබුණා. ඒත් අන්තිමට මොකක් ද
වුණෙ. මහින්දට විරුද්ධ ව ගිහින් මහින්ද ඇතුළු දහඅට දෙනකු ඡන්දය දීමෙන් වැළකී
හිටියා කියා හිතන්න බැහැ.
විස්සෙදි මොනව වෙයි ද කියන එක මේ අනුව හිතා ගන්න බැහැ. ඒකාබද්ධ විපක්‍ෂෙ
තීරණයක් අරගෙන තියෙනවා විස්සට විරුද්ධ වෙන්න. එහෙත් ඒ තීරණ ගැන අපට තීරණයක් ගන්න
බැහැ. විස්සෙන් කෙරෙන්නෙ බොහෝ විධායක බලතල අගමැතිට පැවරීම. ඒ අතර පරස්පර ව ජනාධිපතිගෙ විධායක බලතල ගැනත් කියනවා. එය සමහර
විට සංශෝධනයකින් ඉවත් කරනනත් බැරි නැහැ. කොහොමටත් විස්ස සම්මත වුණොත් තමන්ට අගමැති
වෙලා විධායක බලතල ගන්න කී දෙනකු හිතාගෙන ඉන්නවා ද කියන්න අප දන්නෙ නැහැ. ඔවුන් අද
මොනවා කිව්වත් විස්සට පක්‍ෂව ඡන්දය දෙන්න බැරි කමක් නැහැ.
ඒ නිසා අද ම ජනමත විචාරණයකටත් සූදානම් වෙන්න ඕන. එහි දී ඒකාබද්ධ
විපක්‍ෂය, දහසය දෙනා හා මෛත්‍රිපාලගෙ කණ්ඩායමෙන්
එන අය එකට ඉන්න ඕන. මා මේ කියන්නෙ සංධානයෙන් පාර්ලිමේන්තුවට පත් වූ අයට. ඒකාබද්ධ
විපක්‍ෂයේ සමහර අය අකමැති නම් නාවට කමක් නැහැ. බලහත්කාරයෙන් ගෙනි යන්නයැ. ඒ නොඑන
අය කාටත් හෙළිදරව් වේවි. විස්ස කාලයකට අපේ අන්තිම සටන වෙන්න පුළුවන්.
ඒ කුමක් වුවත් මා කලින් ලිපියක සඳහන් කළ අලුත් දේශපාලනයක් පටන්
ගැනීමට කාලය ඇවිල්ල. ජාතික ව්‍යාපාරය අද දුර්වල වෙලා. එයට හේතුව දේශපාලනඥයන් ජාතික
ව්‍යාපාරය ගසා කැම. අද භික්‍ෂූන් වහන්සේත් දේශපාලනඥයන්ගේ නායකත්වය පිළිගන්නවා. මේ
බොහොමයකට ජ වි පෙ වග කියන්න ඕන. ජ වි පෙරමුණේ දේශපාලන අයනු ආයනු කී අයටත් මේ
විවේචනය පොදුයි.
ඒ අඩුපාඩුකම් මැද වුවත් විස්ස පැරදවීම සඳහා නව දේශපාලනයක ජාතික ව්‍යාපාරයක්
ආරම්භ කරන්න පුළුවන් නම් හොඳයි. දේශපාලන පක්‍ෂවල නැති භික්‍ෂූන් වහන්සේ එහි
නයකත්වය ගත යුතු ය කියා මා සිතනවා.