෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯
සිංහල ලිත් ඉලක්කම්
0 1 2 3 4 5 6 7 8 9
සිංහල බෞද්ධ ජාතිකත්වය ගැන වචනයක්
අගමැති මහින්ද රාජපක්‍ෂ ඊයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කැඳවල තිබුණ. මෙහි හිටපු කියන්නෙ 2015 පාර්ලිමේන්තුවෙ හිටපු මන්ත්‍රීවරුන් පමණක් නොවන බව පැහැදිලියි. ඒ 2015 පාර්ලිමේන්තුවෙ ම වෙන්න ඕන නැහැ. එයට සමහර හිටපු එ ජා ප මන්ත්‍රීවරුන් ද සහභාගි වෙලා. ඔවුන් 2015 පාර්ලිමේන්තුවෙ අය නොවෙයි. මා දන්නේ නැහැ ඊයෙ මේ හිටපු මන්ත්‍රීන් කොවිඩ් 19 මර්දනය කිරීමට මොන වගේ යෝජනා කළා ද කියල. ක්‍රියාත්මක කරන්න පුළුවන් වැදගත් යෝජනාවක් කළා නම් ඒ බව රටට හෙළි කරන එක හොඳයි.
අර නාපු අයට (නෑව අය, නොආ අය, සමහර විට නෑවිත් නෑව අය) යෝජනා නැතිව ඇති. එහෙමත් නැත්නම් රටට හෙන ගැහුවත් යෝජනා ඉදිරිපත් කරන්නේ නෑ කියල හිතනවා ඇති, එහෙමත් නැත්නම් ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය රකින්න උත්සාහ කරනවා ඇති. කොහොම වුණත් ඔවුන් පෙන්නුම් කරල තියෙන්නෙ 2015 පාර්ලිමේන්තුව රැස් කරන එක අනවශ්‍ය වැඩක් කියලා.
මේ අතර මැතිවරණ කොමිසමට නීතිපති හොඳ උත්තරයක් දීල. මැතිවරණ කොමිසම මත විමසනවා. මේ මත විමසන්නෙ එක එක්කෙනා විවිධ කතා කියන කොට. අවසාන වතාවෙ කොමිසම අහල තිබුණෙ නාම යෝජනා භාර ගැනීම නිත්‍යානුකූල ද කියන එක ගැන මතයක්. ඒක නීීත්‍යානුකූල බව චම්පක වැන්නන්ට හැර අනෙක් අයට තේරෙනවා. චම්පකලා ක්‍රියා කරන්නෙ 2015 පාර්ලිමේන්තුව නැවත කැඳව ගන්න. ඒ සඳහා ඔවුන් විවිධ කතා කියනවා. විවිධ තර්ක ඉදිරිපත් කරනවා.
මේ තර්ක හරියට අර සිංහල බෞද්ධ විරෝධීන් සිංහල ජාතිකත්වය දහනවවැනි සිය වසේ අග ඇති වුණු දෙයක් බව ප්‍රකාශ කරල, නිගමනය කරල, ඒ සඳහා සාධක තර්ක හොයනව වගේ වැඩක්. සිංහල ජාතිකත්වය දහනවවැනි සිය වසේ අග ඇති වුණු එකක් බව ඉස්සෙල්ල ම කිවුවෙ කවුද කියල මා දන්නෙ නැහැ. සිංහල ජාතිකත්වය අනගාරික ධර්මපාලතුමා ඇති කරපු දෙයක් බව කියන්න බැරි වීම පඬියන්ට දුකක් ගෙනෙනවා ඇති.
පංච මහා වාද ඇති වුණෙ ධර්මපාතුමාට පෙර. ධර්මපාලතුමාත් එහි නිර්මාණයක්. පංච මහා වාදවලට හේතුව වුණෙ ඇංග්ලිකන් මෙතෝදිස්ත පූජකවරු ගිහි දේශකයන් බුදුදහමට විරුද්ධ ව කරන ලද අපහාස උපහාස. දැන් සිංහල ජාතිකත්වයෙ වැඩියෙන් තියෙන්නෙ සිංහල බෞද්ධකම. ඒකට හේතුව පංච මහා වාද ද? මේ සිංහල බෞද්ධකම අපට ලැබෙන්නෙ ගැමුණු රජුගෙ කාලයෙ ඉඳන් කියල මා පැහැදිලි ව දන්න දෙයක්. ඒ කියන්නෙ මා ඒ කාලෙ හිටිය කියන එක නොවෙයි. සමහර විට සංසාර චක්‍රයෙ ඉන්නත් ඇති.
ගැමුණු රජුටත් කලින් සිංහල බෞද්ධකම සිංහල ජාතිකත්වයෙ තියෙන්න ඇති කියල හිතන්න පුළුවන්. එදා සිංහල බෞද්ධ කියන චචන යොදා ගත්ත ද නැත් ද කියන එක වෙන ම කතාවක්. සංකල්පවලට නම් අවශ්‍ය ම නැහැ. බිළිඳුන්ට නම් දෙන්න ඉස්සෙල්ලත් බිළිඳුන් ඉන්නවා. ඒ සම්මත අර්ථයකින් මිස ඊනියා පරමාර්ථ අර්ථයකින් නො වෙයි.
සිංහල බෞද්ධ ජාතිකත්වයට දඹදිව වන්දනාව නම් එකතු වුණෙ දහනවවැනි සියවස දෙවැනි භාගයෙ වෙන්න ඇති. ඒ බටහිර යටත්විජිතවාදයට එරෙහිව දැක් වූ ප්‍රතිචාරයක කොටසක් ලෙස. අපේ සමහරු උත්තර භාරතීය සංගීතය හදාරන්න පටන් ගත්තෙත් මේ කාලෙ. අප ආයුර්වේදය ඉගෙන ගන්න ගියෙත් මේ කාලෙ. අප අපේ සංගීතය හා වෙදකම නගා සිටුවීමට කටයුතු නොකිරීම නිසා ඒ දෙකට ම පහර වැදුණ. බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයට එරෙහි ව අප දඹදිව (ඉන්දියාවෙ) පිහිට සොයා ගොස් ඇති බව පැහැදිලියි.
අප භාරතයෙන් පැමිණි විජය කෙනකුගෙන් හා පිරිසගෙන් පැවත එන්නන් කියල සඳහන් වුණත් ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙ දකුණත් ශාඛාව දඹදිවින් වැඩම කෙරෙව්වත් අප දඹදිව වන්දනාවෙ යෙදුණ බවක් සඳහන් වන්නෙ නැහැ. එකල ගුවන් යානා නොතිබුණු එක ම එයට හේතුව ලෙස දක්වන්නත් බැහැ. එකල දඹදිව ගැති භික්‍ෂූන් වහන්සේ වැඩ සිටියත් හෙලටුවා විනාශ කළත් අපට සිංහල බෞද්ධ සංස්කෘතිය රැකගෙන පෝෂණය කිරීමේ හැකියාව තිබුණා.
මෙරට භික්‍ෂුන් වහන්සේ නාලන්දාව ඇති කළාට පසු එහි ගුරුවරුන් හා ශිෂ්‍යයන් ලෙස කටයුතු කළත් උන්වහන්සේ දඹදිව වැඩම කළේ වැඳ පුදා ගැනීමට කියල සඳහන් වන්නෙ නැහැ. උත්තර භාරතීය සංගිතයටත් එදා අද තිබෙන තත්වය තිබුණු බවක් පේන්න නැහැ. සිංහල බෞද්ධ ජාතිකත්වයට යම් යම් අංග දහනවවැනි සියවසේ එකතු වෙලා තියෙන බව පැහැදිලියි. එහෙත් ඒකෙන් කියන්නෙ නැහැ සිංහල බෞද්ධ ජාතිකත්වය දහනවවැනි සියවසේ නිර්මාණයක් කියල.
අද සිංහල බෞද්ධ සංස්කෘතියට බටහිරිනුත් යම් යම් දේ එකතු වෙලා. එය දහනවවැනි සියවසේ සිංහල බුද්ධාගමට වඩා වෙනස්. අද සිංහල බුද්ධාගමට අනුව බුදුදහම විිද්‍යාත්මකයි, අප බුද්ධිවාදීන්, බෞද්ධයා යනු බුද්ධිමතා වගේ විවරණත් අහන්න ලැබෙනවා. එහෙම වුණොත් බුද්මතකු නොවන මට බෞද්ධයකු විය හැකි ද යන ප්‍රශ්නය අහන්න වෙනවා. සිංහල බුද්ධාගම, සිංහල බෞද්ධ සංස්කෘතිය අනෙක් හැම දෙයක් ම වගේ විකාශය වෙනවා. ඒ විකාශයෙ එක් තැනක් අරගෙන ඒ තමයි සිංහල ජාතිකත්වයෙ ආරම්භය කියන්න ඊනියා සාධක, තර්ක හොයන එක සිංහල බෞද්ධ විරෝධීන්ගෙ විනෝදාංශයක් වෙන්න ඕන.
සිංහල බෞද්ධ ජාතිකත්වය තියෙන්නෙ මහාවංසයෙ පමණක් නො වෙයි. චූලවංසය හා වෙනත් වංසකතාවලත් තියෙනවා. අවාසනාවකට ඒ වංසකතා තවමත් හරිහමන් අධ්‍යයනයකට බඳුන් වෙලා නැහැ. අනුරාධපුරය මහාවංසයෙන් ඉවර වෙන්නෙ නැහැ. පොළොන්නරුවට යෑමෙන් පසුවත් අවසානයේ දී මහනුවරට යෑමෙන් පසුවත් අනුරාධපුරය අවසන් වෙන්නෙ නැහැ. ඇහැළෙපොළ නිළමෙට ගැමුණු රජුගෙ නියෝගය බල පෑ නිසා තමයි එළාරගෙ සොහොන ළඟින් යන කොට අසුපිටින් බැහැල ගියේ.