Main Logo

Friday 15 May 2020

මුහුදු මහා විහාරය හා පට්ටම පට්ටපල් බොරු

                                                   සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3    4   5  6  7  8  9






මුහුදු මහා විහාරය හා පට්ටම පට්ටපල් බොරු



මුහුදු මහා විහාරයේ ආරක්‍ෂාව සඳහා හමුදා අනූඛණ්ඩයක් පිහිටුවීමට තීරණය කරලා. ඒ මුහුදු මහා විහාරයට අක්කර තිහක් වෙන් කිරීමෙන් පසුව. ගෝඨාභය රාජපක්‍ෂ හා රනිල් වික්‍රමසිංහ හෝ ජේ ආර් ජයවර්ධන හෝ අතර වෙනසක් නොදකින පඬියන්ට වම්මුන්ට එය එතරම් ප්‍රශ්නයක් නොවනවා වෙන්න පුළුවන්. පිලිප් ගුණවර්ධන බොහෝ කලකට පෙර පුස් කෑ මාක්ස්වාදී පොත් ගැන කිව්වා. මාක්ස්වාදය ඉපදුණේ ම මැරිලා. එය මළ දරු උපතක්. පඬියන්ට වම්මුන්ට ඇත්තේ මාක්ස්වාදය පශ්චාත් මාක්ස්වාදය වැනි පට්ටම පට්ටපල් බොරු ටිකක් පමණයි. 


බොරු හා පට්ටපල් බොරු ගැන මා නොයෙක් වතාවල කියා ඇති. පට්ටපල් බොරු කියන්නෙ යම් ප්‍රමාණයකට හරියන වැඩ කරන වියුක්ත ප්‍රවාදවලට හා සංකල්පවලට. සම්පූර්ණයෙන් ම වැඩ කරන ප්‍රවාද කතන්දර කිසිවක් නැහැ. මෙය පඬියන්ට තේරෙන කතාවක් නො වෙයි. සිංහල බෞද්ධයනට මෙය තේරුම් ගැනීම අපහසු වෙන්න බැහැ. එහෙත් කොතරම් බණ ඇහුවත් මිනිසුන් මම කියන්නෙ බොරුවක් බව තේරුම් ගන්නෙ නැහැ. මම කියන සංකල්පය කියන්නෙ වැඩ කරන බොරුවක්. 

මම විතරක් නොවෙයි හැම සංකල්පයක් ම කතාවක් ම බොරු. සමහර ඒවා වැඩ කරන බොරු. එයට අමතර ව මුසාත් තියෙනවා. මම කියන්නෙ සංයුක්ත බොරුවක්. ඒ අතර වියුක්ත බොරු තියෙනවා. ඒ අතර සමහර වෙලාවට වැඩ කරන බොරු තියෙනවා. ඒවාට තමයි පට්ටපල් බොරු කියන්නෙ. නිව්ටන්ගෙ ගුරුත්වාකර්ෂණය  වගේ ම මැක්ස්වෙල්ගෙ විද්‍යුත් චුම්බකවාදය අයින්ස්ටයින්ගෙ සාධාරණ හා විශේෂ සාපේක්‍ෂතාවාද, ක්වොන්ටම් භෞතිකය මේ සියල්ල  පට්ටපල් බොරු. ඒ සියල්ල සමහර අවස්ථාවල වැඩ කරනවා. සමහර වෙලාවට වැඩ කරන්නෙ නැහැ. 

සමහර වියුක්ත සංකල්ප, ප්‍රවාද තියෙනවා කොහොමටවත් වැඩ කරන්නෙ නැති. ඒවා පට්ට ම පට්ට පල් බොරු. මාක්ස්වාදයත් එවැන්නක්. කාල් පොපර් වරක් කිව්වෙ මාක්ස්වාදයත් ජ්‍යොතිෂය වගේ ම විද්‍යාවක් නො වෙයි කියලා. විද්‍යාත්මක සමාජවාදය කියා ගෙන හිටිය මාක්ස්වාදීන්ට එය ප්‍රශ්නයක් වුණා. පොපර් කිව්වෙ ජ්‍යොතිෂයෙ අනාවැකි කියනවා. ඒවා වැරදුණා ම කවදාවත් එය වැරැද්දක් හැටියට පිළිගන්නෙ නැතිව මේ සිද්ධ වෙලා තියෙන්නෙ අර ග්‍රහයාට මේ ග්‍රහයා පෙනිලා නිසා වගේ වෙනත් කතාවක් කියනවා කියන එකයි පොපර්ගෙ අදහස වුණෙ. ඔහු කිව්වෙ මාක්ස්වාදයත් එහෙමයි. ඊනියා අනාවැකි වැරදුණා ම මොකක් හරි කතාවක් කියල වැරදුණෙ මේ හින්දයි කියල මාක්ස්වාදීන් බොරු කතාවක් ගොතනවා කියල. 

මා හිතන්නෙ පොපර් වැරදියි. ඒ මාක්ස්වාදය ගැන කී දේ සම්බන්ධ ව නො වෙයි. ජ්‍යොතිෂය සම්බන්ධ ව කී දේ. ජ්‍යොතිෂයෙ අනාවැකි හරි ගිය අවස්ථා තියෙනවා. ඒ හරි කියන එක නොවෙයි. හරි යනවා වැඩ කරනවා කියන්නෙ හරි කියන එක නො වෙයි. සමහර අනාවැකි හරියනවා. අර කොවුර් වගේ අය කවරයක දාලා තිබුණ මුදල් නෝට්ටුවක අංකය කියන එක වගේ දේ තේරුමක් නැති කතා. ඒ අනාවැකි කීමක් නො වෙයි. මලල ක්‍රීඩකයො වුනා ම හැම දෙනා ම එක වගේ නො වෙයි. රිටි පනින අයට දුර පනින්න බැහැ. කොවුර් මෙවැනි දේ තේරුම් ගත් අයකු නො වෙයි. කොවුර් කාලෝ වැන්නන් බුද්ධිමතුන් වන්නේ පඬියන්ට පඬි නැට්ටන්ට විවිධ වම්මුන්ට පමණයි.  මාක්ස්වාදයෙ හරි ගිය කිසිවක් නැහැ. වැරදුණා ම මේක නිසා වැරදුණා කියල හැම තිස්සෙ ම තවත් බොරුවක් කියන්න වෙනවා.

ගෝඨාභය ධනවාදී කියල ඔහු සහ ජේ ආර් සමාන කරන්න බැහැ. එහෙමත් නැත්නම් ඊනියා සුළු ධනේශ්වරය, ජාතික ධනේශ්වරය, කොම්ප්‍රදෝරු ධනපති පංතිය වගේ කතාවලින් ඒ අසමානත්වය තේරුම් කරන්නත් බැහැ. ලෝකයේ සමාජවාදයක් තියෙන රටක් පුළුවන් නම් පෙන්වන්න. රූසියාව ද චීනය ද කියුබාව ද නැත්නම් වෙන රටක් ද? සමාජ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ මොකක් ද? ඊනියා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂ හා ධනවාදී පක්‍ෂ අතර වෙනස කුමක් ද? එංගලන්තයේ කම්කරු පක්‍ෂය හා කොන්සර්වෙටිව් පක්‍ෂය අතර ඇති වෙනස කුමක් ද? එය එ ජා පක්‍ෂය හා පොදුජන පෙරමුණ අතර ඇති වෙනසට වඩා ගඹුරු ද ලිහිල් ද? වම්මුන්ට මෙලෝ දෙයක් තේරෙන්නෙ නැහැ. තේරුම් ගන්න ප්‍රවාදයක් කතන්දරයක් පට්ටපල් බොරුවක් ඇත්තෙත් නැහැ. මෙරට හා පිටරට වම්මුන්ට ඇති විකල්පය කුමක් ද? ඔවුන්ට සටන් පාඨයක් නම් තියෙනවා. ඒ අන් කිසිවක් නොව අපට පුතේ මගක් නැතේ යන්නයි. 

මුහුදු මහා විහාරය ආරක්‍ෂා කර ගැනීම සිංහල බෞද්ධයනට ඉතා වැදගත්. පඬියන්ට හා වම්මුන්ට එහි වැදගත්කමක් නැතිව ඇති. පඬියන්ට හා වම්මුන්ට වැදගත් එක ම දේ සිංහල බෞද්ධයනට රටේ හිමි තැන අහිමි කිරීම. ඔවුන් මොනවා කරත්,  ඔවුන් කරන දේකුත් නැහැ, සිංහල බෞද්ධයනට හිමි තැන අහිමි කරන්න බැහැ. ඒ සඳහා සජිත් හරි සුමන්තිරන් හරි සජිත්දාස හරි බලයට පත් කරන්න ඕන. 

මැතිවරණය කවදත් තිබ්බත් ඒක කරන්න පුළුවන් දෙයක් නො වෙයි. තුන් දෙනා ම එකතු වුනත් පඬියන් හා වම්මුන් ද ඔවුන්ට එකතු වුනත් කරන්න පුළුවන් ඉටි ගෙඩියක් නැහැ. රනිල්ට දැන් යන එන මන් නැතිව ඉන්නෙ. ආණ්ඩුව ඔහු හා අකිල එකතු කර ගන්න තරම් මෝඩ නැහැ. රවිට තේරෙනවා ඔවුන් වැටිල ඉන්න තැන. ඔහු ආණ්ඩුවේ එල්ලෙන්න හදනවා. ඒකට සිංහලයන් විශේෂයෙන් සිංහල බෞද්ධයන් කැමති වෙන්නෙ නැහැ.

අප මුහුදු මහා විහාරය විතරක් නො වෙයි, නැගෙනහිර පළාතෙ තියෙන බෞද්ධ සිද්ධස්ථාන සියල්ල ආරක්‍ෂා කර ගන්න ඕන. ඒ සඳහා වැඩ පිළිවෙළක් සකස් කර ගනිමු.